තම පක්ෂය මෙදා පාරට බහින්නේ ආපසු හැරෙන්න බලාගෙන නොවනබව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි.



''පුරවැසියන් පෝලිම්වල මිය යන්නේ ඔවුන්ගේ වරදින් නොවේ… ඔබගේ නගරයේ ජන පෙළගැස්මට ඔබ පාරට බහින්න'' යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ජනතාවගෙන් ඉල්ලා සිටියේ සිය පක්ෂය විසින් මෙහෙයවන ආණ්ඩු විරෝධී මෙහෙයුම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (22) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු තවදුරටත් කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව මේ දක්වා අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිමාවට පත්කර දුවා දරුවන් සඳහා නව රටක් බිහිකිරීමේ පාලනයක් වෙනුවෙන් උද්ඝෝෂණ ව්‍යාපාර ගෙනයන්න සැලසුම් කර තිබෙන බවයි.

එහිදී ඔහු මෙසේ අදහස් දැක්විය.


26 වැනිදා අනුරාධපුර නගරයෙන් ඇරඹේ

“දේශපාලන ව්‍යාපාරයක් හැටියට එළඹෙන 26 වැනිදා අනුරාධපුර නගරයේද 27 වැනිදා කුරුණෑගලද, 28 මාතරද, 29 කළුතරද, 01 වැනිදා අම්බලන්තොටද වශයෙන් ප්‍රධාන නගර ගණනාවක් කේන්ද්‍රගත කරගෙන අපේ උද්ඝෝෂණ විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. රටේ අනෙකුත් නගරවලද මේ උද්ඝෝෂණය ඉදිරියට ගෙනයන්න කටයුතු කරනවා.

අපි මේ පියවර තබන්නේ ආපසු හැරෙන්න නොවෙයි. රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව මේ දක්වා අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිමාවට පත්කර අපේ දුවා දරුවන් සඳහා නව රටක් බිහිකිරීමේ පාලනයක් වෙනුවෙන් උද්ඝෝෂණ ව්‍යාපාර ගෙනයන්න සැලසුම් කර තිබෙනවා. මේ වෙනුවෙන් 26 වැනිදා අනුරාධපුරයෙන් පටන්ගෙන රට පුරා පවත්වන විරෝධතාවලට ආසන්න නගරයේදී පාරට එන්න කියලා සියලු ජනතාවන්ට අපි ආරාධනා කරනවා.


''දූෂිත වළල්ලක් විසින් අපේ රටට ඇති කර තිබෙන දරුණු අනිටු ප්‍රතිවිපාකවලට අපේ රටේ පුරවැසියන් ගොදුරු විය යුතු නැහැ. පෝලිම්වල සිට පුරවැසියන් මිය යන්නේ ඔවුන් කළ වරදක් නිසා නොවෙයි. පෝලිම්වල ඉන්න කිසිකෙනෙක් මේ වැරැද්දට දායක වී නැහැ. ඒ නිසා පෝලිම්වල ඉඳලා මිය යන තත්වයට එරෙහිව ජන පෙළගැස්ම තුළින් ඔබ ඔබගේ ආසන්නම නගරයෙන් පාරට බහින්න.”



“අද අපේ රටේ මතුවී තිබෙන බරපතළ ගැටලු විසඳීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බැවින් තවදුරටත් අපේ රට පාලනය කිරීම සඳහා ඔවුන්ට යුක්තිසහගත අයිතියක් නැහැ.

ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව බලයට පත්වී පසුගිය අවුරුදු දෙකහමාර ඇතුළත කැබිනට් මණ්ඩල හතරක් හැදුවා. විටින් විට අමාත්‍ය ධුර වෙනස් කරමින් ඇමතිවරුන් පත් කළා. මුදල් අමාත්‍යාංශයට මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අලි සබ්රි, ගෝඨාභය රාජපක්ෂ සහ දැනට රනිල් වික්‍රමසිංහ පත්කර සිටිනවා.

කෙටි කාලයක් තුළ මුදල් ඇමතිවරු පස්දෙනෙක් පත්කර තිබෙනවා. බලශක්ති ඇමති හැටියට උදය ගම්මන්පිල, පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණී ලොකුගේ, දැන් කාංචන විජේසේකර ඉන්නවා.

