ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාබය රාජපක්‍ෂගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සම දෙවන දිනටත් අද පස්වරුවේ අභියාචනාධිකරණය හමුවේ කැදවූ අතර

එහිදී රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චානක ද සිල්වා කියාසිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වගන්තියේ සදහන් ජනාධිපතිවරයාගේ විධායක බලතල, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමස්තයක් ලෙසට කියවා තේරුම් ගත යුතු බවයි.

ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ 42 වගන්තිය අනුව ජනාධිපතිවරයා සිය ධූරයේ රාජකාරි කිරීමේදී පාර්ලිමේන්තුවට වගකිව යුතු බව ජනාධිපති නීතිඥ චානක ද සිල්වා අභියාචනාධිකරණය හමුවේ පවසා සිටියේය.

 එමෙන්ම විධායක බලතල කැබිනට් මණ්ඩලයක් ඔස්සේ ක්‍රියාත්මක වන බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වගන්තියේ සදහන් වන බවද ඔහු සදහන් කළේය.

පසුගිය වසරේ ඔක්තෝබර් මස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේදී ජනාධිපතිවරයාට ඒ සදහා අසීමිත බලයක් ඇති බවට නීතිපතිවරයා පවසා සිටියත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ජනාධිපතිවරයාට එවැනි බලයක් නොමැති බවට තීන්දු කළ බවද රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චානක ද සිල්වා කියා සිටියේය.

'විධායකයේ ප්‍රධානියා ජනාධිපති' - ජ.නී. රොමේෂ් ද සිල්වා

මේ අතර හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පවසා සිටියේ විධායකයේ ප්‍රධානියා ජනාධිපතිවරයා බවත් එහිදී අමාත්‍යවරුන් පත් කිරීම සහ අමාත්‍යාංශවල කටයුතු කිරීමට බලයක් ඇති බවයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනාධිපතිවරයා ලෙස ඔහු සිය ධූර කාලයේ සිදුකරන ක්‍රියාවන් සදහා මුක්තියක් හිමිවු බවත් ඔහුගේ කටයුත්තක් අධිකරණයේ අභියෝගයට ලක්කළ නොහැකි බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මෙහිදී පවසා සිටියේය.

මෙම රිට් පෙත්සම අභූත චෝදනා මත ගොනු කර ඇති බැවින් මුල් අවස්ථාවේ ම නිෂ්ප්‍රභා කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.Gota text 03.10 1


ගෝඨාබය රාජපක්‍ෂට ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කරන අවස්ථාවේ ඔහු ඇතුළු පුද්ගලයන් 21 ට පුරවැසිභාවය ලබා දී ඇති බවත් ඔවුන්ට එරෙහිව කිසිවෙකු පියවරක් ගෙන නොමැති බවද ගෝඨාබය රාජපක්‍ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අභියාචනාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් සදහන් කළේය.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනිණ. මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ විසින් මෙම පෙත්සම ගොණුකර ඇත.

මෙම පෙත්සම සලකා බැලීම හෙට (04) දක්වා කල් තැබිණ.

අනාවැකි කියන්න බැරි උනත්......

මේ අතර මෙම පෙත්සම් විභාගය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති තිලාන් ජයසේකර මෙසේ සඳහන් කර තිබේ.

''නීතීඥයෙක් නොවෙන හින්දා හෙට අධිකරණයෙන් ලැබෙන තීන්දුව මොකක් වෙයිද කියලා අනාවැකි කියන්න බැරි උනත් පහුගිය අවුරුදු තුනක් විතර කාලේ ගෙවුනෙම පාස්පෝට්, ඩුවල් වගේම වීසා ඇප්ලිකේෂන් අතරේ නිසා එ නඩු කටයුත්තට අදාල නීතිය කොහොමද කියන්න යන්තම් වගේ දැනීමක්, ඉවක් අපිටත් තියනවා.

ලංකාවේ ආගමන විගමන පනතට අනුව ඕනෑම ශ්‍රී ලාංකිකයෙක් මොනයම්ම හෝ විදේශ රටක පුරවැසිභාවය ලබාගත් වහාම ලංකාවේ පුරවැසිභාවය අහෝසි වෙනවා. ලංකාවේ උප්පැන්න සහතිකයක් තිබුනා උනත් ඔහු තවදුරටත් ශ්‍රීලාංකිකයෙක් නෙමෙයි. 

ඒ නිසා එ මොහොතේ පටන් ඔහුට ලංකාවේ පාස්පෝට් එකවත් ID එකවත් කිසිම හේතුවකට භාවිතා කරන්න බෑ. ඒක නීති විරෝධියි. ඒ දෙකම අවලංගු වෙනවා. ඒ වගේම ලංකාවේ දී ඡන්දය පාවිච්චි කරන්න, දේපළ මිලදී ගන්න වගේ කිසිම දෙයක් කරන්නත් බෑ.

Gota text 03.10 .2ඊළඟ කාරණාව තමා එතනින් එහාට එහෙම පුද්ගලයෙක් ලංකාවට එද්දි අනිවාර්‍යයෙන්ම වීසා අයදුම් කරන්න ඕනි. විදේශීය ගමන් බලපත්‍රයකින් ලංකාවට ඇතුලු වෙන ඕනෑම කෙනෙක්ට ලංකාවේ වලංගු වීසා බලපත්‍රයක් තියෙන්න ඕනි. 

