ඔහු මෑතකාලයේ මෙරට ජනප්‍රියම යුධ හමුදාපතිවරයා ලෙස සැලකෙන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ 58 වන උපන්දිනය අදට (ජුනි 22) දී තිබේ. 

ඔහු උපත ලබා ඇත්තේ, 1964 ජුනි 22 දාය.

පසුගිය ජුනි 09 වෙනිදා රටපුරා ඇතිවූ ප්‍රචණ්ඩක්‍රියා මර්ධනය කිරීමට කටයුතු නොකලබවටත්, අරගලකරුවන්ට පක්ෂපාතිව කටයුතු කර ඇති බවටත් රාජපක්ෂවරුන් කළ චෝදනා හමුවේ, ජනාධිපතිවරයා විසින් මැයි මස 31 දා ඔහුව යුධ හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගන්වා, 2022 ජුනි 1 වන දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත්කරනු ලැබිය.

අනතුරුව එම චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීම සඳහා ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් හිටපු හමුදාපතිවරුන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කරනු ලැබිය.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක සහ හිටපු හමුදාපති දයා රත්නායක අදාළ කමිටුවේ සාමාජිකයන් වේ.

මේ විශේෂත්වය වන්නේ ආරක්ෂක ලේකම්වරයා මෙන්ම මෙම කමිටු සාමාජිකයින් තිදෙනා ද ශවේන්ද්‍ර සමග බොහෝ කලක් තිස්සේ වෘත්තීය අමනාපයකින් පසුවන පුද්ගලයින් වීමයි.

උපන් දිනය දී ඇති අද දිනයේ ශවේන්ද්‍ර සිල්වා වෙනුවෙන් අනුරාධපුරයේ විශේෂ ආගමික වැඩසටහන් ගණනාවක් සංවිධානය කර තිබියදී, ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අදාල කමිටුව හමුවේ පෙනිසිටින්නැයි ඔහුට දැනුම්දීමක් කර ඇතැයි වාර්තාවේ.


සබැඳි පුවත් :


ශවේන්ද්‍ර පසුපස හඹායාමේ මෙහෙයුමක් !

'ජනතාව වෙනුවෙන් මම සූදානම්' -ජෙනරාල් ශවේන්ද්‍ර



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. මෙතනින් https://chat.whatsapp.com/DqfBCnAN39V2FlsfdfmQ3N

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්