'පොහොට්ටු' පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාබය රාජපක්ෂට
තම සංවිධානයේ සහය ලබාදෙන බව “ශ්‍රී ලංකා තවුහීද් ජමාත්” සංවිධානයේ නායක අබ්දුල් රාසික් පවසයි.
Ashen Vlogs සමාජ මාධ්‍යය සමග පැවති සාකච්ජාවකදී ඔහු එබව සඳහන් කර ඇත.
මෙහිදි අබ්දුල් රාසික් කියා සිටින්නේ රටේ සමස්ථ මුස්ලීම් ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් ගෝඨබය රාජපක්ෂට සහය දෙන බවයි.
වීඩියෝ
පසුගිය දිනෙක අබ්දුල් රාසික් විවෘත වේදිකාවේ පවසා සිටියේ බුදුන් වහන්සේ මිනි මස් ආහරයට ගත් බවත්, බුදුන් වහන්සේ මිලේච්චයෙක් බවත්ය.
මෙම ප්‍රකාශයෙන් පසු සිංහල බෞද්ධ සමාජයෙන් එල්ලවූ දැඩි විරෝධය හමුවේ ඔහු සමාව ඉල්ලා සිටියේය.
මෙම වර්ෂයේ අප්‍රේල් මසදි දවුලගල පොලිසියට ලද තොරතුරක් මත 122/D/04 දවුලගල හන්දෙස්ස වහුංකොහ ප්‍රදේශයේ “ශ්‍රී ලංකා තවුහීද් ජමාත්” සංවිධානයට අයත් ගොඩනැගිල්ලක් සෝදිසි කිරීමේදී පෙට්‍රල් බෝම්බ 06 හමුවි ඇති අතර එම කාර්යාලය භාරව සිටි පුද්ගලයාද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් colombotoday වෙබ් අඩවිය වාර්ථා කර තිබිණ.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කිරිමට පිහිටුවන ලද විශේෂ කමිටුව හමුවටද අබ්දු රාසික් කැදවනු ලැබු අතර විශේෂයෙන්ම එහිදි සරත් ෆොන්සේකාගෙන් ඔහු වෙත දැඩි අවවාද කිරිම් දක්නට ලැබුනි.
අබ්දුල් රාසික් ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය FB පිටුවේ පොස්ටුවක් පළකර ඇති වජිර ලක්ප්‍රිය බෝගමුව මෙසේ සඳහන් කර තිබේ.