ජනතාව පත්ව ඇති පීඩනය හේතුවෙන් රට තුළ සිවිල් යුද්ධයක් ඇති වීමේ අවධානමක් පවතින බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.

ප්‍රශ්න තව දුරටත් පැවතුණහොත් ජනතාව පැහැරගැනීමට පෙළඹීමත්, ආණ්ඩුව එය පාලන කිරීමත් සමඟ සිවිල් යුද්ධයක් නිර්මාණය වියහැකි බව ඔහු පෙන්වාදෙයි.

රුසියාවෙන් ඉන්ධන සහ පොහොර ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට අවස්ථාවක් ඉල්ලමින් යොමු කළ ලිපියට කිසිඳු ප්‍රතිචාරයක් නොමැති බවද ඔහු සඳහන්  කළේය.

 

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා බකන්නිලාගෙන නොසිට ගැටලුවට උත්තර දියයුතු බවත්, බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කළ යුත්තේ විපක්‍ෂයේ මන්ත්‍රීවරයකුට ඉන්ධන ගෙන්වීමේ වගකීම බාරනොදී වහාම රුසියානු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීම බවත් වාසුදේව නානායක්කාර කීය.

 

ජපානය, චීනය සහ ඉන්දියාව ඒකාබද්ධ ඉදිරියේදී ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට සූදානම් වන බව කී නානායක්කාර මන්ත්‍රීවරයා, එම කණ්ඩායමට රුසියාව ද එකතු කරගත හැකි බව ද සඳහන් කළේය.


රුසියාව සතුව ඉන්ධන, පොහොර සහ ගෑස් තිබීමත් ඔවුන් ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට සූදානම් බවත් ඇමරිකාවේ වලිගය වන අයි.එම්.එෆ්. නිසා ශ්‍රී ලංකාව රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට බියට පත්ව සිටින බව කී මන්ත්‍රීවරයා,  වැඩිදුරටත් පැවසුවේ ආණ්ඩුව තව දුරටත් වගකීම් විරහිතව කටයුතු කළ හොත් ජනතාවගේ ඉවසීම ඉක්මවා යනු ඇති බවයි.

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා එම කාරනා පැවසුයේ, ස්වාධීන වූ පක්ෂ එකමුතුව අද කැඳවූ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්