ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශකර දැමු රාජපක්ෂ පවුලට කිසිඳු ආකාරයකින් සහය දැක්විය නොහැකි බව 'ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය' අවධාරණය කර සිටියි.
එම සංවිධානය විසින් ඊයේ (10) බොරැල්ල, එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී සංවිධානය කර තිබු මාධ්‍ය හමුවේදී කෑගල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධායක බණ්ඩාර අතුකෝරළ එබව සඳහන් කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසිය.
'' අද අපි අවුරුදු 68 ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන ඉතිහාසයේ ඉතාමත්ම තීරණාත්මක කඩමට ඇවිල්ලා තියෙන මොහොත. ඒ කඩඉම තමයි 2015 ජනවාරි මාසයේ 08 වැනිදා පවත්වපු ඒ ජනාධිපතිවරණයට පස්සේ ඒ ජනාධිපතිවරණයෙන් මේ රටේ හැටදෙලක්ෂයක ජනවරමින් පරාද කරපු මහින්ද රාජපක්ෂ ඇතුළු නඩය ගෙදර ගිහිල්ලා නිකන් හිටියේ නැහැ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරීමේකුමන්ත්රණය ආරම්භ කරා, රාජපක්ෂ මහත්තයා ජනේලේ එල්ලිලා.
ඒ ආරම්භ කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කර හැරීමේ කුමන්ත්‍රණය දවසින් දවස දවසින් දවස වර්ධනය වෙලා ඇවිල්ලා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 87 ක් වූ මන්ත්‍රී සංඛ්‍යාව 17 ට බහින තැනට පරිවර්ථනය වෙලා තියනවා. මේ සිරිසේන ජනාධිපතිගේ ආණ්ඩුවේ එතුමාගේ සභාපතිත්වය යටතේ.
පක්ෂය පවා දුන් තුන් කට්ටුව !
ඒ නිසා අද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මේ තුන් කට්ටුව එකතුවෙලා අනෙකුත් පිරිවර දමාගෙන පක්ෂයේ අවසාන මන්ත්‍රීවරු 17 දෙනත් අද පදනම් ආයතනය ඇතුලේ පොහොට්ටුවට ලියලා දීල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවසන් ගමන් යන තත්වයට පරිවර්ථනය කරා.
ඒ නිසා අද අවුරුදු 68 ක් තුළ මේ රටේ තමුන්ගේ කාලය ධනය ශ්‍රමය, දහඩිය කඳුළු, ලේ, ජීවිත පරිත්‍යාග කරමින් බණ්ඩාරනායක මැතිතුමාගේ ජීවිතවලින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කඳුළුවලින් ආරක්ෂා කරගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානයේ මෛත්‍රිපාල සිරිසේනලාට, දයාසිරිලට, මහින්ද අමරවීරලට පොහොට්ටුවට එහෙම පිටින් ලියලා දීල මේ පක්ෂය වළලන්න ඉඩ දෙන්න බැහැ කියන එක තමයි අපේ ස්ථාවරය.
ඒ නිසා සමස්ථ ශ්‍රී ලාංකීය ජනතාව ශ්‍රී ලාංකා නිදහස් පක්ෂයට ආදරය කරන ප්‍රගතශීලී ජනතාවට අද අපි ආයාචනා කර සිටිනවා අවුරුදු 68 ක් මේ රටේ ජනතාවට සේවය කරපු අවුරුදු 68 ක් මේ රටේ ජනතාවගේ ඇට ලේ මස් පිඩු තුළ පෝෂණය වෙච්ච මේ පක්ෂය ආරක්ෂා කරලා හෙට නූපන් අහිංසක පරම්පරාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමය ලබාදීමේ ෙඒතිහාසික සටන තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය අපි අද ආරම්භ කරලා තියෙන්නේ.
ඒ නිසා අපි ආදරණීය මාධ්‍යවේදී සහෝදරවරුන්ට කියනවා සමස්ථ ශ්‍රී ලාංකීය ලක්ෂ දෙසීය විස්සක් වෙච්ච රටේ ඡන්දට අපි කියනවා ජනතාවනි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ අරගලය නෙවෙයි සමස්ථ ශ්‍රී ලාංකීය ජාතිය සුරැකීමේ අරගලයයි.
ඒ නිසා මේ එන ජනාධිපතිවරණයේදී 11 වෙනි මාසේ 16 වැනිදා රාජපක්ෂ කඳවුරේ ගෝඨාබය රාජපක්ෂ නැමැති ඒ මහා මිනීමරුවා මේ රටේ පාලක පක්ෂය බවට පරිවර්ථනය කරන්න රටේ ජනතාව වැරදිලා හෝ තීන්දුවක් ගත්තොත් ඒක ශ්‍රී ලාංකීය දේශයේ අවසානය දක්වා වූ මොහොත බවට පරිවර්ථනය වෙනවා.
