'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් පිළිගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඒකමතිකව තීරණය කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ නඩු විභාගය පැවැත්විණ.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමඟම අධිකරණ ශාලාව තුළ සිටි කිසියම් පිරිසක් අත්පොලසන් නගා ප්‍රීතිඝෝෂා කළහ.

එය තරයේ හෙළා දකින බව සඳහන් කළ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, මෙම ක්‍රියාවට කිසියම් නීතිඥවරයෙකු සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය වුවහොත් ඔහුට එරෙහිව පියවර ගන්නා ලෙස දැනුම් දෙන බවය.

මෙහිදී ගෝඨාබය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අදහස් දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් සමාව අයැද සිටින අතර එය සිදු නොවිය යුතු සිද්ධියක් බව සඳහන් කළේය. 

මෙම පෙත්සම සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන අය විසින් ගොනු කර තිබිණ.

71755674 10221014610740817 5995563114429415424 n                                            ගෝඨාබයගේ නීතිඥ කණ්ඩායම ......
 

(උපුටා ගැනීම් - බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්