''මං දන්නෙ නෑ ධම්මික මේ මීඩියාවලට කියන කතා කරයිද කියල. කළත් ඒකෙන් ලොකු දෙයක් වෙයිද කියල. හැබැයි රුපියලක් හරි තමන්ගේ පුද්ගලික මුදල් වලින් රටට දානවා කියන්නෙ මීට කලින් කිසි දේශපාලකයෙක්

කරපු වැඩක් නම් නෙමෙයි.'' චින්තන ධර්මදාස පවසයි.

ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයකු හා දේශපාලන විශ්ලේෂකයකුවන චින්තන ධර්මදාස එබව සිය ෆේස්බුක් පිටුවේ සටහන් කර ඇත්තේ, ව්‍යාපාරික ධම්මික පෙරේරා අමාත්‍යවරයා ඊයේ (27) රාත්‍රීයේ ටීවි දෙරණ ඔස්සේ විකාශය වූ 360 වැඩසටහන සමග එක්වෙමින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

''මම ඇමතිකම ගත්තේ මසකට මිලියන 50 ගාණේ පුද්ගලික ධනයෙන් වියදම් කරන්න බලාගෙන'' ධම්මික පෙරේරා එම වැඩසටහනේ දී අවධාරණය කළේය.

“එකක් තියෙනවා, ඔය ටෙන්ඩර් කෝල් කරලා වැඩ කරන්න ගියොත් එහෙම ඒකට ලොකු කාලයක් යනවා. මම ඒක හින්දා මේ ඇමති ධුරයේ වැඩ භාරගත්තේ මගේ පුද්ගලික සල්ලිත් මාසෙට මිලියන 50 ගාණේ දානවා කියලා හිතාගෙන. ඉතින් ඒක හින්දා ඒ වගේ සල්ලියකින් මට ඒ ඕනෙ දෙයක් කරන්න පුළුවන්. මං ඒ වගේ බජට් එකක් මං වෙනුවෙන් වෙන් කරගෙන තමයි මේ පුටුවේ ඉඳගත්තෙ. නැතුව ආණ්ඩුවේ සල්ලි බලාපොරොත්තුවෙන් නෙවෙයි.

මාසෙකට මිලියන 50ක් මම මිනිස්සු වෙනුවෙන් මගේ පුද්ගලික ධනය දානවා. ගන්න ඕනෙ ඒවා මේ ටෙන්ඩර් කෝල් කර කර මාස තුනක් ඉන්න පුළුවන් කෙනෙක් නෙවෙයිනෙ ධම්මික පෙරේරා කියන්නෙ ? මට දැන් ඕනෙ නම් හවස් වෙනකොට ගන්න ඕනෙ. එතකොට හවස් වෙනකොට ආණ්ඩුවෙ සල්ලිවලින් ගන්න බෑනෙ ? එතකොට පුද්ගලික සල්ලිවලින් තමයි ගන්න ඕනෙ. ඉතින් මම ඒ ඔක්කොම ලෑස්ති කරගෙන තමයි මේ පුටුවේ ඉඳගත්තේ” ව්‍යාපාරික ධම්මික පෙරේරා කියා සිටියේය.


''මගේ සල්ලිවලින් තව පාස්පෝට් කන්තෝරුවක් හදනවා''



සිය පෞද්ගලික ධනයෙන් නව ආගමන විගමන කාර්යාලයක් යාපනයේ දී විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍ය ධම්මික පෙරේරා එහිදී කියා සිටියේය.

"දැනුත් වෙබ් සයිට් එකට ගියොත් අද දැම්මොත් කවද්ද එන්න පුළුවන් කියලා ඔන්ලයින් අගෝස්තු 23 තමා එන්නේ. එදාට තමා ඔබතුමාට පාස්පෝට් එක හම්බෙන්නේ. මෙහෙම දීලා ශ්‍රමිකයෝ රට යවන්න බැහැනේ. මේක වේගවත් කරන්න ඕනේ. මාව ආය ගෙන්වන්න මාසයකින් දෙකකින් විතර. ගෙනල්ලා ඔය ප්‍රශ්න ටික ඔක්කෝම අහන්න."

ප්‍රශ්නය - දීපව්‍යාප්ත කරන්න හදනවා ද?

"මාතර ශාඛාවක් තියෙනවා. ඒකේ එක්දින සේවය නෑ. ඒ නිසා මාතර පැත්තේ අය කොළඹ ඇවිල්ලා රෑ නිදිමරලා, පෙට්ටිවල බුදියගෙන ඉන්නේ. ඒ නිසා එක්දින සේවය මාතර පටන් ගන්නවා. මහනුවර තියෙනවා ශාඛාවක් ඒකෙත් එක්දින සේවය නෑ. එතන අයත් කොළඹ ඇවිත් තමා එක්දින සේවය ගන්න පෝලිමේ ඉන්නේ. එතැනත් ඒක පටන් ගන්නවා. වව්නියාව, යාපනය ඉන්න අයත් කොළඹට එනවා. වව්නියාවෙත් පටන් ගන්නවා. මට කුරුණෑගල නම් පින්ටර් එකක් නෑ කියලා තමා තියෙන්නේ. මට ජනාධිපතිතුමා කිව්වා තව පළාත් පහක කාර්යාල 5ක් අරින්න කියලා. පළවෙනි එක මගේ සල්ලිවලින් මම යාපනයේ අරිනවා. ටෙන්ඩර් කෝල් කරන්න ගියොත් මාස 6ක් වගේ යනවා නේ. අනිත් ඒවට ඩොනේෂන් වගේ ගන්න පුළුවන් නම් ඉතුරු 4ත් ඒ විදියට හදාගන්නවා."



ධම්මික පෙරේරාගේ කාර්යයන් සහ ආයතන ගැසට් කෙරේ


ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය, ව්‍යාපාරික ධම්මික පෙරේරාට අදාළ කාර්යයන් සහ රාජකාරී ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඊයේ (27) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සදහා ආයතන 07ක් ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව, කොළඹ වරාය නගරය ආශ්‍රිත ව්‍යාපෘතිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, කලම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්, ටෙක්නෝපාක් ඩිවලප්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් සහ තොරතුරු තාක්ෂණ උද්‍යාන අදාළ අමාත්‍යංශයට අයත් වේ.



තමන් ඉදිරි මාස 06ක කාලය තුළ මෙරට පවතින ආර්ථික අර්බුදය විසදීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා ඊයේ රාත්‍රී ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ 360 වැඩසටහන සමග එක්වෙමින් අවධාරණය කර සිටියේය.
1d 28

2 d28

D2 28

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්