වයඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත්.කේ. ජයසිංහ යළි පත් කර ඇත.



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (29) පෙරවරුවේ ඊට අදාළ පත්වීම් ලිපිය ජයසිංහට භාරදෙනු ලැබීය.

උදිත් කේ. ජයසිංහ මීට පෙර 2020 වසරේ ඔක්තෝබර් මස සිට 2021 ජූනි මස දක්වා එම ධූරයේ කටයුතු කළ අතර, ඉන් අනතුරුව ඔහු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්ධුරයෙන් ඉවත් කෙරුණු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ, ගෝඨාභය රජයෙන් කඩිනමින් කාබනික පොහොර ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම ගැන පසුගිය කාලයේ අවස්ථා කිහිපයක දී ආන්දෝලනාත්මක අදහස් ඉදිරිපත් කළ අයෙකි.

ඉදිරියේ දී ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇතිවනු ඇතිය යන්න ඔහු  සිදුකළ වඩාත්ම ආන්දෝලනාත්මක ප්‍රකාශය යි.

පසුව ඔහු එම ලේකම් ‍ධූරයෙන් ඉවත් කෙරිණි.

 

udith 1

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ

 

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයසිංහ 1994 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයයෙන් පළමු පෙළ සාමර්ථයක් සහිතව කෘෂිකර්ම උපාධිය ලබා, ඉන්පසු කෘෂිකාර්මික ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කළේ ය.

ඔහු කැනඩාවේ ග්වෙල්ෆ් සරසවියෙන් ආහාර හා කෘෂි ආර්ථික ව්‍යාපාර පිළිබඳ ආචාර්ය උපාධිය ලබා අමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් සරසවියේ සහ ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියේ මහාචාර්යවරයෙකු ලෙස සේවය කරන අතර, මෙරට අධ්‍යාපන අමාත්‍යාංශයේ තත්ත්ව සහතික කිරීමේ උපදේශකවරයකු ලෙස ද සේවය කරයි.

එක්සත් රාජධානියේ මාණ්ඩලික හා අධ්‍යාපන සංවර්ධන සංගමය ඔහුට ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වයක් පිරිනමා ඇත.

ශ්‍රී ලංකා පාරිසරික වෘත්තිකයන්ගේ ආයතනය පිරිනමන "වරලත් පාරිසරික වෘත්තික", සහ අමෙරිකා එක්සත් ජනපදයේ සංවර්ධන සංවිධාන සඳහා ව්‍යාපෘති කළමනාකරණය පිරිනමන "සහතිකලත් සංවර්ධන ව්‍යාපෘති කළමනාකරු" යන සාමජිකත්වයන් ද ලැබූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයසිංහ ජාතික හා ජාත්‍යන්තර සංවිධාන 17ක ගෞරවනීය යාවජීව සාමාජිකයෙකි.


පොහොර අර්බුදය හමුවේ ආහාර හිඟයක් ගැන කළ අනතුරු ඇඟවීමක්


"යම් යම් තත්ත්වයන් තුළ ආහාරවල අඩුවීමක් තියෙන්න පුළුවන්. අපිට ඒක නැහැ යි කියන්න බැහැ. මං පිළිගන්නවා, මිළ අඩු කරන්න අපට මැදිහත් වෙන්න බැහැ. අපිට දුකක් තියෙනවා මේ තත්ත්වය ඇතිවුණේ ඇයි කියලා," මහාචාර්ය ජයසිංහ මිට මාස කිහිපයකට ඉහතදී කියා සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කාබනික පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ඉක්මන්වුණා වැඩිදැ යි මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා සඳහන් කළේ, "මේක ඉක්මන් වුණා වැඩියි" යනුවෙනි.

"ඉක්මන් වුණා වැඩියි කියන එකෙන් කියන් නැහැ අපි ගිය ගමන නරක යි කියලා. අපි නිකං හොඳම වාහනයක් අනවශ්‍ය විදිහට පාගලා, හයිස්පීඩ් ගිහිල්ලා හැප්පුණා වගේ වැඩක්. 100%ක් ස්වයංපෝෂිතව තිබ්බ වී වගාවක් 80% වගේ තැනක නවතින්න පුළුවන්. වරදක් වුණා නම් ඒක නිවැරදි කිරීම සඳහා තමා අපි ඉන්නේ. වරදින්න පුළුවන්. හැබැයි වරදේ එරිලා ඉන්නැතිව ගොඩ එන්න තමා අපි නිතරම උත්සහ කරන්නේ."

මහාචාර්ය ජයසිංහ ඇ.එ. ජනපදයේ මැසචුසෙට්ස් සරසවියේ ද, ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියේ ද මහාචාර්යවරයෙකු වෙයි.

IMG 9389


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්