ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න (වමේ) සහ ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් ක්‍රිකට් තරග දෙකට පෙර 2022 ජුනි 28 වන දින ගාල්ලේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට්

ක්‍රීඩාංගණයේදී වෝන් මුරලිදරන් ටෙස්ට් කුසලානය සමඟින් පෙනී සිටිමින්. (ඡායාරූප මූලාශ්‍රය, GETTY IMAGES)



වෝන් - මුරලි කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අද (ජුනි 29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටියේදී ආරම්භ වීමට නියමිතය.

මේ තරගාවලිය ශ්‍රී ලංකාවෙන් බිහිවූ අති විශිෂ්ටම දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් සහ ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ විශිෂ්ටම දඟ පන්දු යවන්නා වන ෂේන් වොන් නමින් නම් කර තිබීම විශේෂත්වයකි.

වෝන් - මුරලි කුසලානය මෙවර පැවැත්වන්නේ, මීට මාස කිහිපයකට ඉහත දී ෂේන් වොන් හදිසියේ මෙලොව හැර ගිය පසුබිමකයි.

1982 වසරෙන් ඇරඹෙන ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා ටෙස්ට් වංශ කතාවේ වැඩි ගෞරව ඔස්ට්‍රේලියාට හිමි වන අතරවාරයේ, ශ්‍රී ලංකාවද පෙරළිකාර ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්ව ඇත.

දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 31ක දී ඔවුනොවුන් එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 16ක ජයග්‍රහණය ඕස්ට්‍රේලියාව සතු වෙද්දී, ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති තරග සංඛ්‍යාව 4කි.

ඒ අතරතුර තරග 8ක් ජයපරාජයෙන් තොරව අවසන් වී තිබේ.



2016 ටෙස්ට් තරගාවලිය:



SL whitewash series2
මෙරට ක්‍රිකට් ඉතිහාසයට ස්වර්ණමය මතකයක්.



කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සිය රටේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගාවලි දෙකක් ජයග්‍රහණය කර ඇති අතර පළමු තරගාවලි ජයග්‍රහණය 1999 වසරේදී වාර්තා කළ අතර දෙවැනි ජයග්‍රහණය ශ්‍රී ලංකාවේදී පැවති අවසන් තරගාවලියේදී වාර්තා කලේ 2016 වසරේදී ය.

2016 වසරේදී ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගාවලිය 3-0 ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුණේ මෙරට ක්‍රිකට් ඉතිහාසයට ස්වර්ණමය මතකයක් එක් කරමිනි.

එම ජයග්‍රහණයේ ආඩම්බරය මව්බිමේදී තවදුරටත් රඳවා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩයමේ ප්‍රමුඛ අරමුණ බවට පත්වී තිබෙන බවට ක්‍රිකට් විචාරකයෝ පවසති.

එම තරගාවලියේ වීරයා බවට රංගන හේරත් පත් වූ අතර එම තරගාවලියේදී පිතිකරුවෙකු ලෙස කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා දැක්වූ දක්ෂතා කැපී පෙණින.

ධනංජය ද සිල්වා ටෙස්ට් වරම් දිනා ගත්තේ මේ තරගාවලියේදීය.

නමුත් ශ්‍රී ලංකාව මෙවර තරගාවලියට එක්වන්නේ රංගන හේරත් නොමැතිවයි.

ඔහුගේ අඩුව පිරවීමේ වගකීම යොවුන් දඟ පන්දු යවන්නන්ට පැවරී තිබෙන බව ක්‍රිකට් විචාරකයෝ පෙන්වා දෙති.

පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගී වූ ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයගනු ලැබුවේ බංග්ලාදේශයට එරෙහිවයි.


ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්



ඔස්ට්‍රේලියාව මේ තරගාවලියට එක්වන්නේ ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම ලෙසයි.

නමුත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්හි පසුවන්නේ හත්වෙනි ස්ථානයේය.

මේ අනුව ඔස්ට්‍රේලියා ටෙස්ට් කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ඉතාමත් ඉදිරියෙන් පසුවන බව ජාත්‍යන්ත ක්‍රිකට් විචාරකයන්ගේ මතයයි.



කණ්ඩායමේ තොරතුරු:



අද ආරම්භවන තරගයේදී කණ්ඩායම් දෙකම දඟ පන්දු යවන්නන් කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ඇති අතර ශ්‍රී ලංකාව විශේෂඥ දඟ පන්දු යවන්නන් තිදෙනෙකු කැඳවීමට වැඩි ඉඩක් ඇති බවට ක්‍රිකට් විචාරකයින් පවසයි.

මේ අනුව ලසිත් ඇඹුල්දෙණිය, රමේෂ් මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩර්සේ කැඳවීමට නියමිත බව ඔවුහූ පැවසූහ.

ඔස්ට්‍රේලියාව හෙට තරගයට නේදන් ලයන් සහ මිට්චෙල් ස්වෙප්සන් කැඳවා දඟ පන්දු යැවීමේ බල ඇණිය ශක්තිමත් කිරීමට සුදානමින් සිටින බව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයින් පවසයි.


මාධ්‍ය හමුව:


"අපි හෙට තරගයට දොළොස් දෙනෙක් නම් කරලා තියනවා හැබැයි ක්‍රීඩා කරන 11දෙනා තවම තීරණය කරලා නෑ. මේ තණ තීරුව දඟ පන්දු යවන්නන්ට ලොකු සහයෝගයක් දෙයි කියලා අපි හිතනවා. බංගලාදේශ තරගාවලියේදී දක්ෂතා දැක්වුවත් ඔෂධ ප්‍රනාන්දුට මේ තරගය අහිමි වෙනවා, ඒ පැතුම් නිස්සංක කණ්ඩායමට පැමිණීම නිසා. මේ විදිහට කණ්ඩායමට පැමිණීමට තරගයක් තිබීම අපිට හොඳ තත්වයක්," යනුවෙන් හෙට තරගය පිළිබඳව ඊයේ ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පැවසීය.

පළමු ටෙස්ට් තරගය පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඕස්ට්‍රේලියා නායක පැට් කමින්ස් පැවසුවේ "මේ ගාල්ල තණ තීරුවේ ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරයි. අපි හුරු වී සිටින තත්ත්වයට වඩා මේ තණ තීරු ගොඩක් වෙනස්. අපේ මව්බිමෙන් පිට අපිට තියෙන අභියෝගය තමයි මේ. අපේ සුදානම හොඳ මට්ටමක තියනවා. ශ්‍රී ලංකාව එල්ල කරන අභියෝගයට මුහුණ දෙන්න අපි ලෑස්තියි."


අද තරගයට එක්වන කණ්ඩායම්:



ශ්‍රී ලංකාව :
 දිමුත් කරුණාරත්න(නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙනිය, අසිත ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩර්සේ.

ඕස්ට්‍රේලියා :
 පැට් කමින්ස්(නායක) ඩේවිඩ් වෝර්නර්, උස්මාන් කවාජා, මානස් ලබුස්ෂේන්, ස්ටීව් ස්මිත්, ට්‍රැවිස් හෙඩ්, කැමරොන් ග්‍රීන්, ඇලෙක්ස් කේරි, මිචෙල් ස්ටාක්, නේදන් ලයන් සහ මිට්චෙල් ස්වෙප්සන්.

දෙරට අතර දෙවන ටෙස්ට් තරගය ලබන 8වෙනිදා ගාල්ල ජාත්‍යන්ත ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීම ආරම්භ වීමට නියමිතයි.

 
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්