ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අවසන් තීරණයක් ගැනීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරීමට

පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කල බවත්, එම තීන්දුව හෙට පෙරවරු 11.00ට දැනුම් දෙන බවත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා theleader.lk වෙත පැවසිය.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය පිළිබඳව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක  රැස්වීම අද (05) පස්වරුවේ ආරම්භවූ අතර එය නිමාවට පත්වුයේ රාත්‍රී 10.30ට පමණය.

එහිදී 'පොහොට්ටු' පක්ෂයේ අපේක්ෂක ගෝඨාබයට සහයදිය යුතු බවට සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර ඇතුළු ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ බහුතරයක් සාමාජිකයින් අදහස් දක්වා ඇතැයි වාර්තාවේ.

 

ශ්‍රීලනිප සහය 'පොහොට්ටුවට ! - ඩලස් කියයි

මේ අතර ජනාධිපතිවරයා හා ගෝඨාබය රාජපක්ෂ අතර අද (05) පස්වරුවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ජාවේදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකර ගත් බවත්, ඒ අනුව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ සමග හා පොහොට්ටු පක්ෂය සමග වෙන වෙනම අවබෝධතා ගිවිසුම් දෙකක් අත්සන් කිරීමට නියමිතව ඇති බවත්  'පොහොට්ටුවේ' අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එම සාකච්ජාවට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ හා 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මෙන්ම, ශ්‍රීලනිපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද සහභාගී වී ඇතැයි ද පැවසේ.

ඔක්තෝම්බර් මස 09දා එම ගිවිසුම් අත්සන් කරන බව ගෝඨාබය රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශකයකු වන ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා එම සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත පවසා තිබිණ.

 

එජාපය සමග එක් නොවන බව ශ්‍රීලනිපය කියයි

ඉදිරියේ පැවැත්වෙන කිසිදු මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයට සහාය ලබා නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකුම අද (05) ප්‍රකාශ කළේය. ඒ, ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවති ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුලුව අමතමිනි.

 සමුළුව ඇමතූ පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙසේ පැවසිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු වන නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා ද මෙම සමුළුව අමතමින් මෙසේ සඳහන් කළේය.

සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මෙහිදී මෙසේ අදහස් දැක්විය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්