1200 x 80 DMirror

 
 

රටේ පවතින වත්මන් අර්බුදය විසඳීම සහ දිවයින පුරා පවතින පොදු මහජන අරගලයේ නිර්පාක්ෂික සංයුක්ත අරමුණු ජයග්‍රහණය කිරීම වෙනුවෙන් වූ

සර්වපාක්ෂික එකමුතුවක් සඳහා වන මූලික සාකච්ඡාවක් පෙරේදා (ජුනි 29දා) නාරාහේන්පිට ජානකී හෝටලයේදී පැවැත්විණි.

'සර්වපාක්ෂික අරගලකරුවෝ' සංවිධානයේ මැදිහත්වීමෙන් සංවිධානය කර තිබූ මෙම සාකච්ඡාවට විපක්ෂයේ දේශපාලන පක්ෂවල නියෝජිතයන් සහ ගෝල්ෆේස් අරගලයේ පාර්ශ්වකරුවන් වෙනුවෙන් සැලකිය යුතු පිරිසක් සහභාගි වී සිටියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ රෙජීමය බලයෙන් ඉවත් කිරීම සඳහා වන අරගලමය කාර්යයට සිය දායකත්වය ලබාදීමට සූදානම් බවත්, ඒ සඳහා අරගලකරුවන් සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බවටත් දේශපාලන පක්ෂ නියෝජිතයෝ එහිදී සඳහන් කළහ.

ඒ සඳහා වන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරි සංවාදයකදී පුළුල්ව සාකච්ඡා කොට තීරණයකට එළඹීමටද එහිදී තීරණය කෙරුණු අතර, විවිධ හේතු මත මූලික සාකච්ඡා සඳහා එක් නොවූ දේශපාලන පක්ෂ නියෝජිතයන්ද ඊට සම්බන්ධ කරගනිමින් වඩා පුළුල් මහජන විරෝධයක් ගොඩනැංවීම කෙරෙහිද එහිදී අවධානය යොමු කෙරිණි.

 

මේ අතර මෙම මූලික සාකච්ඡාවට සහභාගි නොවූ ජාතික ජනබලවේගයද මෙම සාකච්ඡා සම්බන්ධයෙන් සුබවාදීව බලන බවත්, ඉදිරියේදී මේ සම්බන්ධ සාකච්ඡාවලට සම්බන්ධවනු ඇති බවත් සර්වපාක්ෂික අරගලකරුවෝ සඳහන් කරති.

 

මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, දමිළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරමින් මනෝ ගනේශන්, පී. දිගම්බරම්, කඳුරට ජනතා පෙරමුණ වෙනුවෙන් වී. රාධක්‍රිෂ්ණන් සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් සහභාගි වී සිටියේය.

එමෙන්ම, සමගි ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක, බුද්ධික පතිරණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, පියංකර ජයරත්න, 43 සේනාංකයේ ප්‍රධානී, ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ⁣භාගි වූහ.

PHOTO 2022 07 01 10 46 45

PHOTO 2022 07 01 10 46 44

PHOTO 2022 07 01 10 46 44 1

PHOTO 2022 07 01 10 46 43 2

PHOTO 2022 07 01 10 46 43 1

PHOTO 2022 07 01 10 46 45 1


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58