මහින්ද රාජපක්ෂ 2005 නොවැම්බර් 19 වැනිදා විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමත් සමග,

එතෙක් පැවති අමාත්‍ය මණ්ඩලය (අගමැති ප්‍රමුඛ) අහෝසි වන්නේ නම්, ගෝඨාභය රාජපක්ෂට ද්විත්ව පුරවැසිභාවය ලැබෙන සහතිකයට නොවැම්බර් 21 දා අත්සන් තැබීමට, අමාත්‍යවරයෙකු ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට නීතිමය බලයක් ඇතැයි අධිකරණ අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රකාශ කරයි.

Oct 04 Text 3එහෙත් එසේ එතෙක් පැවති අමාත්‍ය මණ්ඩලය අහෝසි වන්නේද යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහනක් නොමැති බව පැවසූ ඔහු, වැඩිදුරටත් කියා සිටියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිධූරයට පත්වන්නේ ඊට පෙර අමාත්‍ය මණ්ඩලයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී බවයි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපතිධූරයට පත්වී නව අමාත්‍ය මණ්ඩලය පත්කරන 2005 නොවැම්බර් 23 වන දා දක්වා කාලය තුළ එතෙක් පැවති අමාත්‍ය මණ්ඩලය ක්‍රියාත්මක වන්නේ නම්, මෙවැනි ද්විත්ව පුරවැසිභාවය ලබා දීමේ සහතිකයකට අත්සන් තැබිය හැක්කේ පැවති අමාත්‍ය මණ්ඩලයේ අදාළ විෂයභාර අමාත්‍යවයාට පමණක් බවද ආචාර්ය නිහාල් ජයවික්‍රම පෙන්වා දුන්නේය.

වෙනත් රටක පුරවැසියෙකුට මෙරට පුරවැසිභාවයද ලබා ගැනීම කාලයක් ගතවන දුෂ්කර ක්‍රියාවලියක් බවද එම නිසා එවකට ඇමෙරිකානු පුරවැසියෙකු වූ ගෝඨාභය රාජපක්ෂ ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමේ සිය ඉල්ලුම් පත්‍රය 2005 නොවැම්බර් 18 ‌හෝ 19 ඉදිරිපත් කර ඊට අදාළ සහතිකය 21 වන දා වන විට ලබා ගැනීම සැක සහිත කටයුත්තක් වීම වැළැක්විය නොහැකි බවද ඔහු සඳහන් කළේය.

19 වන සංශෝධනයට පෙර විධායක ජනාධිපතිවරයාට, ඕනෑම අමාත්‍යධූරයක් දැරිය හැකි නිසා අග්‍රාමාත්‍යධූරය හෝ දැරීමට බාධාවක් තිබිය නොහැකි යැයි පැවසූ ඔහු එවැනි තත්වයකදී නව ජනාධිපතිවරයෙක් දිවුරුම් දුන් පසු එතෙක් පැවති අමාත්‍ය මණ්ඩලය වලංගු වන්නේ යන තර්කය මතු වන්නේ නම් එම ප්‍රශ්නය ව්‍යවස්ථා අර්ථ නිරූපණයකින් විසඳාගත යුතු බවද කීය.

පැවති අමාත්‍ය මණ්ඩලය වලංගුද නැද්ද යන ප්‍රශ්නය එවිට අභියාචනාධිකරණයට විසඳිය නොහැකි අතර ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සිදුවන බවද පැවසීය.

(රාවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්