රටේ පවතින අර්බුදය කුමක්දැයි තවම දැනිලා නැද්ද යනුවෙන් තමන්ගේ අරගලය
ප්‍රශ්න කරන අයගෙන් පෙරළා විමසන බව 'ගෝඨාගෝගම' අරගලකරුවෝ පවසති.
අරගලකරුවන් නියෝජනය කරමින් අද පැවැති මාධ්‍ය හමුවක දී සසිඳු සහන් තාරක ප්‍රකාශ කළේ, ජනතාව මේ වන විට තෙල් පෝළිම්වල ගෑස් පෝළිම්වල බල්ලන් බළලුන් ලෙස මිය යමින් සිටින බවය.
"ඒවට වග කියන්නෙ කවුද? ඒවා ජීවිත නෙවෙයිද? ඒ ජීවිතවලට වන්දි ගෙවන්නෙ කවුද?" යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි.
සමහරුන් පවසන ආකාරයට අරගලකරුවන් සිදු කරන්නේ 'ජෝක් එකක්' නොවේ. ජෝක් කරමින් අරගල කිරිමේ අවශ්‍යතාවයක් නොමැත. සහකම්පනය සහිත මිනිසුන් ලෙස අරගල සිදුකරන්නේ අනෙක් මිනිසුන් ගැන සිතා ය.
"එන්න, තමන් යුක්තිය වෙනුවෙන් පෙනී ඉන්නවා මර්දනයට එරෙහි වෙලා තමන් ඉන්න තැනින් ම නැගිටින්න" යනුවෙන් අරගලකරුවෝ මහජනතාවගෙන් ආයාචනා කරති.
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.