අමාත්‍ය ධුර වෙනස් කරමින් අමාත්‍යාංශ වගකීම් වෙනස් කරමින් පිස්සාගේ පලා මල්ල වගේ රටක් හසුරුවන තැනට ක්‍රියාකරමින් ඉන්නවා. මේ නිසා කිසිදු අමාත්‍යාංශයක්, ආයතනයක් ඔවුන්ට පැවරී තිබෙන නිශ්චිත වගකීම් ඉටුකරන්න අසමත් වී තිබෙනවා.

 අධ්‍යාපන ඇමතිවරයාගේ වගකීම බවට පත්වී තිබෙන්නේ පාසල් වසා දැමීමයි. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වගකීම බවට පත්වී තිබෙන්නේ රෝහල්වලට ඖෂධ නැති තත්වයක් ඇති කිරීමයි. ඛනිජ තෙල් ඇමති ඉන්නවා තෙල් නැහැ. කෘෂි ඇමති ඉන්නවා පොහොර නැහැ. රාජ්‍ය පරිපාලන ඇමති ඉන්නවා. රාජ්‍ය සේවය වහලා.

තවදුරටත් මේ ජනාධිපතිවරයාට, මේ අගමැතිවරයාට, කැබිනට් මණ්ඩලයට මේ රට පාලනය කිරීමට කිසිසේත්ම යුක්තිසහගත හෝ සාධාරණ අයිතියක් නැහැ. තමන්ගේ මූලික අවශ්‍යතාව වන ආහාර වේල සපයා ගැනීමට ජනතාවට නොහැකියි. ආදායම් මාර්ග කඩා වැටිලා. දුවා දරුවන්ගේ අනාගතය පිළිබඳව අපේක්ෂාභංගත්වයක් තිබෙනවා. කිසිම වගවීමක් නැති, මැදිහත් වීමක් නැති, හැඟීමක් නැති ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් රට පාලනය කරනවා.


මේ ජනාධිපතිවරයාට, මේ අගමැතිවරයාට අපේ මාතෘ භූමියේ පාලනයත් මේ රටේ ජනතාවගේ පාලනයත් සඳහා යුක්තිසහගත අයිතියක් නැහැ. විවිධ දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ ජනතාව දේශපාලන ව්‍යාපාරවලට ඍජුව සම්බන්ධ නැති පොදු පුරවැසියන් පාරට ඇවිත් කෑගහලා ගෙදර යන්න කියලා කීවා. කෙටි කාලයකට බංකරේක සැඟවී සිටි අගමැතිවරයා දැන් එළියට ඇවිත් සුපුරුදු සෙල්ලම පටන්ගෙන තිබෙනවා.



''රනිල් කියන්නේ රාජපක්ෂ පාලනයේ ‘බොඩි ආමර්’ එක''

280058166 553036613049545 8508005898550327865 n''රනිල්ට, ගෝඨාභයට සහ මේ ආණ්ඩුවට ජනතාවගේ වගකීම් ඉසිලීමේ කිසිදු අයිතියක් නැහැ''



 ජනතාව කෑ ගහලා කීවේ මේ ආණ්ඩුව කෙරෙහි පැනනගිමින් තිබුණු කෝපය සහ විරෝධයයි. එම විරෝධයෙන් රාජපක්ෂ පවුලත් ආණ්ඩුවත් බේරා ගන්න ‘බොඩි ආමර්’ එකක් වගේ රනිල් වික්‍රමසිංහ ක්‍රියා කළා. ඒ හැර රටේ ජනතාව මුහුණ දෙමින් තිබුණු ප්‍රශ්නවලට පිළිතුරු ඔහුට නොතිබුණු බව දැන් හරිම පැහැදිලියි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂ පාලනයේ ‘බොඩි ආමර්’ එක වී සිටිනවා.

දැන් ඇතිවී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ වාඩිවෙන විට තිබුණාට වඩා දැඩි ව්‍යසනකාරී තත්වයක්. පාසල් විශාල ප්‍රමාණයක් වසා දමා දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටී, රෝහල්වල දරුවන් මිය යන, පෝලිම්වල පුරවැසියන් මිය යන, ඉදිකිරීම් කර්මාන්තය මුළුමනින්ම කඩා වැටුණු, රැකියා අහිමි වන තත්වයක් ඇති වී තිබෙනවා.

