පාලන මිලට සහල් වෙළෙඳපොළට ලබා දීම සම්බන්ධයෙන් සමස්ත ලංකා සහල් මෝල් හිමියන් සහ මහා පරිමාණ සහල් මෝල් හිමියන් ඒකාබද්ධව අද දින (22)පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාව අතරතුර උණුසුම්
තත්ත්වයක් ඇති විය.

මාධ්‍ය සාකච්ඡාව අතරතුරදී රජය විසින් සහල් පාලන මිල වහාම ක්‍රියාත්මක වන පරිදී වැඩි කළ යුතු බවට නිවු රත්න සහල් මෝල් හිමිකරු වන මිත්‍රපාල යෝජනා කිරීමත් සමඟ එයට උරණ වූ අරලිය සහල් මෝල් හිමිකරුවන ඩඩ්ලි සිරිසේන ඔහුට තදබල ලෙස බැණ වැදී එම ස්ථානයෙන් නික්ම ගියේය.



මෙහිදී ඩඩ්ලි සිරිසේන සඳහන් කළේ ජනතාව මෙතරම් අසීරු අවස්ථාවක සිටින මොහොතේ පවා එය නෑසූ කණින් සිටින ඇතැම් ව්‍යාපාරිකයන් විසින් තම පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් අසීමිත ලාභ උපයන්නේ නම් ඔවුන්ට වැහි නැති හෙණ ගැසිය යුතු බවය.

අරලිය සහල් හිමිකරු වන ඩඩ්ලි සිරිසේනගේ ස්ථාවරය වී ඇත්තේ දැනට පවතින රජයේ පාලන මිලටම දිවයින පුරා  සහල් ලබාදිය යුතු බවය.

මෙහිදී ඔහු විසින් මාධ්‍ය හමුවේ නැඟිට සිටිමින් නිවු රත්න අධිපති මිත්‍රපාල වෙත සෘජුවම චෝදනා එල්ල කරමින් ප්‍රකාශ කලේ ඔහු මාෆියාකරුවෙකු බවත්, මේ මොහොතේ ජනතාවට බර පටවමින් වැඩි මිලට සහල් අලෙවි කරන ඔහුගේ සහල් මෝල වහාම රජයට පවරාගත යුතු බවත් ය.

මෙම සාකච්ඡාව කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේදි මේ වන විට පැවැත්වෙයි.
 
 


Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්