ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ගේ මූලිකත්වයෙන් යුතුව විද්වතුන්, වෘත්තීයවේදීන් හා සිවිල් ක්‍රියාකාරියන්ගේ එකතුවකින් සැදුම්ලත් 'ප්‍රතිසංස්කරණ සඳහා ජනතා ව්‍යාපාරය' අද (16) දිනයේ 'ආර්ථික

අභියෝග හා දේශපාලන ප්‍රතිසංස්කරණ' යන මැයෙන් එක් දින වැඩමුළුවක් සංවිධානය කර ඇත.

මෙම වැඩමුළුව ආරාධිත විද්වතුන් සඳහා පමණක් සීමා වන අතර එය උදෑසන 9 සිට පස්වරු 4 දක්වා පැවැත්වේ.

රට තුළ උද්ගතව ඇති ආර්ථික දේශපාලන, සමාජීය අර්බූදය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව වැඩි අවධානය යොමුවනු ඇත.

අනතුරුව අද සවස 4.30 ට මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.


ප්‍රතිසංස්කරණ සඳහා ජනතා ව්‍යාපාරය මාධ්‍ය සාකච්ඡාව

දිනය : සඳුදා (16) සවස 4.30 ට

පැවැත්වෙන ස්ථානය :
ලයිට් ඔෆ් ආසියා සෙන්ටර්
නොම්බර 634, සාම මාවත,
පැලවත්ත
10120

වැඩි විස්තර සඳහා :
077 660 0231 - නදී වාසලමුදලිආරච්චි
077 780 9195 - ජූඩ් ප්‍රනාන්දු

ගූගල් මැප් ලින්ක් සඳහා : https://goo.gl/maps/WfJkbMUCVe5aB4CU8

 Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්