ජනාධිපතිවරණයේ එක්ව තරග කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සමග ඉදිරි දෙන කිහිපයේ දී යම් එකඟත්වයක් ඇතිකර ගැනීමට

නොහැකිවුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එම පක්ෂයේ මහ ලේකම්, නීතිඥ දයාසිරි ජයසේකර ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම කෙරෙහි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ අවධානය යොමුව ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් theleader.lk වෙත වාර්තාවේ.

කෙසේවුවද එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයාට කිසිඳු ආකාරයකින් සහය නොදීමට ද ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් තීන්දු කර ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

තම පක්ෂය, 'පොහොට්ටුව' සමග සිදු කරන සාකච්ඡා අසාර්ථක වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේය.

ශ්‍රීලනිපයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා දැනටමත් එකඟත්වය පළකර ඇත්ත ශ්‍රීලනිප නායකත්වයෙන් ඒ සඳහා මේවනතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත.

 

ශ්‍රීලනිප තීන්දුව 05 දා !

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට  සහය දෙන්නේද නැද්ද ? යන්න සම්බන්ධයෙන් තීරණයකට ඒම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රී (සැප් 30) රැස් වුවද කිසිඳු තීරණයකින් තොරව අවසන් වුයේ, යළි ලබන 5 වෙනිදා රැස්වී අවසන් තීන්දුවක් ගැනීමේ එකඟතාවයෙනි.

ජනාධිපතිවරණයේ එක්ව තරග කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයෝ අවස්ථා කිහිපයකදී මුණගැසී සාකච්ඡා පැවැත්වුහ. කෙසේ නමුත් සාකච්ඡා පැවැත්වෙන අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකගතාවයකින් තොරව ගෝඨාබය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නම් කිරීම සිදුවිය.

ඒ ගැන යම් විරෝධතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මතුකලද පසුව සාකච්ඡා යළි ඇරඹිණි. එහිදී දෙපාර්ශවය අතර ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාබය රාජපක්ෂ ගැන එකඟතාවක් ඇතිවූ නමුත් ඔහු තරග කරන පක්ෂය ගැන එකඟතාවකට ඒමට නොහැකි විය.

මේ අතර 'බීබීසි සිංහල සේවය'ට අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාගැනීමට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම්‍යශීලි විය යුතු බවකි.

"අපි කිසිම කොන්දේසියක් දාලා, අපි කිව්වේ අපේ පාක්ෂිකයන්ට ගිහිල්ල ඡන්දෙ දෙන්න පුළුවන් පොදු ලකුණක් හදා ගමු කියලා. හැබැයි ඒකට එකඟවුනේ නැහැ. එත් අපි කලබල වෙන්න නැහැ. මොකද අද රට ඉල්ලන්නේ එක්සත් ජාතික පක්ෂ විරෝධී ආණ්ඩුවක්" දයාසිරි ජයසේකර කියා සිටියේය.

 

බැසිල්ගෙන් නම්‍යශීලි ප්‍රතිචාරයක්!

Oct 01 Text 3මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (01) ප්‍රකාශ කළේ  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.

දෙපාර්ශවය අතර ලකුණ සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳ අදහස් දක්වමින් 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ මේ බව සඳහන් කළේය.

ඒ, බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ අද (01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ ඉදිරියේදී ලකුණ වෙනස් වෙන්න පුළුවන්ද යනුවෙනි.

ඊට පිළිතුරු දුන් බැසිල් රාජපක්‍ෂ සඳහන් කළේ "ඒක සාකච්ඡාවලදි කෙරෙන්න ඕන එකක්. රට සුරක්ෂිත කර ගැනීමට ගතහැකි ඕනෑම පියවරක් අපි ගන්න සූදානම්." යනුවෙනි.

එහිදී මාධ්‍යවේදීන් යළි ප්‍රශ්න කළේ ශ්‍රීලනිපය සමග සන්ධානගතවීම සඳහා ලකුණත් ඕනෙන්ම වෙනස් කළ හැකිද යන්නයි.

ඊටද පිළිතුරු දෙමින් බැසිල් රාජපක්‍ෂ සඳහන් කළේ "නෑ ඉතින් බැරි දෙයක් නෑ නේ.. පුළුවන් දේවල් කරනවා" යනුවෙනි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්