ජාතික රූපවාහිනිය වගකිව යුත්තේ මහජනතාවට මිස දේශපාලකයින්ට නොවන බව

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නව සභාපති අසංග ජයසූරිය පවසයි.

පෙරේදා (24) දිනයේ ඔහු එබව අවධාරණය කර සිටියේ, රූපවාහිනි ප්‍රවෘත්‍ති අංශය අමතා විශේෂ දේශනයක් පවත්වමිනි.

මින් ඉදිරියට ජාතික රුපවාහිනිය ස්වාධීනව සහ අපක්ෂපාතීව නිවැරදිව ප්‍රවෘත්ති හැසිරවිය යුතු බවට ඔහු එහිදී අවධාරණය කර තිබේ.

තමන් ඒ සඳහා කිසිඳු මැදිහත්වීමක් සිදු නොකරන බවද ඔහු එහිදී සඳහන් කර ඇත.


'' පසුගිය කාලයේ ජාතික රුපවාහිනිය පාඩු ලැබීමේදී නඩත්තු වී ඇත්තේ ජනතාව ගේ බදු මුදලින්. කිසිම දේශපාලඥයකු මේ සදහා මුදල් ආයෝජන කර නැහැ. මේ නිසා රුපවාහිනී ප්‍රවෘත්‍ති මහ ජනතාව වෙනුවෙන් කැපවූ ප්‍රවෘත්තියක් විය යුතුයි. රුපවාහිනීය ජපන් රටෙන් ලැබුණු තෑග්ගක්‌. ජපන් රටට ගරු කිරීමට නම් NHK නාලිකා වල මෙන් ගුණාත්මක හා ප්‍රමිතයෙන් යුතු පුවත් සැපයිය යුතුයි.'' නව සභාපති පැහැදිලිව ප්‍රකාශකර තිබේ.

 

ඔහු තවදුරටත් මෙසේද සඳහන් කර තිබේ.

''ප්‍රවෘත්ති වාර්තාකරණයේ වැදගත්ම මුලධර්මයක් වනුයේ තහවුරු (check) කර ගැනීමයි. එය අප අනුගමනය කළ යුතුයි. කිසියම් කෙනෙක් හට මඩ ගැසීමට හෝ තව කෙනෙක් අතිශෝක්‍යයෙන් පිම්බීමට මේ වටිනා ගුවන් කාලය නොයෙදිය යුතුයි.

අද අපිට සිටින්නේ බුද්ධිමත් තරුණ පිරිසක්. ඔවුන් ගේ ගුණාත්මක බව ඉහල දැමීමට මිස බුද්ධියට නිගා කරන ලෙස ප්‍රවෘත්තිකරණය නොකළ යුතුයි.

මාධ්‍ය සදාචාර ආරක්ෂා කළ යුතුයි. බොහෝ මාධ්‍ය මිනිසුන් ගේ දුක විකුණලා 'රේටින්' හොයනවා. මළ මිනී, හඩා වැලපෙන මිනිස්සු රස කරමින් පෙන්නනවා. ජාත්‍යන්තර මාධ්‍ය වල මේ වගේ මළ මිනී පෙන්නන්නේ නෑ. අපිට දැන්වීම් ලැබෙන්නේ ජනතාව මෙය බලන නිසා. ඔවුන්ට ගෞරව කළ යුතුයි. ඔවුන් නගා සිටුවන්න වැඩසටහන් කළ යුතුයි.

ප්‍රවෘත්ති ස්වාධීනව පවත්වාගෙන යාමට මම කටයුතු කරනවා. ඒ සදහා අනවශ්‍ය ඇඟිලි ගැසීම් කරන්නේ නෑ. බැරි නම් මෙයින් ඉවත් වනවා මිස මගේ හිතට විරුද්ධ දෙයක් කරන්නේ නෑ. මේ වගකීම් මාධ්‍යවේදීන් භාර ගත යුතුයි. ප්‍රවෘත්ති  වල ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතුයි.''

 
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න, 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්