ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට සහයදීමට පසුගියදා තීන්දු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස,
'පොහොට්ටු' පක්ෂයේ වේදිකාවට එක්නොවී වෙනම රැස්වීම් පැවැත්වීමට තීරණය කර තිබේ.
එහෙත් 'හූ' කියමින් අනවශ්‍ය බාධාකිරීම් නොකරන බවට ගෝඨාබය රාජපක්ෂ විසින් සහතිකයක් දෙන්නේ නම් පමණක්, ඔහු සහභාගිවන දිස්ත්‍රීක්කවල ප්‍රධාන රැස්වීමට අදාල දිස්ත්‍රීක්කයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සහභාගී කරවීමට ද තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතකට අදහස් දක්වා ඇති ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක, ශ්රීලනිපය හා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් එක්ව ඇතැම් රැස්වීම්වලදී කටයුතු කරනු ඇති නමුත්, ශ්‍රීලනිපයට වෙනම රැස්වීම් මාලාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව සඳහන් කර තිබේ.
ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් දිනවීමට නම් වඩා සුදුසු කාරණාව වන්නේ ශ්‍රීලනිප පාක්ෂිකයන් හා පොදුජන පෙරමුණු පාක්ෂිකයන් වෙන වෙනම ආමන්ත්‍රණය කිරීමෙන් බව ඔහු පවසයි. එම පක්ෂ දෙකේම එකිනෙකා අතර අනවබෝධයෙන් පිරිසක් සිටින බව ඔහු එම පුවත්පතට පවසා ඇත.
ඔහු ඒ බව සඳහන් කර ඈත්තේ, ඔක්තෝම්බර් 09 වැනිදා අනුරාධපුරයේ පැවති ගෝඨාබය රාජපක්ෂගේ ප්රචාරක රැළියේදී ඔහුට පාක්ෂිකයන් පිරිසකගෙන් හූ හඬ එල්ලවිම ගැන කළ විමසීමකදීය.
එම සිදුවීම ගැන අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, එසේ හූ කීවේ බීමත්ව සිටි කිහිපදෙනෙකු පමණක් බවයි.
ඇතැම් පිරිස් වලට මෙම පක්ෂ දෙක එක්වීමේ වැදගත්කම නොවැටහෙන බවත්, එවැනි අයගේ විරෝධය ගණනට නොගන්නා බවත් පවසන ශ්‍රීලනිප ජාතික සංවිධායකවරයා, ශ්‍රීලනිප පාක්ෂකයන් ගෙන්ද පොදුජන පෙරමුණු නායකයන්ටද මෙවැනි ප්‍රතිචාර ලැබීමේ ඉඩක් ඇති බවත්, ඒවා පුංචි දේවල් ලෙස සලකා කටයුතු කළ යුතු බවත් වැඩිදුරටත් කියා සිටියි.