රට හමුවේ ගෑස් අර්බූදයක් මවා පා හදිසි මිලදී ගැනීම් කියමින් මහා පරිමාන මුල්‍ය වංචාවක් සිදුකර ඇතැයි

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

ආන්දෝලනයට තුඩු දී තිබෙන ලිට්රෝ සමාගමේ ගෑස් මිලදී ගැනීමක් පිළිබඳව කරුණු හෙළිදරව් කරමින් ඔහු එබව කියා සිටියේ අද (28) පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් ඔහු මෙසේ පැවසිය.


''ලිට්‍රෝ ගෑස් අර්බූදය කෘත්‍රිමයි ! සියල්ල කළේ මහ පරිමාණ දූෂණයකට'' !!


''ගිය වසරේ අග භාගයේ දී ප්‍රකාශයට පත් කරලා ලිට්රෝ සමාගම විසින් ගෑස් මෙට්‍රික් ටොන් දෙලක්ෂ අසූ දාහක් (2,80,000) මුලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් කළා. ඒ ටෙන්ඩර් කැඳවීම පෙබරවාරි මාසේ 24 වැනිදා මේ අවුරුද්දේ අවසන් කරන්න තිබ්බත් ඒක නැවත කල්ගියා 16 වෙනිදා වෙනකම් මාර්තු මාසේ.

ඊට පස්සේ අවසානාත්මක වශයෙන් අප්‍රේල් මාසයේ 8 වෙනිදාට නියමිතව තිබුණත් 26 වෙනිදා මේ ටෙන්ඩර් කැඳවීම අවසන් කරනවා.

ඒ අනුව ලැබිච්ච ටෙන්ඩර් වලින් අඩුවෙන්ම එක් සමාගමක් දීලා තියනවා, CP + US$ 96 ට. ඒ කියන්නේ contract price + US$96 ( $ 96 per Mt ) ඇමරිකානු ඩොලර් 96 වශයෙන්.

ඊගාව දෙවෙනි එක්කෙනා තමයි මේ ආන්දෝලනාත්මක සමාගම, ඕමාන් සමාගම ඉදිරිපත් කරලා තියෙන්නේ, CP + US$ 129 ( $ 129 per Mt ).

එතකොට අඩුවෙන්ම දුන් එක මුදුන් එක්කෙනාට වැඩිය එක මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 34 ක වැඩිවීමක් තියෙනවා.


1). Siam trading  ගෑස් මෙට්‍රික් ටොන්  එකක් සඳහා නෞකා ගාස්තුව -
ඇමරිකානු ඩොලර් 96 වශයෙන් ද ( $ 96 per Mt )

2). O Q  trading  ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා නෞකා ගාස්තුව -
ඇමරිකානු ඩොලර් 129 වශයෙන් ද ( $ 129 per Mt )


මේ අනුව එම ටෙන්ඩර් විවෘත කිරීමෙන් අනතුරුව අඩු ම ටෙන්ඩර් ලන්සුව කැඳවපු සමාගමට ලබා දෙන්න ලිට්‍රො සමාගම මගින් ලිඛිතව දැනුම් දෙනවා. කැබිනට් මණ්ඩලය මගින් අනුමත කරලත් තියෙනවා. මුදල් අමාත්‍යාංශය මගින් අනුමත කරල තියෙනවා කියන මෙන්න ඒ ලියුම.

මේ ලියුම ලබාදෙන්නේ මැයි  මාසේ 4 වෙනිදා. ඒ අනුව ලිට්රෝ සමාගම මගින් ජුනි පළවෙනිදා නමින් මෙන්න draft  document එක.


FM 1

FM Draft

ටෙන්ඩර් එකට අවශ්‍ය ගිවිසුම් ගත වීම සඳහා අවශ්‍ය ගිවිසුම සකස් කරනවා. ඒ සකස් කරලා ඊට පසුව  එම සමාගමට දැනුම් දෙනවා ඩොලර් හිඟතාවය නිසා මේ ගිවිසුම ඉදිරියට ගෙනියන්න ලැබෙන්නෙ නෑ කියලා.

