මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු විදේශ අමාත්‍යවරයකු මෙන්ම යහපාලන ආණ්ඩුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයකු ලෙස කටයුතු කළ රෝහිත බෝගොල්ලාගම එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට සහයදීමට එක්ව තිබේ.


පසුගියදා සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති එක්සත් ජාතික පක්ෂ සමුළුවේදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාව ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් අනතුරුව ඔහු කෝට්ටේ රජමහ විහාරයට ගොස් ආගමික වැඩසටහනකට එක්වූ අතර ඔහුව උණුසුම් අන්දමින් පිළිගනු ලැබුවේ එම විහාරස්ථානයේ ගිහි අනුශාසකවරයකු වන රෝහිත බෝගොල්ලාගම විසිනි.

මෙහිදී යළි එක්සත් ජාතික පක්ෂයට එක්ව තමාට සහය දක්වන ලෙස සජිත් ප්‍රේමදාස කළ ඉල්ලීම සම්බන්ධයෙන් රෝහිත බෝගොල්ලාගම ගෙන් ඉතා යහපත් ප්‍රතිචාරයක් පළවූ බව එජාප සන්නිවේදන අංශය පවසයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්