විවිධ පුද්ගලයන්ගේ නම් ඈඳාගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ පිළිබඳ ඇතැමුන් සිදු කරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව
ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ අංශය පවසයි. ඒ, ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඊයේ (13) නිකුත් කළ මාධ්‍ය නිවේදනයකිනි.
එහි දැක්වෙන්නේ, ඒ.එල්.එම්. හිස්බුල්ලා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ගෝඨාබය රාජපක්ෂට වාසියක් ලබාදීමේ අරමුණින් බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි.
එමෙන්ම බුදුරජාණන් වහන්සේ පිළිබඳ අශිෂ්ට ප්‍රකාශයක් සිදුකළ “ශ්‍රී ලංකා තවුහීද් ජමාත්” සංවිධානයේ නායක අබ්දුල් රාසික්, ගෝඨාබය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට බර තබමින් සිටින බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශ ද තරයේ හෙළා දකින බව එම නිවේදනයේ සඳහන්වේ.
මෙම නිවේදනය සම්බන්ධයෙන් විවිධ අදහස් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින අතර ඒ ගැන සිය FB පිටුවේ සටහනක් තබා ඇති මාධ්‍යවේදී සුභාෂ් ජයවර්ධන මෙසේ පවසයි.
''මේ නිවේදනයෙන් කියන්නේ හිස්බුල්ලගේ සහ රාසික්ගේ සහය ප්‍රතික්ෂේප කරනවා කියන එක නෙවෙයි..
ඒ ගැන එක එකා කියන කුප්ප කතා ප්‍රතික්ෂේප කරනවා කියන එකයි...''
ඒ අතර සිය FB පිටුවේ පොස්ටුවක් පළකර ඇති නිහාල් රත්නායක මෙසේ සටහන් කර තිබේ.
''මොකක්ද බං මේ කියන්නේ ...
වචන හරඹ නැතුව කෙලින් කියන්න බැයිද ?
රාසික්ලගේ සහය එපාද ? ඕනේ ද ?
මේ අතර 'වාකුල' ගේ සමාජ මාධ්‍ය සටහනේ හි පලවන්නේ මෙවැනි ප්රතිචාරයකි.
''කලින් අපිට යන්න එපා කියපු "හම්බ" කඩවලින් දැන් ගිහින් බඩු ගත්තට කමක් නැද්ද..?''
මේ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන මෙම වාර්තා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර 'නෙත් නිව්ස්' වෙත මෙලෙස අදහස් පළ කළේය.
හඬපටය හිස්බුල්ලා තියා මොන බුවල්ලෙක්වත් අපිත් එක්ක නැහැ - ගම්මන්පිල
ගෝඨාබය රාජපක්ෂගේ සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සම්බන්ධයෙන් කල සඳහනට සමාන අදහසක් ඉදිරිපත් කරන පාලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසන්නේ, හිස්බුල්ලා තියා මොන බුවල්ලෙක්වත් පොහොට්ටුව සමග නොමැති බවයි.
හඬපටය
උදය ගම්මන්පිල පළ කළ අදහස්.කෙසේවුවද එස් බී දිසානායක මන්ත්‍රීවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ලබාගන්නා ඡන්ද ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට හිමිවන බවයි.
එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මෙවර ජනාධිපතිවරණයට තරග කරන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසිනි.
හිස්බුල්ලා ජනාධිපතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ඩිලාන් පෙරේරා සහ එස්. බී දිසානායක යන මන්ත්‍රීවරුන් පෙරේදා (ඔක්තෝම්බර් 11) පරස්පර අදහස් පළ කළහ. එය newsfirst.lk වාර්තාකර ඇත්තේ මෙසේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, ඩිලාන් පෙරේරා,
''දැන් හිස්බුල්ලා අන්තවාදය නියෝජනය කරන කෙනෙක්නේ. හිස්බුල්ලා කියන්නේ අපේ පක්ෂයේ නායකයා වෙලා හිටපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා විසින් ආණ්ඩුකාර ධුරයෙන් පන්නපු කෙනා. එතකොට හිස්බුල්ලා වටේ, දැන් කාත්තන්කුඩි කියන්නේ ආසියාවේ ජනගනත්වය වැඩිම තැන තමයි කාත්තන්කුඩි. ඒ කාත්තන්කුඩි ප්‍රදේශයේ ඉන්න සාමාන්‍ය මිනිස්සු ඡන්දය දෙන්නේ නැහැ එයාට. නමුත් අන්තවාදින් ගොනු වෙන්නේ හිස්බුල්ලා වටේ. අපි මේ හිස්බුල්ලාව ඡන්දයට දාලා නැහැ. හිස්බුල්ලා අපි පන්නපු කෙනෙක්.''
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, එස්. බී. දිසානායක,
''ඩග්ලස් දේවානන්ද ගත්ත ඡන්ද, අපේ තොන්ඩමාන් ගත්ත ඡන්ද, අතාවුල්ලා ගත්ත ඡන්ද, හිස්බුල්ලා ගත්ත ඡන්ද මේ ඔක්කොම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එනවා. හිස්බුල්ලා වෙනම අපේක්ෂකයෙක් හැටියට තරග කරනවා. මම හිස්බුල්ලා එක්ක කතා කළා. මම දකින්නේ හිස්බුල්ලා මහා මුදල් මංකොල්ලයක්, අපරාධයක් කරපු කෙනෙක් නෙවෙයි, රිෂාඩ් බදුර්දීන් වගේ. එයා පිටරටින් සල්ලි ටිකක් අරගෙන හොඳ විශ්වවිද්‍යාලයක් හැදුවා.''
සබැඳි පුවත් :
'බුදුන් මිනි මස් කෑවා' යැයි කී අබ්දුල් රාසික්ගේ සහය ගෝඨාබයට (වීඩියෝ)