'සියත' රුපවාහිනියේ සතියේ දිනවල දිනපතා රාත්‍රී 8.30ට විකාශයවන 'කවී'' (Kavi) ටෙලිනාට්‍ය අද දිනයේ
(14) විකාශය කිරීම අත්හිටුවීමට එම ආයතනයේ පාලනාධිකාරිය පියවර ගෙන ඇත. එම පියවර ගෙන ඇත්තේ කිසිඳු පූර්ව දැනුම්දීමකින් තොරවය.
එම ටෙලියේ අද විකාශයවීමට තිබු කොටසේ (Episode) දේශපාලකයකු විසින් මාධ්‍යවේදියකු පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් දැක්වෙන රුපරාමු පෙළක් තිබීම මෙසේ අද විකාශය අත්හිටුවීමට හේතුවී ඇතැයි වාර්තාවේ.
මෙම රුපරාමු ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අයකුට සෘජුව බලපානු ඇති බව එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් පෙන්වාදී ඇතැයි ද පැවසේ.
රාජපක්ෂ පාලන සමයේදී නාදුනන සන්නද්ධ පිරිසක් විසින් 2010 ජූනි 30 දා කොළඹ ‘සියත’ ආයතනයට ගිනිතබා අලාභ හානි සිදුකළේය.
රාජපක්ෂ පාලන සමයේදී ජනමාධ්‍ය ආයතන කිහිපයක් ප්‍රහාරයට ලක්වුයේ මෙසේය.
1- 2007 ජනවාරි 01 නුගේගොඩ පිටකෝට්ටේ ‘ලංකා’ මුද්‍රණාලයට ගිනිතැබීම,
2 - 2007 නොවැම්බර් රත්මලාන 21 ‘ලීඩර්’ මුද්‍රණාලයට ගිනිතැබීම,
3 - 2007 දෙසැම්බර් 27 ඇමැති මර්වින් සිල්වා ජාතික රූපවාහිනී සංස්ථාවට කඩා වැදීම,
4 - 2009 ජනවාරි 06 පන්නිපිටියේ ‘සිරස’ ආයතනයට බෝම්බ ගැසීම,
5 -2009 පෙබරවාරි 23 නුගේගොඩ ‘මැක්ස්’ ආයතනයට පහරදීම,
6 -2009 මාර්තු 24 යාපනයේ ‘උදයන්’ කාර්යාලයට ග්‍රෙනේඕ ප්‍රහාරය,
7 - 2010 ජූනි 30 කොළඹ ‘සියත’ ආයතනය ගිනිතැබීම,
8 - 2011 ජනවාරි 31 මාලඹේ ‘ලංකා ඊ නිව්ස්’ කාර්යාලයට ගිනි තැබීම,
9 - 2013 අප්‍රේල් 10 යාපනයේ ‘උදයන්’ මුද්‍රණාලය ගිනිතැබීම
මෙසේ ප්‍රහාරයට ලක්වූ කිසිඳු ජනමාධ්‍ය ආයතනයකට යහපාලන ආණ්ඩුවෙන් වන්දි මුදලක් හෝ හිමි නොවිම විශේෂ කාරණයකි.