ඒ අතරවාරයේදී එම සමාගමෙන් පසුව විමසීමක් කරනවා හදිසි මිලදී ගැනීමක් සඳහා මෙට්‍රික් ටොන් පහළොස් දාහක් ලබා දෙන්න පුලුවන්ද කියලා. ඒ අනුව ඔවුන් ලබා දෙනවා නැවත sales offer එකක්. CP + US$ 102 ට ලබා දෙන්න පුළුවන් කියලා. ඒක හැබැයි පළමු වටයේ 6600 කුත් දෙවන වටයේ  9300 කුත් වශයෙන්.

මෙන්න මේ කෑල්ල අල්ලගෙන තමයි ලිට්රෝ සමාගම කියන්නේ එම සමාගමට 6600 ක් තමයි දෙන්න පුළුවන් වෙන්නේ, අන්න ඒ නිසා සිලින්ඩරයක ට රුපියල් හැත්තෑ හතයි සත 50 ක වැඩිවීමක් තුල අපි දෙවෙනියාට, ඊළඟ කණ්ඩායමට මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ලබා දෙනවා කියලා.

අපි පැහැදිලිව කියන්න කැමතියි මැයි මාසේ තුන් වෙනිදා offer letter එකත්, approve කරපු එකත් දීලා, ජුනි මස පළමුවෙනිදා agreement එකක් ලෑස්ති කරලා අස්සන් කරන්න, දැන් අපි මේ ඉන්නේ ජූනි මාසේ මාසේ 28 වැනිදා, මීට දවස් 27කට කලින් draft කරපු එකත් පැත්තකට තියලා, මෙට්‍රික් ටොන් දෙලක්ෂ අසූ දාහක් ගෙන්නන්න තිබිච්ච ටෙන්ඩර් එකේ අඩුම ලංසු ලාභියාට CP + 96 ට දෙන්නෙ නැතුව, ඊළඟට ලංසු ලාභියාවන CP + 129 ට මේක ලබාදීම තුළ එක මෙට්‍රික් ටොන් එකකට ඩොලර් තිස් හතරක් වැඩිපුර ගෙවන්න වෙලා තියෙනවා.


මේ අර්බුදකාරී තත්ත්වය තුළ crisis management එකක් තුළ හොරා කනවද කියන සැකය මතු වෙන්නේ මෙතනදි.

එතකොට මෙට්‍රික් ටොන් ලක්ෂයකට කියා ගෙවන්න වෙලා තියෙනවද? ඩොලර් මිලියන 3.4 ක්. එතකොට ඩොලර් මිලියන 3.4 ක් වැඩිපුර ගෙවන එක පිට්ටු සමාගම සහ මේ කණ්ඩායම කොයි විදියට ද සාධාරණීයකරණය කරන්න හදන්නේ.

මේගොල්ලෝ සාධාරණීයකරණය කරන්න හදන්නේ රටේ තිබෙන පෝලිම් ඉක්මනින් ඉවර කිරීම සඳහා මාස හතරක අවශ්‍යතාවයක් වූ මෙට්‍රික් ටොන් ලක්ෂයක් ඉක්මනින් මිලදීගෙන හදිසි මිලදී ගැනීමක් කරලා අපි මේ පෝලීන් ටික නැති කරන්න යනවා කියල ඉවර වෙලා දෙන්න හදන්නෙ කාටද, දෙලක්ෂ අසූ දාහක් ගෙන්නන්න ටෙන්ඩර් කැඳවලා CP + 96 ලංසුව තියෙද්දි, මේ හදිසි අවශ්‍යතාවය මුවාවෙන් CP + 129 දෙනවා කියන්න එතන හොරා කෑමක් හෝ යටිමඩි ගැසීමක් කරන්න තමයි මේ යන්නේ.



ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමතියි මේ රට හදන්න නම්, ජනතාව කියන විදිහට ඉස්සෙල්ලාම මේ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරින් අවංක වෙන්න ඕන. හොරකම් කරන එක නතර වෙන්න ඕන. අනිත් එක මේක හෙනගහන අපරාධයක්.



මිනිස්සු දවස් දවස් ගණන් පෝලිම් වල රැඳිලා අව්වේ වේලිලා, ගෑස් නැවක් කවදා එයිද කියලා දන්නේ නැතුව, ගෑස් සිලින්ඩර ගෑස් කඩේ ගාව තියලා ගිහින් තියෙද්දි, මිනිස්සු එළිවෙනකම් බලන් ඉන්දෙද්දී, දර ලිපෙන් උයන්ට පුරුදු වෙද්දී, විශේෂයෙන් මහල් නිවාස වල අයට ලාම්පු තෙල් ලිපකින්වත් උයා ගන්න බැරිවෙලා තියෙනවා, ගෑස් නැතිනිසා සහ ලාම්පුතෙල් නොලැබෙන නිසා.

 එහෙම තත්ත්වයක් තියෙද්දිත් මේකෙන් හොරකම් කරනවා නම් මේක හෙනගහන අපරාධයක්. අර ගමේ භාෂාවෙන් කියනවා නම්, මේකෙන් හොරකම් කරන අය පනුවෝ ගහල මැරෙන්න ඕන.

දැන් සමහරවිට කියයි අපි මේ වගේ හොරකම් එළිදරව් කරන කොට අන්න කාට හරි කඩේ යනවා කියලා. අපිට කමක් නෑ මොකද අපේ දෑත් ඔක්කොම පිරිසුදුයි.

අපි පැහැදිලිව කියන්න කැමතියි 2015 රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා මාස තුනක් ගියේ නෑ ඒ හිටපු ආණ්ඩුවට චෝදනාවක් ආවා මහ බැංකුව කැඩුවා කියලා. අද ඩොලර් මිලියන 3.4 ක් කියලා කියන්නේ ඒක 365න් වැඩි කලොත් මේකෙන් ගහනවා නං රුපියල් බිලියන 1.2 කට අධික ප්‍රමාණයක් හොරකම් කරන්න ලෑස්ති වෙලා තියෙන්නෙ.



ඒ නිසා මේ රටේ ජනතාවට කියන්න කැමතියි ඔව් අපිට ගෑස් ඕන. ගෑස් පෝලිම එපා. අපිට පෝලිමේ ඉන්න බෑ අපිට දුක් විඳින්න බෑ ඒක ඇත්ත. අපිට ගෑස් දෙන මුවාවෙන් හොරා කන්න ඉඩ දෙන්නත් එපා. ඒ නිසා ගෑස් පෝලිම නැති කරන්න තෙල් පෝලිම නැති කරන්න මෙහෙම හොරකම් කරන එක නෙමෙයි කරන්න ඕන.  



කෝප් කමිටුවේ සාමාජිකයෙක් විදිහට අපි දකිනවා ගෑසුත් හදිසි මිලදී ගැනීම්, විදුලියක් හදිසි මිලදී ගැනීම්, තෙලුත් හදිසි මිලදී ගැනීම, මේ හදිසි මිලදී ගැනීම හරහා තමයි ගැහිල්ල තියෙන්නෙ. හදිසි මිලදී ගැනීම් හරහා ගහන්න ඕන නෑ මේ පෝලිම නැති කරන්න. පෝලිම නැති කරන්න එක දෙයයි කරන්න තියෙන්නේ.

රනිල් වික්‍රමසිංහ මහත්තයාටයි ගෝඨාභය ටයි කවුරුවත් සත පහක් දෙන්නේ නෑ. ඇමෙරිකාවෙන් දෙන්නෙත් නෑ එංගලන්තයෙන් දෙන්නෙත් නෑ යුරෝපයෙන් දෙන්නෙත් නෑ. එක සුද්දෙක් සත පහක් දෙන්නේ නෑ. ඒ නිසා ඉතුරු වෙලා තියෙන්නෙ මැද පෙරදිග රටකින් G to G credit line එකකින් තෙල් ගන්න මාස 6කට අඩුම ගානේ. එතකොට G to G ආවම හොරා කන්න බෑ. පෝලිම නැතිවෙනවා.

