නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට 


තීන්දු කර ඇත්තේ, පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ බලවත් ඉල්ලීම මත බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් 'theleader.lk' වෙත වාර්තාවේ.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ලැබීමට නියමිත නැගෙනහිර මුස්ලිම් ජනතාවගේ ඡන්ද හිස්බුල්ලා ලවා යම් පමණකින් හෝ කැඩීම බැසිල් රාජපක්ෂගේ අරමුණ වී ඇතැයි ද පැවසේ.

බැසිල් රාජපක්ෂ විසින් හිස්බුල්ලා සමග නැගෙනහිර පළාතේ මැතිවරණ කටයුතු මෙහෙයවීම 'ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින 'ඩමී' අපේක්ෂකයකු වන ජවිපෙ හිටපු මන්ත්‍රී සිරිපාල අමරසිංහ වෙත පවරා ඇතැයි ද ඉහත ආරංචිමාර්ග පවසයි. 

theleader.lkවෙත වාර්තාවන පරිදි බැසිල් රාජපක්ෂ විසින් හිස්බුල්ලාව මෙවැනි පියවරකට එකඟ කරවාගෙන ඇත්තේ,  ඔහු විසින් ඉඳිකරමින් පවතින නැගෙනහිර පෞද්ගලික විශ්ව විද්‍යාලයට ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති වූ වහාම අනුමැතිය ලබා දෙන බවට පොරොන්දු වෙමිනි.

කෙසේවුවද මෙම සරසවියට එරෙහිව දැඩි විරෝධයක් එල්ල කළ පුජ්‍ය අතුරලියේ රතන හිමියන් මේවනවිට ගෝඨාබය රාජපක්ෂය සහය දැක්වීමට ඉදිරිපත්ව සිටියි.

සබැඳි පුවත් :
අන්තවාදී රතන හිමිගේ සහයත් ගෝඨාබයට !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image