ඒ නිසා තවදුරටත් රනිල් වික්‍රමසිංහට, ගෝඨාභය රාජපක්ෂට සහ මේ ආණ්ඩුවට ජනතාවගේ වගකීම් ඉසිලීමේ කිසිදු අයිතියක් නැහැ. ඒ නිසා ඔවුන් බලය අත්හැර යන්න ඕනෑ.


පසුගිය කාලයේ ජනතාවගෙන් පැනනැගුණු විරෝධය අලුත් වටයකින් උත්සන්න කර, මේ විනාශකාරී පාලකයන් පලවා හැරීමට සිදුවී තිබෙනවා. ඒ සඳහා දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපේ මැදිහත්වීම, අපේ දායකත්වය සහ නායකත්වය ලබා දෙන්න අපි ලැහැස්තියි. 

 

මේ සඳහා දිස්ත්‍රික්ක කේන්ද්‍රගත කරගනිමින් ජන පෙළගැස්ම විරෝධ ව්‍යාපාරය අපි ආරම්භ කරනවා. ආණ්ඩුව පළවා හරින තුරු ජනතාව පාරට බහින්න ඕනෑ.

මේ වනවිටත් දිස්ත්‍රික්ක ගණනාවක, නගර ගණනාවක උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කර තිබෙනවා. අපිට අනුබද්ධ වෘත්තීය සමිති ව්‍යාපාරය 23 වැනිදා සිට ඊට අදාළ ක්‍රියාමාර්ග උත්සන්න කරනවා.

දේශපාලන ව්‍යාපාරයක් හැටියට එළඹෙන 26 වැනිදා අනුරාධපුර නගරයේද 27 වැනිදා කුරුණෑගලද, 28 මාතරද, 29 කළුතරද, 01 වැනිදා අම්බලන්තොටද වශයෙන් ප්‍රධාන නගර ගණනාවක් කේන්ද්‍රගත කරගෙන අපේ උද්ඝෝෂණ විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. රටේ අනෙකුත් නගරවලද මේ උද්ඝෝෂණය ඉදිරියට ගෙනයන්න කටයුතු කරනවා.
 

අපි මේ පියවර තබන්නේ ආපසු හැරෙන්න නොවෙයි. රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව මේ දක්වා අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිමාවට පත්කර අපේ දුවා දරුවන් සඳහා නව රටක් බිහිකිරීමේ පාලනයක් වෙනුවෙන් උද්ඝෝෂණ ව්‍යාපාර ගෙනයන්න සැලසුම් කර තිබෙනවා.
 

මේ වෙනුවෙන් 26 වැනිදා අනුරාධපුරයෙන් පටන්ගෙන රට පුරා පවත්වන විරෝධතාවලට ආසන්න නගරයේදී පාරට එන්න කියලා සියලු ජනතාවන්ට අපි ආරාධනා කරනවා.

දූෂිත වළල්ලක් විසින් අපේ රටට ඇති කර තිබෙන දරුණු අනිටු ප්‍රතිවිපාකවලට අපේ රටේ පුරවැසියන් ගොදුරු විය යුතු නැහැ. පෝලිම්වල සිට පුරවැසියන් මිය යන්නේ ඔවුන් කළ වරදක් නිසා නොවෙයි. පෝලිම්වල ඉන්න කිසිකෙනෙක් මේ වැරැද්දට දායක වී නැහැ. ඒ නිසා පෝලිම්වල ඉඳලා මිය යන තත්වයට එරෙහිව ජන පෙළගැස්ම තුළින් ඔබ ඔබගේ ආසන්නම නගරයෙන් පාරට බහින්න.

 
''මේ තත්වයට පුරවැසියන් කිසිසේත්ම වගකියන්න ඕනෑ නැහැ.''

පෝලිම්වල මිය යන, කුඹුරට ගිහින් ඒ දිහා බලාගෙන හූල්ලන, ඖෂධ නැතිව වේදනා විඳින කිසිකෙනෙක් මේ තත්වයට වගකිවයුත්තන් නොවේ. ඔවුන් මේ තත්වයට පත්වී තිබෙන්නේ මහජන දේපළ හොරකම් කිරීමෙන් හෝ අකාර්යක්ෂමතාවයෙන් හෝ වැඩ නොකර සිටීමෙන් නොවේ.

