'ශ්‍රීලනිප සංවිධායකයින්ගෙන් 90% කට වඩා වැඩි පිරිසක් විරුද්ධ බව ප්‍රකාශ කර තිබියදී,

ඔබ ගෝටාට සහාය දීමට තීරණය කරන්නේ කෙසේද?' යි ප්‍රශ්න කරමින්, 'ඔබේ පෞද්ගලික අවශ්‍යතාවයට පමණක් සීමා නොවී අපගේ වටිනා පක්ෂය විනාශ කිරීමට ඉඩ නොදෙන්නැ'යි ඉල්ලා ශ්‍රීලනිප හිටපු නායිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, දයාසිරි ජයසේකර ශ්‍රීලනිප ‌ලේකම්ට දැනුම්දීමක් කර  තිබේ.

ඉංගිරිසියෙන් යවන ලද එම දැනුම්දීමේ සටහනේ සිංහල පරිවර්තනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

හිතවත් දයාසිරි,

අපගේ සංවිධායකයින්ගෙන් 90% කට වඩා වැඩි පිරිසක් තමන් ‌පොහොට්ටුව සමග ‌එක්වීමකට විරුද්ධ බව ප්‍රකාශ කර ඇති විට, ඔබ ගෝටාට සහාය දීමට තීරණය කරන්නේ කෙසේද? මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලුමනින්ම පාවාදීමකි.

පක්ෂයේ සභාපති ධූරය අතහැර දැමීමට තමා කැමති බව මෛත්‍රි පවසා තිබේ නම්, සභාපති ධූරය භාර ගැනීමට සහ පක්ෂය නැවත ගොඩනැංවීම සඳහා අපි ඔබට සහාය දෙන්නෙමු.

අපේ පක්ෂය දුර්වල වූයේ අප එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් පක්ෂ සමඟ සන්ධානයට සම්බන්ධ වූ නිසා නොවේ. අපේ නායකයාට සන්ධානයට නායකත්වය දීමට ශක්තියක් හා දැක්මක් නොතිබූ නිසාත්, රාජපක්ෂලාගේ කුමන්ත්‍රණ වලට රැවටීමත්, යහපත විනාශ කර පක්ෂය අවුල් කිරීමත් ඊට හේතු විය.

මෛත්‍රිට ආණ්ඩුවේ බලය පාවිච්චි කිරීමේ දක්ෂතාවයක් තිබුනේ නම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනඟා නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ දී රාජපක්ෂලාගේ මිනීමැරුම් සහ මංකොල්ලකෑම්වලට එරෙහිව පියවර ගත්තේ නම්, රට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට ඉතා ශක්තිමත් වනු ඇත.

එබැවින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩාත්ම ආදරය කරන හා දන්නා පුද්ගලයා ලෙස මම ඔබට ආයාචනා කරමි. ඔබේ පෞද්ගලික අවශ්‍යතාවයට පමණක් සීමා නොවී අපගේ වටිනා පක්ෂය විනාශ කිරීමට ඉඩ නොදෙන්න.

(චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග)

ඉංගිරිසියෙන් යවන ලද පණිවිඩය

Dear Dayasiri

How can you decide to support Gota,when over 90% of our Organisers have stated they are against it ?
This is a total betrayal of the SLFP.

If Maitri has said he wishes to give up the Presidency of the Party,we will support you to take up the Presidency and dtatt to rebuild Party.

Our Party was weakened not because we joined the Alliance with UNP AND OTHER Parties, BUT because our leader didn’t have the strength and the vision to lead the coalition ,and also got fooled by the Rajapakse conspiracy and destroyed the good and messed up the Party.

If Maitri had the skill to use the power of the government and built the SLFP and let the Law function properly and took action against the Rajapakse ‘s for their murders and robbery - the country and SLFP would be very strong by now .

So I appeal to you,as the person who loves and knows the SLFP the best,not to thonk only of your oersonal interest and allow our precious Party to be  destroyed.

C B K

 
(උපුටා ගැනීම - ලංකා ඊ නිව්ස්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්