රජයට අවශ්‍ය වන්නේ කුමන හෝ මුදලකට ඉන්ධන ලබාගෙන ජනතාවට බෙදාදීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.



ඉන්ධන අර්බුදය විසඳීම සඳහා ගෙන ඇති හදිසි ක්‍රියාමාර්ග ඇතුළු රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළේය.  

ඒ, අද (29) පස්වරුවේ පුවත්පත් කර්තෘවරුන් සහ රුපවාහිනි හා ගුවන් විදුලි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් අග්‍රාමාත්‍ය කාර්යාලයට කැඳවමිනි.

රටේ ඉන්ධනවල වත්මන් තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය උපදේශක සාගල රත්නායක මාධ්‍ය වෙත මෙහිදී කරුණු පැහැදිලි කළේය.

ජුලි 22 වැනි දින ප්‍රෙට්රල් තොගයක් දිවයිනට පැමිණිමට නියමිත බව ඔහු සඳහන් කළේය.

ඩීසල් නෞකාවකට ඇනවුමක් ලබා දී ඇති අතර ජුලි දෙවන සතිය වන විට එම නෞකාව ලංකාවට පැමිණෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

රජය ඉන්ධන නැව්ගත කිරීම් කල්තියා ලබා ගැනීමට ද උත්සාහ කරමින් සිටි නමුත් ඒවා තහවුරු කරන තුරු තොරතුරු නිකුත් නොකරන බව ඔහු පැහැදිලි කළේය.

ඩීසල් මෙට්ට්‍රික් ටොන් 38,000 ක් ලබාගැනීමට අද ඇණවුම් කළ බව ද සාගල රත්නායක පැවසිය.



ඉකුත් වසරේ අග භාගයේ දින 70 ක පමණ කාලයක් මෙරට මුහුදේ තිබූ ඉන්ධන නෞකාවක් ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් දිවයිනෙන් ගිය බවද සාගල රත්නායක එහිදී පැවසිය.


'' ණයවර ලිපිවලට අදාළ මෙරට රාජ්‍ය බැංකු සදහා ගෙවීමට ඇති මුළු මුදල ඩොලර් මිලියනයකට ආසන්න වනවා. ඊට අමතර ඛනිජ තෙල් සංස්ථාව ගෙවීමට ඇති මුදල ඩොලර් බිලියන 3 යි දශම 2 ක්. ඒ අනුව ඩීසල් මෙට්ට්‍රික් ටොන් 11,000 ක්, පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 5,000 ක්, දැවි තෙල් මෙට්ට්‍රික් ටොන් 30,000 ක් සහ භූමිතල් හා ගුවන් යානා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 800 ක් පමණක් තිබෙන බව සාගල රත්නායක සඳහන් කළේය.


අගමැතිවරයාගේ ස්ථාවරය !

ඉහළ යන උද්ධමනය කළමණාකරණය කිරීම සදහා මුදල් අච්චු ගැසීම ලබන වසරේ මුල සිට නතර කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී කියා සිටියේය.

වැට් සංශෝධනයේ ආදායම අගෝස්තු මාසයේ අපේක්‍ෂා කරන බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

 කෙසේවෙතත් රජයේ ආයතනවල ආදායම මාධ්‍ය ආයතනවල ආදායමට වඩා අඩු බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

ලබන මස අග වනවිට සංශෝධිත අයවැයක් ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරයා අපේක්‍ෂා කරයි.

ආර්ථික තත්ත්වය සහ ආර්ථිකය මෙම අවදානම් තත්ත්වයට පැමිණ ඇති ආකාරය පිළිබඳව ද අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්. සමරතුංග මාධ්‍ය ප්‍රධානින් වෙත කරුණු ගෙනහැර දැක්විය.

මේ වනවිට රට තුළ ප්‍රේෂණ ගලාඒමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවද ඔහු එහිදී පැවසිය.

{gallery}PM with Media{/gallery}


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්