ඒ නිසා මේ තත්වයට පුරවැසියන් කිසිසේත්ම වගකියන්න ඕනෑ නැහැ. මේ තත්වයට වගකියන්න ඕනෑ පසුගිය දශක හතක් තුළ රට පාලනය කළ අය සහ ඔවුන්ට සම්බන්ධ චෞර වළල්ලයි. ඔවුන්ට මේ ප්‍රතිවිපාක කිසිවක් දැනෙන්නේ නැහැ.

21 වැනිදා රනිල් වික්‍රමසිංහ කූලර් හයිකරගෙන යෝගා කළා. ව්‍යායාම කරනකොටත් කූලර් හයිකරගෙන ඉන්නවා නම් කාමරවල ඉන්නකොට කොහොම ඇත්ද? මේ වගේ නායකයන් සියලු අර්බුදවලට මුළුමනින්ම වගකියන්න ඕනෑ.

අපේ රටේ දරුවාගේ සිට වැඩිහිටි මහල්ලා දක්වා මුහුණ දී තිබෙන අර්බුදයේ වගකිවයුත්තන් මේ රටේ පාලකයනුයි. ඔවුන් කිසිසේත්ම මේ අර්බුදයේ ගොදුරු බවට පත්වී නැහැ. ගොදුරු බවට පත්වී තිබෙන්නේ මේ සඳහා වගකිව යුතු නැති සාමාන්‍ය පොදු ජනතාවයි.

මේ අයුක්තිය, අසාධාරණය, දූෂණය, විනාශකාරී දේශපාලනය සහ මේ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් නිහඬව සිට පළක් නැහැ. එයට විරුද්ධව නැගී සිට මේ පාලනය පලවා හරිමු. නව රටක් ගොඩනඟමු. නව ආර්ථික ප්‍රතිපත්තියකට, නව ආර්ථික සංස්කෘතියකට අපි පෙළගැසෙමු. ඒ පණිවුඩය ගම්දනව් පුරා ගෙනයමින් අපේ රටේ සියලු පුරවැසියන් සංවිධානය කරනවා.”


xfhgdfghgh මාධ්‍ය හමුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍ය කමිටු සාමාජික නලින්ද ජයතිස්සද එක්වී සිටියේය.
 

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ඔවුන් මෙසේ ප්‍රතිචාර දැක්විය.


''ධම්මික පෙරේරා කියන්නේ මේ ව්‍යසනයෙන් රට ගොඩගන්න හෝ ඉදිරියට ගෙන යන්න සුදුස්සෙක් නොවෙයි.''

පසුගිය කාලය පුරාම විශ්මකර්ම පුත්‍රයන් කියලා විවිධ පුද්ගලයන් විවිධ අවස්ථාවල කලඑළි බැස්සා. විහාර මහාදේවිලා ආවා. පොළොන්නරුවේ ගැමියන් ආවා. ආසියාවේ ලොකුම මොළය ආවා. දුටුගැමුණු ආවා. රට බේරාගත් විරුවා ආවා. මොළ හත ආවා. නොආවේ කවුද?

ධම්මික පෙරේරා කියන්නේ ඒ පේළියේම තව එක්කෙනෙක් විතරයි. මේ ව්‍යසනයෙන් රට ගොඩගන්න හෝ ඉදිරියට ගෙන යන්න ඔහු සුදුස්සෙක් නොවෙයි. ඉන්ද්‍රජාලිකයන් මැව්වා වගේ තව එක ඉන්ද්‍රජාලිකයෙක් සමාජගත කිරීමක් විතරයි සිද්ධ වෙන්නේ.
 

මැයි 09 වැනිදා ඇති වුණු සිද්ධිවලින් පසුව පාර්ලිමේන්තුව හැසිරුණේ කොහොමද? එක සතියක දින 4ක විවාදයක් පවත්වා මන්ත්‍රීවරුන්ගේ දේපළවලට සිදුවුණු අලාභහානි පිළිබඳව කතා කළා. ඔවුන් වෙනුවෙන් ආණ්ඩුව ක්ෂණික සහ වේගවත් ක්‍රියාමාර්ග ගත්තා. ජනතාවගේ ඇත්ත වේදනාවන් සහ ප්‍රශ්න පිළිබඳව අපි පාර්ලිමේන්තුවේ මොනතරම් කතා කළත් ඇහුම්කන් දුන්නේ නැහැ.