 

එතකොට ඒකට වියදම් කරන මාසිකව ඩොලර් මිලියන දෙසිය 250 න් මාසකට ගෑස් වලට අවශ්‍ය ඩොලර් මිලියන 25 යි. පොහොරවලට අවශ්‍ය වෙන්නේ අවුරුද්දටම ඩොලර් මිලියන 600 යි. ඒක 12න් බැලුවහම 50. ඔක්කෝම 75යි. දෙසීයෙන් 75ක් දාපුහාම එතකොට තෙල් පෝලිමක් නෑ. ගෑස් පෝලිමක් නෑ.



මම බලාපොරොත්තු වෙනවා මේ කරුණු මත පදනම්ව කෝප් කමිටුවේ සභාපති වරයාගෙන් ඉල්ලීමක්  කරන්න, ලිඛිතව මං ලියුමක් යවනවා හෙට එතුමට, මේ මිලදී ගැනීමට සූදානම් වන මේ හොරා කන්න සූදානම් වීම සම්බන්ධව වහාම මේ අය කෝප් කමිටුව හමුවට කැඳවලා පරීක්ෂණයක් කරන්න කියලා.

හොරා කෑවායින් පස්සෙ කතා කරලා වැඩක් නෑ. කන්න කලින් මේක අල්ලගන්න ඕන. මේ අර්බුදය කළමනාකරණය කරන මුවාවෙන්, ජනතාව දුක් විඳින එක නැති කරන්න යනවා කියන මුවාවෙන්, හොරකම් කරන්න යන්න එකට ඉඩ දෙන්න බෑ.

මේ මාධ්‍ය හමුවෙන් මේකෙ කරුණු ඉවර කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ. මේක දිගටම ඇදගෙන යන්න. මේ හොරකම නවත්තන්න සහ හදිසි මිලදී මිළදී ගැනීම්වලින් අනික් අනෙක් ආයතන ඒ අයටත් මේක දැනෙන්න අපි මේක ඇදගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

මාධ්‍යවේදී මහත්තුරු සියලු දෙනාගෙන් මං ඉල්ලීමක් කරනවා ඔබතුමන්ලා ටත් වගකීමක් තියෙනවා. ඔබතුමන්ලාත් මේ රටේ පුරවැසියො. ඔබතුමන්ලා තෙල් පෝලිමේ ඉන්නවා ඔබතුමන්ලා ගෑස් පෝලිමේ ඉන්නවා. ඔබතුමාලටත් බේත් නෑ, ඔබතුමාලගේ ළමයින්ටත් ඉස්කෝලෙ යන්ට නෑ. මං කියනෙක වැරදි නම් කියන්න.

ජීවන වියදම උහුල ගන්න අමාරුයි. එළවළු තුනක් එක්ක කෑවා නං අද කන්නේ දෙකක් එක්ක. වේල් තුන කාපු අය අද දෙවේලක් කනවා. මේ සියල්ල අසාර්ථක මූල්‍ය කළමනාකරණය සහ හොරා හොරා කෑමේ ප්‍රතිවිපාක.

ඒ නිසා පුරවැසි වගකීමක් විදිහට මේක ඇදගෙන යන්න.. මේකෙ පිටපතක් මං තමුන්නාසේලාට ලබා දෙනවා. මේවා විමර්ශනාත්මකව හොයලා බලලා වැඩ කරන්න කියලා මම ඉල්ලන්න කැමතියි''

 

 


සබැඳි පුවත් :

ගෑස් අඩුම මිලකට ගෙනත් දෙන්න තුර්කි සමාගමක් එයි !

'ටෙන්ඩර් මගඩි' කතා ගැන ලිට්රෝ කියන කතාව!


  


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්