පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පැමිණිල්ලක් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණියහ.


රෝයල් පාර්ක් සිද්ධියේ විත්තිකරුට ජනාධිපති සමාවදීම සම්බන්ධයෙන් තමා ද සම්බන්ධ කරගනිමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සඳහා තමන් පැමිණි බව උන්වහන්සේ පැවසූහ.

පසුගියදා දෙරණ 360 වැඩසටහනට එක්වු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ රෝයල් පාක් ඝාතනයේ විත්තිකරුට ජනාධිපති සමාව ලබාදෙන ලෙස රතන හිමියන් ඉල්ලීමක් කළ බවය.



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත පැමිණ මාධ්‍ය වෙත අදහස් දැක්වු පූජ්‍ය රතන හිමි මෙසේ පැවසුහ.

 "ජූඩ් ශාමන්ත ජයමහ යන පුද්ගලයාව නිදහස් කරන ලෙස නියෝග කළේ, විශේෂයෙන්ම බන්ධනාගාරය මුල්කරගෙන පවතිනවා විශේෂඥ කමිටුවක්. ඒකට හිටපු නඩුකාරවරු, නීතිඥයින්, මනෝ වෛද්‍ය විශේෂඥවරු ඇතුළු ඇතුළු පිරිසක් තමා මේ පරීක්ෂණය කරන්නේ. එහිදී තමා මේක නිර්දේශ වුණේ. මොහුව මරණීය දණ්ඩනයෙන් නිදහස් කොට ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත් කරලා, ඊට පසු වසර ගණනක් ගියාට පස්සේ, ඔහුට මරණීය දණ්ඩනයෙන් නිදහස් කරන ලෙස ප්‍රකාශ කළේ මේ විශේෂඥ කමිටුව.

විශේෂයෙන්ම මේ පවුලේ අය මා වෙත යොමු කළේ අපවත් වී වළාද මාඳුළුවාවේ සෝභිත හාමුදුරුවෝ. මම කල්පනා කළා අපි සියලුදෙනාම නිදහස් වෙන්න ඕනේ. අනිත් එක ජූඩ් ශාමන්ත ජයමහ නිදහස් කරන්න කියලා අපි නෙමෙයි ඉල්ලුවේ ප්‍රධාන වශයෙනේම. ඒක බන්ධනාගාර දෙපාර්තමේන්තුව ආශ්‍රිතව තියෙන විශ්‍රාමලත් නඩුකාරවරු, මනෝ වෛද්‍ය, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විශේෂඥ මණ්ඩලයක් තමයි ජූඩ් ශාමන්ත ජයමහ නිදහස් කරන්න කියලා ඉල්ලුවේ.

අපි මේක ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ, අවසාන වශයෙන් මේ නිදහස ලැබෙන්නේ ජනාධිපතිතුමාගේ අත්සන නිසා. වක්‍රාකාරයෙන් යම් චෝදනාවකට අපි ගොනුවන නිසා වහාම මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මම අද පැමිණිල්ලක් කළා."


ඝාතන නඩුවේ පසුබිම

Jude                              ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ

රාජගිරිය රෝයල් පාර්ක්‌ සුපිරි නිවාස සංකීර්ණයේ පියගැට පෙළ මතදී 2005 වසරේ ජූනි 30 වෙනිදා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ගෙල සිර කර හිස පොළොවේ ගසා ඝාතනය කිරීමේ චෝදනාවට ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ එම වසරේ දීම අත්අඩංගුවට ගැනිණි.

ස්වීඩන් ජාතික පියෙකු හා ශ්‍රී ලාංකික මවකගේ දියණියක වූ ඉවොන් ජොන්සන් සිද්ධිය වූ දින ඇඟලා සිටි ඇඳුමකින් ගෙල සිර කර තිබූ අතර, හිස සිමෙන්ති පොළොවේ ගැසීමෙන් හිස් කබලේ බිඳීම් 64ක් තිබූ බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වීය.

ඉන්පසු කොළඹ මහාධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු 2012 වර්ෂයේ දී ඔහුට දොළොස් වසරක සිර දඬුවමක් නියම කෙරිණි.

එයට එරෙහිව පැමිණිලිකරුවන් ඉදිරිපත් කළ අභියාචනයෙන් පසු අභියාචනාධිකරණය 2012 වර්ෂයේ දී ඔහුට මරණ දඬුවම ලබා දුන්නේය.

පසුව විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කරන ලද අතර, එහිදී නැවතත් විත්තිකරුට මරණ දඬුවම ස්ථීර කරමින් තීන්දුවක් ලබා දුන්නේය.

මහාධිකරණයට පමණක් නොව අභියාචනාධිකරණයට ද මරණ දඬුවම පැනවිය හැකි බවට 2014 වර්ෂයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නේය.

කෙසේවෙතත්, ජූඩ් ශ්‍රමන්ත ඇන්තනිට 2016 වර්ෂයේ දී විශේෂ ජනාධිපති සමාවක්‌ යටතේ ජීවිත සමාව හිමිවෙමින් ඔහුගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්‌ ලෙස ලිහිල් කර තිබිණ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහුට ජනාධිපති සමාව දී නිදහස් කරනු ලැබුවේ 2019 නොවැම්බර් 11 වෙනිදාය.

එසේ ජනාධිපති සමාව ලබා නිදහස්වූ ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ මේවනවිට රටහැර ගොස් තිබේ. 

 
 
 කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 
 
Screenshot 2022 06 23 at 11.50.54 AM

 
  40

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්