ශ්‍රී ලංකා තරුණ ජනාමධ්‍යවේදීන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු සහ මානව හිමිකම් ක්‍රියාරිකයකු වන ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර හට ලබන 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක

අපරාධ විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස දැනුම් දුන් පොලිස් පණිවුඩයක් ඊයේ (22) ඔහුගේ නිවසට ලැබී තිබේ.

ඒ සම්බන්ධයෙන් විමසීමක් ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක මධුසංඛ නම් නිලධාරියාගෙන් විමසන ලෙසට එහි සදහන් ව තිබී ඇත.

ඒ අනුව එම නිලධාරියාට ඇමතුමක් ගෙන ඒ ගැන විමසද්දී තරිඳු උඩුවරගෙදරගේ යූටියුබ් චැනලය සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාලව මෙම ප්‍රකාශය ගන්නා බව දැනුම් දී තිබේ.  යූටියුබ් චැනලය ගැන විමර්ශනය කරන්නේ කුමන සිදුවීමකටදැයි විමසද්දී ඔහු ප්‍රකාශ කර ඇත්තේ සියලුම වීඩියෝ සම්බන්ධයෙන් විමර්ශනය යන බවයි. 

 
ගුවන් හමුදා බුද්ධි අංශයෙන් කළ පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුවන බවත්, ඇතැම් වීඩියෝවල අන්තර්ගතයට අදාල නැති ශීර්ෂ ඇති බවත් එම නිලධාරියා ප්‍රකාශ කර ඇත.
 

මෙය බරපතල තත්ත්වයකි. තරිඳු උඩුවරගෙදර යනු රාවය, අනිද්දා වැනි පුවත්පත්වල දීර්ඝ කාලයක් සේවය කළ ජනමාධ්‍යවේදියෙකි. ඔහු තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලෙසද වසර 02ක කාලයක් කටයුතු කර තිබේ. වෘත්තීය ජනමාධ්‍යවේදියකු වන තරිඳු උඩුවරගෙදර සිය චැනලයතුලින් තොරතුරු සහ මත ඉදිරිපත් කිරීම සිදු කරන අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකමකි.



එසේ තිබියදී එම මාධ්‍යවේදියාගේ කටයුතු සම්බන්ධයෙන් සහ මාධ්‍ය ආයතනය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සහ ඔහු කැඳවීමත් බරපතල කාරණයක් වන අතර ඔහුගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස හීන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පැමිණිලිකරුවන් කටයුතු කරමින් යන බව පෙනෙන්නට ඇතැයි 'තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය' පවසයි.
 
වර්තමාන ආණ්ඩුව ගෙන යන රාජ්‍ය මර්දනයේ එක් පියවරක් ලෙස තරිඳු උඩුවරගෙදර අපහසුතාවට පත් කිරීමට සහ/හෝ ඔහු අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ ගන්නවාදැයි සැකයක් මතුවන බවද එම සංගමය කියා සිටියි.
 
ජනමාධ්‍යවේදියකු සහ මානවහිමිකම් ආරක්ෂකයකු වන තරිඳු උඩුවරගෙදරගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා කඩිනමින් මැදිහත්වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස 'තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය' ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විනිසුරු (විශ්‍රාමික) රෝහිණී මාරසිංහ ගෙන් හා එහි අධ්‍යක්ෂවරුන්ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. එහි පිටපතක් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ද යොමුකර තිබේ.

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. මෙතනින්

 Whatsapp Leader  40

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්