පොහොර ගැන, ඩොලර් ගැන, විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම අහිමිවීම ගැන, ණය නොගෙවීම මගින් ඇතිවිය හැකි ගැටලු පිළිබඳව ආදී වශයෙන් විවිධ ප්‍රශ්න ගැන පසුගිය අවුරුදු දෙක පුරා අපේ හඬ අපි අවදි කළා. අපේ රට මේ ප්‍රපාතයට වැටීම වැළැක්වීම වෙනුවෙන් පෙනී සිටියා. නමුත් ඒ හැමවිටම ගෝඨාභය, කබ්රාල් ඇතුළු ආණ්ඩුව පෙනී සිටියේ ප්‍රශ්නයක් නැති බව කියන්නයි. වගකීම් විරහිත ප්‍රකාශ සිදුකරමින් සිටියා.

 දැන් කරවටක් ගිලී සිටියදී පවා නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න ආණ්ඩුව අසමත් වී සිටිනවා. ජනතාවගේ ප්‍රශ්නවලින් ගොඩගැනීමේ නිශ්චිත මාර්ග සිතියමක් ඉදිරිපත් කරන්න කිසිදු සූදානමක් නැහැ. වර්තමාන අගමැති පත්වුණු දවසේ සිට ව්‍යසනයේ මාධ්‍ය ප්‍රකාශකයා බවට පත්වී සිටිනවා.

 අර්බුදය ගැන සියලු විස්තර ජනතාව දන්නවා. ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ ආණ්ඩුව ඉදිරිපත් කරන විසඳුම් මොනවාද කියලයි. මේ තත්වය මත අපි පාර්ලිමේන්තුව මේ සතියේ වර්ජනය කර, ජූලි මස රැස්වන අවස්ථාවේදී මාර්ග සිතියම පිළිබඳව නැවත ප්‍රශ්න කරනවා. ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන්න ඉඩදිය නොහැකියි.


මේ වන විට ඉන්ධන අර්බුදය සියලුම ක්ෂේත්‍රවලට පැතිරී තිබෙනවා. පාසල්, සෞඛ්‍ය ක්ෂේත්‍රය, බරපතළ තත්වයට පත්වී තිබෙනවා. විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන්ට කිසිසේත්ම ගමන් කිරීමට නොහැකි තරම් ප්‍රශ්න මතුවී රෝහල් වසාදැමීමේ තත්වයට පත්වී තිබෙනවා. විදුලිය ප්‍රශ්න නිසා ශල්‍යාගාර වසාදමා තිබෙනවා. පෞද්ගලික රෝහල්වල දැඩි සත්කාර ඒකක සහ ශල්‍ය ඒකක වසා දැමීමටත් කළමනාකාරිත්වයට සිදුවී තිබෙනවා.



ඉන්ධන අර්බුදය වාහන ගමනාගමනය ඉක්මවා ගිහින් මිනිසුන්ගේ ජීවිත නතර වන තැනට පත්වී තිබෙනවා. ජනතාවට විශ්වාසය තැබිය හැකි කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුව ඉදිරිපත් කර නැහැ. අර්බුදය දිගින් දිගටම උත්සන්න වෙනවා. ආණ්ඩුව මොන ක්‍රමවේද හැදුවත් තව තවත් උත්සන්න වෙමින් තිබෙනවා.

රෝහල්වලට අවශ්‍ය ඖෂධ කලින් ඇනවුම් කළ යුතු වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ ක්‍රියාවලිය පසුගිය කාලයේ බිඳවැටී තිබිලා. නමුත් මේ ආණ්ඩුවේ හිටපු සෞඛ්‍ය ඇමතිවරුන් ඒ පිළිබඳව වගකීමකින් ක්‍රියාකර නැහැ. මේ නිසා ඖෂධ අර්බුදය තවත් තීව්‍ර වී තිබෙනවා. ජාතික රෝහලේ හදිසි සැත්කම් හැර අනික් සියලු සැත්කම් නතර කිරීමටත් සිදුවී තිබෙනවා. නිර්වින්දන ඖෂධ අනිකුත් ඖෂධ සහ ශල්‍ය උපකරණ නැතිවීමෙන් මේ තත්වය ඇතිවී තිබෙනවා.

 
 
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

මෙතනින්

 Whatsapp Leader

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්