රටත් ජනතාවත් තවදුරටත් අනාත නොකොට ගෝඨාභය රාජපක්ෂ වහාම ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා අවධාරණය කර සිටියි.

ඔහු එබව සඳහන් කර සිටියේ ජනහමුවක් අමතමිනි.

රටේ ආර්ථික තත්ත්වය දෙස බැලූ විට ආණ්ඩුවක් ලෙස ජනාධිපතිවරයා අසමත් වී ඇතැයි එහිදී පැවසු ඩිලාන් පෙරේරා, එහෙයින් ගෝඨාභය රාජපක්ෂ වහාම ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් පාර්ලිමේන්තුව හරහා වැඩබලන ජනාධිපති කෙනෙක් පත් කිරීමට කටයුතු කළ යුතු බවත් සඳහන් කළේය.

වැඩබලන ජනාධිපති හරහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගත යුතු බවටත් ඔහු යෝජනාකර සිටියි.

අගමැති ධුරයට පත් රනිල් වික්‍රමසිංහ පසුගිය සුමාන පහ තුළදීද රටේ අර්බුදය විසඳීම සඳහා ප්‍රගතියක් පෙන්වා නොමැත බවත්, සිදුව ඇත්තේ කබලෙන් ලිපට වැටීමක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් නව දේශපාලන සංධානයක් ගොඩනැගීම සඳහා ඩිලාන් පෙරේරා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා මේදිනවල අනෙකුත් දේශපාලන පක්ෂ හා සංවිධාන සමග සම්බන්ධිකරණ කාර්යභාරයක් සිදුකරමින් සිටිනබව වාර්තාවේ.


ඩිලාන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවට එසේ අවධාරණය කරමින් සිටින්නේ, තවදුරටත් රට අරාජික තත්ත්වයට පත් නොකර ජූලි මස 07 වන විට සිය ධූරයෙන් ඉවත්ව යන ලෙස දන්වමින් ‘භික්‍ෂු සංවිධාන එකමුතුව’‘භික්‍ෂු සංවිධාන එකමුතුව’ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත ලියුමක් මගින් දැනුම් දී ඇති පසුබිමක් තුලයි.


ජනපති – අගමැති එලවන්න පොහොට්ටුවෝ පිරිසකුත් එක් වේ !


මේවනවිට ජනාධිපති - අගමැති දෙදෙනාම පන්නා දැමීම සඳහා පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසකගේ ද සහය පලවෙමින් තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ජනාධිපති අගමැති දෙදෙනාම ඉවත් වී වැඩ බලන ජනාධිපතිවරයෙක් යටතේ කෙටි කාලයකට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත් කර ගැනීමට ඉඩ සලසා දෙන මෙන් ඉල්ලා සිටීමට ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිරිසක් හා විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇතැයි එම ආරංචිමාර්ග සඳහන් කරයි.

නිශ්චිත කාලසීමාවකට  පිහිටුවනු ලබන සර්ව පාක්ෂික ආණ්ඩුවට හවුල්වන සියලු දෙනාගේ සහභාගීත්වය යටතේ ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළකින් පසු මහ මැතිවරණයක් පවත්වා තමන් කැමති ආණ්ඩුවක් පිහිටුවා ගැනීම මෙහි අරමුණ වී ඇති බව මේ සම්බන්ධව කටයුතු කරන  මන්ත්‍රීවරු හා දේශපාලන පක්ෂවල පොදු එකඟතාවය වී තිබේ.

මහා සංඝරත්නය හා අනිකුත් ආගමික නායකතුමන්ලාගේ ද එකඟත්වය ඇතිව ඉදිරිපත් කරන මෙම යෝජනාවට ජනාධිපති හා අගමැතිවරයා එකඟ නොවන්නේ නම්  ඔවුන් එම ධුරවලින් ඉවත්වන තෙක් ජනතාව සමග එක්ව උද්ඝෝෂණ වැඩ වර්ජන ඇතුළු ප්‍රජාතන්ත්‍රීය ක්‍රියා මාර්ග රැසක් ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ ප්‍රකාශකයෙක් lankasara.com වෙත පවසා ඇත.

ජනතා විමුක්ති පෙරමුණ, සමගි ජන බලවේගය හා ඊට අනුබද්ධිත පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් මෙන්ම දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින මන්ත්‍රීවරු, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ගණනාවක් මෙම වැඩපිළිවෙළ සමග එක්ව සිටින බව එම මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

රට මුහුණ පා ඇති අර්බුදයට වත්මන් ජනාධිපති හෝ අගමැතිට විසඳුම් නැති බව මේ වනවිට ඔප්පු වී ඇති බවත් එවැනි පසුබිමක ඔවුන් තවදුරටත් තබා ගැනීමෙන් සිදුවන්නේ රට අගාධයට පත්වීම බවත් එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත.

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්