ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ වෙනත් කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකු සමග දේශපාලන ගිවිසුමක් ඇති කරගෙන නොමැති බව
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවධාරනය කරයි. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමිනි.
මැතිවරණ නීති උල්ලංඝණය කෙරෙන එවැනි ගිවිසුමකට පැමිණීමට කිසිදු අවශ්‍යතාවයක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොමැති බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියි.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම ට්විටර් සටහන පළකර ඇත.
එම මාධ්‍ය හමුවේදී එස් බී දිසානායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ලබාගන්නා ඡන්ද ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට හිමිවන බවයි.
හිස්බුල්ලා කියන්නේ අන්තවාදියෙක්'' - ඩිලාන්;
'නැහැ නැහැ අපේ කෙනෙක්'' -SB
එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මෙවර ජනාධිපතිවරණයට තරග කරන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසිනි.
ඔහු ජනාධිපතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ඩිලාන් පෙරේරා සහ එස්. බී දිසානායක යන මන්ත්‍රීවරුන් පෙරේදා (ඔක්තෝම්බර් 11) පරස්පර අදහස් පළ කළහ. එය newsfirst.lk වාර්තාකර ඇත්තේ මෙසේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, ඩිලාන් පෙරේරා,
''දැන් හිස්බුල්ලා අන්තවාදය නියෝජනය කරන කෙනෙක්නේ. හිස්බුල්ලා කියන්නේ අපේ පක්ෂයේ නායකයා වෙලා හිටපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා විසින් ආණ්ඩුකාර ධුරයෙන් පන්නපු කෙනා. එතකොට හිස්බුල්ලා වටේ, දැන් කාත්තන්කුඩි කියන්නේ ආසියාවේ ජනගනත්වය වැඩිම තැන තමයි කාත්තන්කුඩි. ඒ කාත්තන්කුඩි ප්‍රදේශයේ ඉන්න සාමාන්‍ය මිනිස්සු ඡන්දය දෙන්නේ නැහැ එයාට. නමුත් අන්තවාදින් ගොනු වෙන්නේ හිස්බුල්ලා වටේ. අපි මේ හිස්බුල්ලාව ඡන්දයට දාලා නැහැ. හිස්බුල්ලා අපි පන්නපු කෙනෙක්.''
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, එස්. බී. දිසානායක,
''ඩග්ලස් දේවානන්ද ගත්ත ඡන්ද, අපේ තොන්ඩමාන් ගත්ත ඡන්ද, අතාවුල්ලා ගත්ත ඡන්ද, හිස්බුල්ලා ගත්ත ඡන්ද මේ ඔක්කොම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එනවා. හිස්බුල්ලා වෙනම අපේක්ෂකයෙක් හැටියට තරග කරනවා. මම හිස්බුල්ලා එක්ක කතා කළා. මම දකින්නේ හිස්බුල්ලා මහා මුදල් මංකොල්ලයක්, අපරාධයක් කරපු කෙනෙක් නෙවෙයි, රිෂාඩ් බදුර්දීන් වගේ. එයා පිටරටින් සල්ලි ටිකක් අරගෙන හොඳ විශ්වවිද්‍යාලයක් හැදුවා.''
වීඩියෝ
නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තීන්දු කර ඇත්තේ, පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ බලවත් ඉල්ලීම මත බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් 'theleader.lk' වෙත වාර්තාවේ.
සබැඳි පුවත් :
ඡන්ද කඩන්න හිස්බුල්ලා දැම්මේ බැසිල්! : නැගෙනහිර පෞද්ගලික සරසවියට අනුමැතියක්!!