ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 'පොහොට්ටුවේ' අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට සහය දීමට තීරණය කළහොත් ස්වාධින අපේක්ෂකයකු ලෙස

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම තීරණය කර ඇතයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් theleader.lk වෙත වාර්තාවේ.

ඒ අනුව ඔහු මෙම සති අන්තයේදී ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඇප මුදල් තැම්පත් කිරීමට සුදානමින් සිටින බවද වාර්තාවේ.

කෙසේවුවද ගෝඨාබය රාජපක්ෂ වෙනුවට ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයකු වන චමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම්, ඔහුට සහය දක්වන බව වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කර ඇතයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයෙක් !Oct 02 Text 1

මේ අතර කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා 'බීබීසි සිංහල සේවය'ට පවසා ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාබය රාජපක්ෂට සහය දීමට තීරණය කළහොත් තමන්ට වෙනත් තීරණයක් ගැනීමට සිදුවන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයෙදී ගෝඨාබය රාජපක්ෂට සහය නොදිය යුතු යන මතයේ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතර පිරිසක් සිටින අතර කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා එහි ප්‍රධාන ස්ථානයක් ගනී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව පවසන ඔහු ඒ සඳහා තමන්ද සුදානම් බව කියා සිටියි.

 

අපේක්ෂකයින් සංඛ්‍යාව 17 දක්වා ඉහළට

නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ සඳහා ඊයේ (01) දිනයේදී අපේක්ෂකයින් සිව්දෙනෙක් ඇප මුදල් තැන්පත් කරනු ලැබූ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව ජාතික ජනබල ව්‍යාපාරය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක සිය ඇප මුදල් ඊයේ තැන්පත් කර ඇත. ඊට අමතරව සමන්සිරි හේරත්, සරත් කීර්තිරත්න සහ අනුරුද්ධ පොල්ගම්පල යන අපේක්ෂකයින් ස්වාධීන අපේක්ෂකයින් ලෙස ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට ඇප මුදල් තැන්පත් කරනු ලැබූ බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ජනාධිපතිවරණ සඳහා මේ වන විට අපේක්ෂකයින් 17 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර ඇත. එලෙස ඇප තැන්පතු කරනු ලැබූ අපේක්ෂකයින් අතර 09 දෙනෙක් පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරනු ලබන අතර ඉතිරි අපේක්ෂකයින් 08 දෙනා ස්වාධින අපේක්ෂකයින් වේ.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්