ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ ඊයේ (04)  මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී ඇප මුදල් තැන්පත් කර ඇත්තේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ දැනුම්දීම මතය.

ඒ අනුව 'ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය' නමින් ස්වාධින අපේක්ෂකයකු ලෙස ඔහු වෙනුවෙන් ඇප මුදල් තැම්පත් කරනු ලැබුවේ රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියකු වන නීතිඥ සුමිත් විජේසිංහය. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලේකම් ලෙස ඔහු එම ඇප මුදල් තැම්පත්කර ඇත.

මෙසේ චමල් රාජපක්ෂ වෙත ඇප මුදල් තැම්පත් කරන්නැයි විපක්ෂනයකවරයා දැනුම් දී ඇත්තේ, ගෝඨාබය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් පිළිගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් ගෝඨාබයට අවාසිදායක තීන්දුවක් දීමට බොහෝදුරට ඉඩ ඇතැයි 'පොහොට්ටුවේ' ජ්‍යෙෂ්ඨ නීතිඥයින් විපක්ෂ නායකයා හමුවී කර තිබු පැහැදිලි කිරීම් හමුවේය.

ගෝඨාබය, මහින්දගෙන් කළ ඉල්ලීම !

කෙසේවුවද, තමාට වාසිදායක නඩු තීන්දුවක් ලැබෙන බවට සිය නීතිඥ මණ්ඩලය දැනුම් දී ඇති බව විපක්ෂ නායකයා වෙත කිහිප වරක්ම පවසා ඇති ගෝඨාබය රාජපක්ෂ, ඊයේ දහවල් ද යලිත් එම කාරණය අවධානය කර ඇත්තේ, එහෙයින් වෙනත් කිසිඳු අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන්නැයි ද ඉල්ලා සිටිමිනි.

ගෝඨාබයගේ 'වියත්මඟ' ප්‍රබලයින් කිහිප දෙනෙකු ද විපක්ෂ නායකවරයාගේ පවුලේ සාමාජිකයින් වරින් වර හමුවෙමින් විකල්ප අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන්නැයි බලපෑම් කර ඇත.

එම බලපෑම් හමුවේ විපක්ෂ නායකවරයා දැඩි ලෙස පවසා ඇත්තේ මේ මොහොතේදී අවධානමක් ගත නොහැකි බවයි.  කෙසේවුවද ගෝඨාබය සම්බන්ධ නඩු තීන්දුව සලකා බලා චමල් රාජපක්ෂ වෙනුවෙන් ඇප තැම්පත් කිරීම ඉරිදා දිනයට යොදා ගැනීමට විපක්ෂ නායකවරයා එකඟ වී තිබේ.

 

මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයා?

එහෙත්, ඊයේ දහවල් විපක්ෂ නායකවරයාගේ නියෝජිතයකුට දුරකථන ඇමතුමක් ලබාදී ඇති මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධානියකු, චමල් රාජපක්ෂ වෙනුවෙන් වහාම ඇප මුදල් තැම්පත් කිරීමට කටයුතු කරන්නැයි දැනුම් දී ඇත. 

ඒ සෙනසුරාදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශකර තිබීමත්, ඉරිදා දින දහවල් දක්වා ඇප තැම්පත් කල හැකිවුවත් එදින රජයේ නිවාඩු දිනයක් යයි කියමින් ඇතැමුන් විරෝධයක් දැක්විය හැකි බවත් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියා පැහැදිලි කර තිබේ.

චමල් රාජපක්ෂ ඊයේ දිනයේම ඇප මුදල් තැම්පත් කරනු ලැබ ඇත්තේ ඒ අනුවය.

කෙසේවුවද චමල් රාජපක්ෂ විකල්ප අපේක්ෂයකයා ලෙස ඉදිරිපත් කිරීමේ පුර්ව සුදානමක් තිබී ඇතිබව ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. විමල් විරවංශ මන්ත්‍රීවරයා විසින් පවත්වාගෙන යන 'ලංකා සී නිව්ස්' පසුගිය 01 අඟහරුවාදා පෙරවරුවේ ''චමල් රාජපක්‍ෂ ජනාධිපතිරවණයට නාම යෝජනා දීම ස්ථිරයි…'' යනුවෙන් විශේෂ පුවතක් වාර්තා කර තිබිණ.

සබැඳි පුවත් :
විකල්ප අපේක්ෂකයා චමල් :ස්වාධීනව ඇප මුදල් තැම්පත් කිරීමට යයි!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්