සජිත් සමග එකඟතාවයක් !
ඒ නිසා මේ රටේ සමස්ථ ජනතාවට අද තමන්ගේ ජය උරුමය මත පැටවිච්ච ෙඒතිහාසික වගකීමක් තියෙනවා. ඒ වගකීම තමයි ඒ මහා කාලකණ්නි පරිවර්ථන වහාම නවත්තලා මේ රටත් මේ රටේ ජනතාවත් ආර්ථික දේශපාලන සමාජ සංස්කෘතික අධ්‍යාත්මක වශයෙන් ජීවත් කරවීමේ දිසානතියට රැගෙන යාමේ ඒ වැඩ පිළිවෙල ජයග්රහණයෙන් කෙළවර කරන්න.
ඒ නිසා අද එක්සත් ජාතික පෙරමුණ ඇතුලේ 'හංසයා' ලකුණ සමග අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ පාක්ෂිකයෝ විදිහට ඒ ෙඒතිහාසික රටේ අනාගත ඉරණම තීන්දු කරන මැතිවරණය තුළ ෙඒතිහාසික තීන්දුවක් ගන්න තමයි අපි අද සූදානම් වෙලා ඉන්නේ.
ඒ නිසා ඉතිහාසයේ කවදාවත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකුට කතිරෙ ගහපු නැති ඒත් මේ රටේ වර්තමාන අර්බුදය හමුවේ අපට ගන්න තියෙන ඒකායන තීන්දුව රට නිදහස් කර ගැනීමේ අරගලය තුළ ඒ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස නම් ලකුණ හංසයා නම් ඒ වෙනුවෙන් එක්වීම තමයි අපේ අද වගකීම.
ඒ නිසා ඒ එකොළොස් වෙනි මාසේ 16 ඒ ෙඒතිහාසික තීන්දුවත් එක්ක ඔය ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පොහොට්ටුවේ කාර්යාලය බවට පරිවර්ථනය වෙන එක වළක්වන්න අවුරුදු 68 ක් මේ රටේ ජනතාව ආරක්ෂා කරපු මේ රටේ ජනතාවගේ ඇට ලේ මස් තුළ පෝෂණය වෙච්ච පක්ෂය ආරක්ෂා කර ගන්න මේ රටේ දෙකෝටි විසිලක්ෂයක් වෙච්ච ශ්‍රී ලංකා ජනතාවගේ අනාගතය ආරක්ෂා කර ගන්න ෙඒතිහාසික දේශපාලන තීන්දුවට අපි ආගමනය වෙලා තියෙනවා.
ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය තමුන්ගේ ජීවිත, අපි මේ මොහොතේ අවිල්ලා තියෙන්නේ අපේ කාලය අපේ ධනය අපේ ශ්‍රමය අපේ ජීවිත අපේ දහඩිය අපේ කඳුළු අපේ ජීවිත අපේ ලේ වුණත් පරිත්‍යාග කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති මත ෙඒතිහාසික ඒ බණ්ඩාරනායක මැතිතුමා දුන්න ආදර්ශය සමග චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියලාගේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියලාගේ පක්ෂයත් සමග අපේ හදවත් බද්ද කරගෙන ඉන්න වෙලාවක අපි එකොළොස් වෙනි මාසේ 16 මේ තීන්දුවට අපි ආවේ රට ගැන හිතලා දොකෝටි විසි ලක්ෂයක් වෙච්ච රටේ ජනගහනය ගැන හිතලා ශ්‍රී ලංකා ජාතිය ගැන හිතල මිසක්කා අපි ගැන හිතලා නෙවෙයි.
ඒ නිසා අපි සමස්ථ ශ්‍රී ලාංකීය ජනතාවට ඉත්මත්ම ලෙන්ගතුව හදවතින්ම ආමන්ත්‍රණය කරනවා 11 වෙනි මාසේ 16 මේ රට නිවැරදි දිසානතියකට ගමන් කරන ඒ ඉතිහාසික තීන්දුව ගන්න දවස, ඒ දවසේ සියලුම දෙනා නිවැරදි තීන්දුවට එන්න අපි සියලු දෙනාම හංසයාට කතිරේ ගහලා සජිත් ප්‍රේමදාස මේ රටේ නිවැරදි නායකත්වයට පත් කරන්න ජනාධිපති කරන්න අත්වැල් බැඳගමු අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ඒ සඳහා රටේ ජනතාව සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්වැල් බැඳගන්නවා''
වීඩියෝ