ඉන්ධන නොමැති කමින් මුලතිව් ධිවරයන්ට සිය නිවෙස් තුළ කල් මරන්නට සිදුව තිබියදී පිට පළාත්වලින්

පැමිණෙන ධීවරයන් නීති විරෝධි ක්‍රම ඔස්සේ මුලතිව් මුහුදේ මසුන් මරන බවට චෝදනා නැගී තිබේ.

මුලතිව් දිස්ත්‍රික් ධීවර සංගමයේ නායක අරුල්නාදන් වින්සන්ති පෝල් චෝදනා කරන්නේ මහා පරිමාන පිටස්තර ව්‍යාපාරිකයන් විසින් වැඩි මිලට ඉන්ධන ලබාගෙන දකුණු පළාතේ ධිවරයන් යොදවා මෙලෙස මසුන් මැරීමේ නිරත වන බවයි.

"ගෑස් නෑ, කරන්ට් නෑ, භූමිතෙල් නෑ, පැට්‍රෝල් නෑ, ඩීසල් නෑ. මෙහෙම තියෙද්දිත් සමහර මුදලාලිලා අපේ ජාතිය විනාශ පිට පළාත් වලින් තෙල් ලීටරේ රුපියල් අටසීයට අරං ඇවිත් ඒ ගොල්ලන්ගේ රස්සාව කරගෙන යනවා."


සති තුනකට ආසන්න කාලයක් මුලතිව් ධිවරයන්ට ඉන්ධන නොලැබීම හේතුවෙන් ධිවර යාත්‍රා 1300 ක පමණ රැකියාවේ නිරත ධිවරයන්ට ආදායම් මාර්ග අහිමි වී ඇති බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ.



සිය ධිවරයන්ට අවශ්‍ය ඉන්ධන ලබා දෙන බවට ධිවර දෙපාර්තමේන්තුව පොරොන්දු ලබා දුන්නත් එය තවමත් ඉටුවී නොමැති බව පෙන්වා දෙන ධිවර සංගම් නායකයා චෝදනා කරන්නේ, තහනම් ක්‍රම භාවිතා කරමින් මුලතිව් මුහුදේ පිටස්තර පුද්ගලයන් මසුන් මැරීම සම්බන්ධයෙන් ධිවර දෙපාර්තමේන්තුවට මෙන්ම නාවික හමුදාව දැනුවත් කළද ඔවුන් එයට එරෙහිව මේ තාක් පියවර ගෙන නොමැති බවයි.

ජීවත් වීමට මුදලක් සොයා ගැනීම වෙනුවෙන් මසුන් මැරීමේ නිතරව සිටින ධිවරයන් සමග තමන් ගැටුමට නොයන බව අවධාරණය කරන අරුල්නාදන් වින්සන්ති පෝල් ධිවර සංගම් නායකයා පවසන්නේ තහනම් ආම්පන්න භාවිත කරමින් මසුන් මැරීමේ කටයුතු නවතා ලීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව හා ඔවුන් එලෙස යෙදවු මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට එරෙහිව  නීතිමය පියවර ගැනිම සම්බන්ධයෙන් මේ වන විට නීතිඥයන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

පිටස්තර ධිවරයන් රාත්‍රි කාලයේදී මුලතිව් මුහුදේ මසුන් මරන ආකාරය ජුනි 26 වැනිදා රාත්‍රියේදී පළාත් බද මාධ්‍යවේදීන්ට දැක බලා ගැනීමට අවස්ථාව උදා කර දීමටත් ධිවර සංගම් නායකයන් කටයුතු කර තිබුනි.


තෙල් එන දිනයක් තවම නෑ !

පවතින ඉන්ධන හිඟය හමුවේ ජුනි 27 වැනිදා  මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන නිකුත් කිරීම අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සිදුකිරීමට රජය  තීරණය  කළේය.

අත්‍යවශ්‍ය සේවා ලෙස නම්කර ඇත්තේ ප්‍රවාහන, සෞඛ්‍ය, ගුවන්තොටුපොළ, දුම්රිය, වරාය, ත්‍රිවිධ හමුදාව සහ කෘෂිකාර්මික ප්‍රවාහනය ආදී ක්ෂේත්‍රයන්ට අදාළ සේවාවන්ය.

ඒ අනුව මෙම තීරණය ලබන  ජුලි මස 10 වනදා දක්වා ක්‍රියාත්මක වේ.

ඉන්ධන නෞකාවක් යලි ශ්‍රී ලංකාවට පැමිණෙන දිනයක් පිළිබඳ රජය තවමත් දැනුම් දීමක් කර නොමැත.

 

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්