අද (27) සිට ලබන 03 වැනිදා දක්වා පාසල් පැවැත්විය යුතු ආකාරය සංශෝධනය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.



ඒ අනුව, බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් අද (ජුනි 27) සිට ලබන 01 වැනිදා (ජුලි 01) දක්වා සතිය තුළ පාසල් නොපැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එමෙන්ම 2022 ජුනි 27 සිට ජූලි 01 දක්වා වන සතිය තුළ පසු ගිය සතියේ ග්‍රාමීය පාසල් පැවැත් වූ ආකාරයටම සිසුන්ට සහ ගුරුවරුන්ට ප්‍රවාහන අපහසුතාවයක් නොපවතින්නේ නම්, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනයන්හි පාසල් පැවැත්වීමට කටයුතු කරන ලෙස දැනුම් දෙනු ඇත.

එමෙන්ම ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මෙම දිනයන්හී පාසලට නොපැමිණෙන ගුරුවරුන් සඳහා පෞද්ගලික නිවාඩු ලෙස සටහන් නොකරන ලෙස ද මේ වන විටත් දැනුම් දී තිබේ.

එහෙත් එම සතිය තුළ පාසල් පවත්වාගෙන යාම පිළිබඳ යම් ගැටලුකාරි තත්ත්වයක් පවතින්නේ නම් පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් පළාතේ ගරු ආණ්ඩුකාරවරුන් දැනුවත් කර එම තීරණයට අනුව කටයුතු කරන ලෙස දැනුම් දෙනු දෙයි.

2022 ජුනි 27 දිනෙන් ආරම්භ වන සතිය තුළ අ.පො.ස උසස් පෙළ සඳහා වාර පරීක්ෂණ පැවැත්වීමට සූදානම් කර ඇත්නම් එම වාර පරීක්ෂණ සති දෙකකින් පසු පැවැත්වීමට කටයුතු කරන ලෙස ද දන්වනු ලැබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය පෙරේදා (25) නිවේදනය කරනු ලැබුවේ, පසුගිය සතියේ වසා දමා තිබූ නගර ආශ්‍රිත පාසල් දින 03ක් පවත්වන ලෙසය.

නමුත් පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් එම තීරණය වෙනස් කර බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

WhatsApp Image 2022 06 27 at 10.12.49 AM

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්