ගෝඨාබය රාජපක්ෂ යම් හෙයකින් ජයග්‍රහණය කලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලැබීමට පෙර 'පොහොට්ටු'
පක්ෂයට එක්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ඇමති තනතුරු අහිමිවීමේ තත්වයක් මතුව ඇත.
 
ශ්‍රීලනිපය හා 'පොහොට්ටුව' අතර පිහිටුවා ගැනීමට නියමිත සන්ධානය වෙනුවෙන් ඇති කරගත් එකගතාව අනුව සියයට 30ක් අවස්ථා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දිය යුතුය. එනම් මැති ඇමති තනතුරු ලබාදීමේදී සියයට 30ක් ශ්‍රීලනිපයට හිමිවිය යුතුය.
 
කෙසේවුවද එම සියයට 30 ඇමතිකම් පිරිනැමීමේදී ඊට සුදුසු පුද්ගලයින් නම් කරන්නේ ශ්‍රීලනිප නායකත්ව විසින් බවත්, මිට පෙර 'පොහොට්ටුවට' එක්වූ මන්ත්‍රීවරුට එම කෝටාවෙන් ඇමතිකම් නොදෙන බවත් එවැනි අයට ඇමතිකම් දීමට අවශ්‍ය නම්, පොහොට්ටුවේ කෝටා වෙන් ලබාදෙන ලෙසත් ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර විසින් පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ වෙත දැනුම් දී තිබී ඇත. 
 
ශ්‍රීලනිපය 'පොහොට්ටුව' සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ එයට එකඟතාවය පළකිරීමෙන් පසුවය.
 
මේ අනුව යම් හෙයකින් ගෝඨාබය ජයගත්ත ද එස්.බී. දිසානායක, සරත් අමුණුගම වැනි මන්ත්‍රීවරුන්ට ඇමතිකම් අහිමිවීමේ අවධානමක් පවතී.
 
මෙම තත්වය වාර්තාවීමත් සමග සරත් අමුණුගම ඇමතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී තමන්ට අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන්නැයි ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්