අද දිනයේ පැවති 'පොහොට්ටු' පක්ෂයේ රැස්වීම දෙකකට සහභාගිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට 'පොහොට්ටු' පක්ෂයේ ආධාරකරුවන් විසින් 'හූ' කියමින් විරෝධය පළකර ඇත.
එසේ විරෝධය පළකර ඇත්තේ, ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකු වන ටී.බී. ඒකනායක මන්ත්‍රීවරයට හා තාරනාත් බස්නායක මන්ත්‍රීවරයාටය.
වීඩියෝ
මිට ඉහතදී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් අනුරාධපුරයේ පැවති මංගල රැලියට සහභාගී වූ ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක වෙතත්, ඊයේ දිනයේදී ඇහැලියගොඩ දී ජෝන් සෙනවිරත්න මන්ත්‍රීවරයා වෙතත් පොහොට්ටු ආධාරකරුවන් විසින් දැඩිලෙස විරෝධය පළකර තිබිණ.
පොහොට්ටු පක්ෂයේ ආධාරකරුවන් විසින් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වෙත මෙසේ දක්වනු ලබන විරෝධය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති තිලාන් ජයසේකර මෙසේ සටහන් කර තිබේ.
''අහිංසක මිනිස්සු ගෙනල්ලා රැස්වීම් වල ගාල් කරවනවා මදිවට මේ කාලකණ්නින්ගේ දඩ බල්ලොන්ගෙන් ගුටිකන්නත් ඕනි. මෙහෙමද යකෝ තොපි #වියත්මග ත් එක්ක #විනයගරුක රටක් හදන්නේ...''
''පිළිවෙලින් අනුරාධපුරෙන් දුමින්දත්, රත්නපුරෙන් ජෝනුත්, හබරාදුවෙන් චන්දිමත් අද තාරානාතුත් බයි හූවෙන් මේ වෙනකොට හොදින් සංග්‍රහ ලබා ඇත. මීලඟ වාසනාවන්තයා දයාසිරි හෝ මහින්ද සමරසිංහ විය හැක. නැතහොත් මහින්ද අමරවීර හෝ සියඹලාපිටිය විය හැක.
මුං මේ විලිලැජ්ජාවක් නැතුව එක එකාගෙන් හූ කකා හංදි ගානේ ස්ටේජ්වල නගින්නේ ගෝඨා දින්නා නැතා ඊළඟ පාර කොහොම හරි පාර්ලිමේන්තු රිංග ගන්න පොටක් පාද ගන්නනේ කියලා හිතෙන කොට පපුව හෝස් ගාලා යනවා.
මේ ඡන්දෙදිත් නිදහස් පක්ෂෙ සෙට් එකට පොහොට්ටුවෝ සලකන්නේ මෙහෙම නම් ඊළඟ මහ මැතිවරණෙදි ඒ ඇත්තොන්ට පාර්ලිමේන්තු යනවා තියා තමන්ගේ දිස්ත්‍රික්කේ පැත්ත පළාතකවත් යන්න ලැබෙන්නෑ.
අනික් උන් නම් හූ නෙමෙයි සඳ ගුටි කෑවත් අපිට කමක් නෑ. ඒත් දුමින්ද. 2015 දි ජීවිත අවධානමකුත් අරගෙන මෛත්‍රී එක්ක තිබුණ ආණ්ඩුවෙන් එලියට බැහැලා ආවේ ප්‍රතිපත්තිමය කාරණා නිසා. දුමින්දට ඒ ආවා කියලා අමුතුවෙන් ලැබිච්ච දේකුත් නෑ. මහින්දගේ ආණ්ඩුවේ කැබිනට් ඇමති උන දුමින්ද එතනම ඉඳලා මහින්ද දිනෙව්වා නම් ඒත් කැබිනට් ඇමති.
ප්‍රතිපත්ති වෙනුවෙන් එලියට ආවා කියලා ඒත් කැබිනට් එකක් ඇරෙන්න කිසි දෙයක් ලැබුනේ නෑ. ඒත් අද මෛත්‍රී වෙනුවෙන් එලියට ආපු දුමින්ද මෛත්‍රී නැතුව තනියෙන් පෝරියල් කනවා.
ඒ නිසා ඇත්තටම අල්ලන් ඉදලා බැරිම තැන ආයෙත් ගිහින් ඒ මඩ ගොහොරුවටම වැටිච්ච දුමින්ද ගැන නම් ඇත්තටම තියෙන්නේ කණගාටුවක්.''