යම් පුද්ගලයෙක් ලංකාවට ඇතුලු වෙන්නේ සංචාරක වීසා හෙවත් 'ටුවරිස් වීසා' එකකින් නම් ලංකාවේ සංචාරය කිරීම හා නෑ හිතමිතුරන් මූන ගැසීම හැරෙන්න කිසිදු ආකාරයේ ව්‍යාපාරික කටයුත්තක නිරත වෙන්න, රැකියාවක් කරන්න, වෙලඳාම් කරන්න හෝ විශේෂයෙන්ම දේශපාලන කටයුතු කරන්න නීතියෙන් තහනම්.

 යම් පුද්ගලයෙක්ට වීසා ලබා දෙන අවස්ථාවේ දීම ඒක බොහොම පැහදිලිව දැනුම් දෙනවා. සංචාරක වීසා මත රටට ඇතුලුවෙන කෙනෙක් ව්‍යාපාරයක හෝ දේශපාලන කටයුත්තක නිරත වේ නම් එය දඬුවම් ලැබිය හැකි වරදක්.

ඊළඟ කාරණාව තමා වෙනත් රටක පුරවැසිභාවය ගැනීම නිසා ලංකාවේ පුරවැසිභාවය අහිමි වූ කෙනකුට නැවත පුරවැසිභාවය ලබාගැනීමට තමයි 'ඩුවල්' හෙවත් ද්විත්ව පුරවැසිභාවය තියෙන්නේ. 'ඩුවල්' කියන්නේ පාස්පොට් එක අරන් ගිහින් ඕවද කවන්ටර් අරන් එන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගෙම හැමකෙනෙකුටම ගන්න පුළුවන් දේකුත් නෙමෙයි. 

ලංකාවේ පුරවැසිකම අතඇරපු කෙනෙකුට නැවත පුරවැසිකම දෙනවා කියන්නේ ඒ සඳහා සුදුසුකම් සපුරන අයගෙන් නිවැරදි තොරතුරු හා ලියකියවිලි සපයන පුද්ගලයන් බලලා තෝරාගෙන ඊට අදාළ ගෙවීම් කරාට පසුව විෂයභාර අමාත්‍යවරයාගේ හා අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්සන් සහිතව නිකුත් කරන සහතිකයක් මගින් පිරිනැමෙන්නක්. 

එහෙම විධිමත් ලෙස ද්විත්ව පුරවැසිභාවය ලද කෙනෙක්ට පාර්ලිමේන්තුවට තේරීපත්වීම හැරෙන්නට ශ්‍රි ලාංකිකයෙක් සතූ සියළු අයිතීන් නැවත හිමිවෙනවා. ඒ වගේම ඔහු අළුත් පාස්පෝට් එකක් සහ ID එකක් අයදුම්කල යුතු වෙනවා.

අන්තිම කාරණාව යම් පුද්ගලයෙක් ලංකාවේ පාස්පෝට් එකක් හරි,  ID එක හරි, ඩුවල් හරි ඇප්ලයි කරද්දි විස්තරාත්මක ඇප්ලිකේෂන එකක් පුරවන්න වෙනවා. එකෙදි විශේෂයෙන්ම ඔහුගේ හෝ ඇයගේ විදේශ පුරවැසිභාවයන් ගැන විස්තර පැහැදිලිව අහනවා. 

ඊළඟට ඇප්ලිකේෂන් එක පුරවලා එහි අඩංගු සියළු තොරතුරු දැනීමේ හැටියට නිවරදි බවට ඔහු එහි අත්සන් කරනවා. ඒක සාමාන්‍ය අත්සනක් නෙමෙයි. සාමවිනිසුරු කෙනෙක්, නීතිඥයෙක් හෝ බලයලත් නිළධාරියෙක් ඉදිරිපිට කරන දියුරුම් පෙත්සමක්. ඒ කියන්නේ අයදුම්කරු ඇප්ලිකේෂන් එකේ කොතනදි හරි ව්‍යාජ තොරතුරු සපයලා තියනවා නම් ඔහුව නීතිය ඉදිරියේ වරදකරුවෙක් කරන්න පුළුවන්.  Gota text 03.10 .2


කොහොම උනත් මේ ලංකාවේ උඹලට අපිට බලපාන සාමාන්‍ය නීතිය. රාජපක්ෂලා හිතනවා නම් ඔවුන් නීතියට උඩින් කියලා ඒක හෙට උසාවියේද් කොහොම නිර්වචනය වෙයිද දන්නේ නෑ. හැබැයි කොහොම විසඳුනත් ඒ වෙනුවෙන් හුරේ දාන එකෙකුටවත් මේ නීතිය වෙනස් විදියකට බලපාන්නේ නෑ. 

රටක නීතිය රටේ දේශපාළඥයෝ නිසාවත්, රණවිරුවෝ නිසාවත්, ඩොක්ටස්ලා නිසාවත්, හාමුදුරුවරු නිසාවත්, රාජ්‍ය සේවකයෝ නිසාවත් එක එක ආකාරයට බලපාන්න බෑ. රාජපක්ෂවරුන්ටත් රාජපක්ෂවරු නොවන අනෙක් සියළුම NGOකාරයොන්ටත් එකම විදියට තමයි බලපාන්න ඕනි. අපි හෙට වෙනකම් බලන් ඉමු.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්