අද (11) පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ජන්ද ගණන් කිරීම මේ වන විට අවසන් අදියර එළැඹ ඇති අතර

මේ දක්වා ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලින් ලැබී තිබෙන වාර්තාවලට අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොට්ඨාස 17න් 17ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගෙන ඇත.

අවිත්තාව, ඕමන්ත, මැටිවිලිය, ඉඳිපලේගොඩ, අමුගොඩ, කැටන්දොළ, ඇල්පිටිය, නවදගල, බටුවන්හේන, තලාව, කුඩාගල, කදිරන්දොළ, වල්ලඹගල, පිටුවල, ඇල්ල අම්බනකහදූව, පිනිකහන තිබ්බොටුවාව යන ඡන්ද කොට්ඨාශ 17 කින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සමන්විතවේ.

ඡන්ද මධ්‍යස්ථාන 47 කදී ඡන්ද විමසීම පැවැත්වූ අතර ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන් සංඛ්‍යාව 53,338 කි.

ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා කියා සිටියේ අද දිනයේදී සියයට 75 ක ජන්ද ප්‍රතිශතයක් ප්‍රකාශයට පත් වූ බවයි.

ජනාධිපතිවරණයට බලපෑමක් නැහැ !

 ඇල්පිටිය එජාපය විසින් මෑතකාලීනව ජයග්‍රහණය කර ඇත්තේ 2002 පළාත් පාලන මැතිවරණයේදී පමණි. මහින්ද රාජපක්ෂ අන්ත පරාජයට පත්වූ 2015 ජනාධිපතිවරණයේදීද ඔහු බෙන්තර ඇල්පිටිය ආසනයේ ඡන්ද  සංඛ්‍යාවෙන් 59.08%ක්ම ලබාගෙන ඇත.

එජාපය ජයග්‍රහණය කළ 2015 මහ මැතිවරණයේදීද 52.70%ක් ලබාගෙන ආසනය ජයගෙන ඇත්තේ එක්සත් ජනතා නිදහස් සංධානය වේ.

මෙම තත්වය සළකා බලන කල ඇල්පිටිය යනු සමස්ථ දිවයිනේ ඇතිවන දේශපාලන ප්‍රවණතා වලට සංවේදී වීම ඉතාම අවම ප්‍රදේශයක් බව පෙනී යයි.

සබැඳි පුවත් :

ඇල්පිටිය ඡන්දය අදයි - පොහොට්ටුව 70% වැඩි ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තුවෙන්!

ඇල්පිටියේ ප්‍රචාරක කටයුතු අවසන්: පොහොට්ටුවේ ඉලක්කය 65%ක්!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්