නොවැම්බර් මස 16 වන දින පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 8 වන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු තරග වැදීමට නියමිතය.



සදුදා (ඔක්: 07) උදෑසන රාජගිරිය මැතිවරණ කොමිසම් කාර්යාල පරිශ්‍රයේදී ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම සිදුවූ අතර එහිදී තරගකරුවන් 35 දෙනෙක් නාම යෝජනා භාර දුන්හ.

ඉරිදා (ඔක්: 06) දිනය වන විට ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට අපේක්ෂකයන් 41 දෙනෙකු ඇප මුදල් බැඳ තිබූ නමුත් ඔවුන්ගෙන් 6 දෙනෙකු සදහා නාම යෝජනා භාරදීම සිදු නොවිණි.


වෙල්ගම සහ චමල් මඟ හරි !

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ චමල් රාජපක්ෂ එලෙස නාම යෝජනා ලබා නොදුන් 6 දෙනා අතර වෙති.

ඉදිරිපත් වූ නාම යෝජනා සඳහා විරෝධතා දෙකක් ඉදිරිපත්ව තිබූ අතර ඒ දෙක ම ප්‍රතික්ෂේප විය.

 නාම යෝජනා ලබා දුන් අපේක්ෂකයන්ට අනුව මෙවර ජනාධිපතිවරණය ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ ජනාධිපතිවරයෙකු, අගමැතිවරයෙකු හෝ විපක්ෂ නායකවරයෙකු තරග නොකරන පළමු ජනාධිපතිවරණය බවට පත්වේ.

ජනාධිපතිවරණය සදහා ආණ්ඩු බලය හිමි එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් තරග වදින අමාත්‍ය සජිත් ප්‍රේමදාස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ  නාම යෝජනා ලබා දීම සිදුකළේය.

කොළඹ අලුත්කඩේ පිහිටි තම පියාවන දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරව සජිත් ප්‍රේමදාස නාම යෝජනා ලබාදීම සඳහා පැමිණ තිබිණි.
nomynation


ප්‍රධාන විපක්ෂයේ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාම යෝජනා ලබා දුන් අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ හිටපු කතානායක චමල් රාජපක්ෂ ද එම අවස්ථාවට එක්ව සිටියහ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගය ව්‍යාපාරය වෙනුවෙන් නාම යෝජනා ලබා දුන්නේය.


2019 ජනාධිපතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයන් මෙසේය.

01. සමරවීර වීරවන්නි

02. ජයන්ත කැටගොඩ

03. සිරිතුංග ජයසූරිය

04. බත්තරමුල්ලේ සීලරතන හිමි

05. ආචාර්ය අජන්තා පෙරේරා

06. සමන්සිරි හේරත්

07. ඒ.එස්.පි. ලියනගේ

08. එම්.කේ. සිවාජිලිංගම්

09. සමන් ප්‍රසන්න පෙරේරා

10. සිරිපාල අමරසිංහ

11. බද්දෙගමගේ නන්දිමිත්‍ර

12. සරත් කීර්තිරත්න

13. අශෝක වඩිගමංගාව

14. දුමින්ද නාගමුව

15. අජන්ත ද සොයිසා

16. චමින්ද අනුරුද්ධ

17. මිල්රෝයි ප්‍රනාන්දු

18. මොහමඩ් හසන් අලෙවි

19. රොහාන් පල්ලෙවත්ත

20. නාමල් රාජපක්ෂ

21. අපරැක්කේ පුණ්‍යානන්ද හිමි

22. වජිරපානි විජේසිරිවර්ධන

23. අනුර කුමාර දිසානායක

24. අරුණ ද සොයිසා

25. එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා

26. ඉල්ලියාස් මොහොමඩ්

27. පියසිරි විජේනායක

28. මහාචාර්ය රජීව විජේසිංහ

29. සරත් මනමේන්ද්‍ර

30. සුබ්‍රමනියම් ගුණරත්නම්

31. සජිත් ප්‍රේමදාස

32. මහේෂ් සේනානායක

33. ගෝඨාභය රාජපක්ෂ

34. ප්‍රියන්ත එදිරිසිංහ

35. ආරියවංශ දිසානායක


නාගානන්දගේ සහය අනුර කුමාරට nagananda

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසූ නාගානන්ද කොඩිතුවක්කු, මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර ඇති අතර ඒ අනුව ඔහු ජාතික ජන බලවේගයේ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට සහය පළකරන බව කියා සිටියි.

(මුලාශ්‍රය - බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්