ජපානය ආරම්භ කිරීමට සැලසුම් කළ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති නතර කිරීමට බලපෑ

දේශපාලන තීන්දු පිළිබඳව කනගාටු වන බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි ඉදිරියේ අද ප්‍රකාශ කළේ ය.


ඒ, ජපාන තානාපතිවරයා අද පෙරවරුවේ හමුවූ අවස්ථාවේදී ය.

ජපන් රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීම් ඇරඹූ කටුනායක ගුවන්තොටුපොළ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන් සකස් කෙරුණු විශේෂ වාර්තාවක් අමාත්‍යවරයා තානාපතිවරයාට මෙහිදී භාර දුන්නේ ය.

ශ්‍රී ලංකාව අසීරුතාවට පත් වූ සෑම අවස්ථාවකදී ම ජපාන ජනතාව සහයට ඉදිරිපත්වීම ඉතා ම ගෞරවයෙන් සිහිපත් කරන බව නිමල් සිරිපාල සිල්වා එහිදී ප්‍රකාශ කළේ ය.

එසේ ම ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත නව කර්මාන්ත පුරයක් සඳහා ඉඩම් වෙන්කර ඇති අතර ඒ සඳහා ජපාන ආයෝජකයන් දිරිමත් කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී ජපාන තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කළේ ය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ජපාන ආධාර යටතේ ඉදිකිරීමට සැලසුම් කරමින් සිටි කොළඹ නගරය ආශ්‍රිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ද නතර කෙරිණි.


ජපන් තානාපති හා අධ්‍යාපන ඇමති අතර හමුවක්                        

මේ අතර ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂී හිදාකි (Mizukoshi Hideaki) හා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක් අද (24) දින   'ඉසුරුපාය' අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුවිය.

 ජපානය හා ශ්‍රී ලංකාව අතර ඇති අන්තර් ජාතික සබඳතා සහ අප රටේ වත්මන් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්දයෙන් ද අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ පිළිිවෙල පිළිබඳවද මෙහිදි සාකච්ඡාට බඳුන් වී ඇත.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ලබන දරුවන් ජපන් භාෂාව විෂයක් ලෙස හැදෑරීමේ වැදගත් කම පිළිබඳව ද වැඩිදුරටත් මෙහිදී සාකච්ඡාකර තිබේ.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඕනෑම අවශ්‍ය අවස්ථාවක දී තම සහයෝගය ලබාදීමට ජපන් තානාපතිවරයා සහතික වී තිබේ.

ljkhsklf

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්