මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට සහය දීමට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කළ බව එම පක්ෂයේ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා අද (ඔක්: 09) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය.

ගෝඨාබය රාජපක්ෂගේ ජයග්‍රහණයට උපකාර කිරීම පොහොට්ටු පක්ෂයකට බැදීමක් නොවන බව ද ඔහු පැවසීය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වූහ.

Oct 09 Text 1"අපට නිහඩව ඉන්න පුළුවන්කමක් නෑ මෙවැනි ජාතික මැතිවරණයකදී. රට අගාධයට ගිහිල්ලා තියෙන අවස්ථාවකදී රට අගාධයෙන් බේරා ගැනීම සදහා අපි ජනමතය සමග ගමන් කරන්නට ඕන. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආශීර්වාදය සහිතව අපි තීන්දු කළා, ගෝඨාබය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණයට උපකාර කරන්න ඕන කියලා. නැත්නම් පක්ෂයකට බැදීමක් නෙවේ,"  නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා කියා සිටියේය.


නිමල් සිරිපාල ද සිල්වා එහිදී පැවසුවේ, "ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාබය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් බොක්කෙන් ම වැඩ කරනවා," යනුවෙනි.

ඔහු සදහන් කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ගෝඨාබය රාජපක්ෂ සමග අවබෝධතා ගිවිසුම් දෙකක් ඇති කර ගැනීමෙන් අනතුරුව ඔහුට සහය දීමට තීරණය කළ බවය.


ප්‍රතිපත්ති මාලාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාබය රජපක්ෂට ලබා දීම සදහා එකග වී ඇති ප්‍රධාන ප්‍රතිපත්තිමය කරුණු මෙසේය.

    # ජාතික ආරක්ෂාව තහවුරු කිරීම

    # බුද්ධාගමට පළමු තැන ලබා දීම

    # සුළු ජාතීන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම

    # ආර්ථිකය නගා සිටුවීම

    # යහපාලනය තහවුරු කිරීම

    # මත්ද්‍රව්‍ය භාවිතය අඩු කිරීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම

    # වන සංරක්ෂණය

    # අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකුට සීමා කිරීම

    # විද්‍යාත්මක පදනමක් මත අමාත්‍ය මණ්ඩලය සකස් කිරීම


ඉදිරියේදී සිදු වන වෙනස්කම්:


ජනාධිපතිවරණයේදී ඡන්ද ලකුණ වෙනස් කර ගැනීමට නොහැකි වුව ද ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව තරග කිරීමට එකගතා ඇති කර ගත් බව ද නිමල් සිරිපාල ද සිල්වා මෙහිදී සදහන් කළේය.

ඒ අනුව, එම පක්ෂ දෙක එක්ව ගොඩ නගන සන්ධානය 'ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය' ලෙස නම් කිරීමටත් ඡන්ද ලකුණ ලෙස 'පුටුව' භාවිත කිරීමටත් එකග වී ඇතැයි ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් සන්ධානය මීට පෙර දිගින් දිගට ම ප්‍රකාශ කළේ, 'පොහොට්ටුව' ඡන්ද ලකුණ යටතේ ඉදිරිපත් වුවහොත් ගෝඨාභය රාජපක්ෂට සහය නොදෙන බවය.

MS Twite
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පැවසුවේ, "අපේ පාක්ෂිකයන්ට කියන්න කැමතියි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාටවත් පාවාදෙන්න අපි සූදානම් නෑ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ප්‍රගතිශීලී බලවේගත් එක්ක එක මාර්ගයක යනවා," යනුවෙනි.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉවත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළවී තිබුණු අතර එම වාර්තා අසත්‍ය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ට්විටර් පණිවුඩයක් පළ කර තිබිණි.
slfp twite

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිචාරය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සිංහල සේවයට අදහස් පළ කළේය.

keheliya Rkඔහු පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනා සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොමැති බවය.

ඉදිරි මැතිවරණවලදී සන්ධානගත වීම සහ ඡන්ද ලකුණ පිළිබදව විමසූ අවස්ථාවේ ඔහු සදහන් කළේ, "ඒවා මේ ඡන්දෙට අදාළ නැහැ. ඊළග මැතිවරණවලදී අපි ඒවා සාකච්ඡා කරළා එකගතාවකට එනවා. ඒ වගේ ම ඉදිරි මහ මැතිවරණයේදී නාම යෝජනා ප්‍රතිශතය ගැනත් ඔවුන් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගැන කතා කරලා එකගත්වයකට එන්න පුළුවන්."

කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සිංහල සේවය පැවසුවේ, ඉදිරි මහ මැතිවරණයේදී නාම යෝජනාවලින් 51%ක ප්‍රතිශතයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි විය යුතු බවට සිය පක්ෂය තීරණය කර ඇති බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉල්ලා ඇති නාම යෝජනා ප්‍රතිශතය 30%කි.

"අපිත් එක්ක පක්ෂ 17ක් ඉන්නවා. නාම යෝජනා ලබා දීමේදී ඔවුන් එක්කත් සාකච්ඡා කරන්න වෙනවා. කොහොම වුණත් මේ තියෙන තත්ත්වය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම් අපට ගැටලුවක් වෙන්නේ නෑ," පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.


නැවතත් 2015 තැනටම :


ගෝඨාබයගේ ජයග්‍රහණය වෙනුවෙන් තීරණාත්මක වන්නේ ශ්‍රීලනිපයේ තීන්දුව යැයි ශ්‍රීලනිප කණ්ඩායම අද (09) පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ ය.

නමුත් 2015 දී ගෝඨාබයට වඩා ජනප්‍රිය චරිතයක් වූ, එවක විධායක ජනාධිපති ද වූ, මහින්ද රාජපක්ෂ පරාජය වූනේ ශ්‍රීලනිපය සහ පොහොට්ටුව ඇතුළු අද ඔවුන් සමග සිටින සියලු දෙනා එකට සිටියදීය.


(උපුටා ගැනීම් - බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්