එළඹෙන සතිය පුරා එනම්, හෙට(4) සිට ජූලි 8 වැනිදා දක්වා දිවයිනේ සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු සතියක් ප්‍රකාශයට
පත්කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරින් හා නිලධාරින් සමග මීට ටික වේලාවකට පෙර (03) සූම් ඔස්සේ පැවැති සාකච්ඡාවකදි මෙම තීරණය ගෙන ඇත.
පසුගිය සති දෙක තුළ පාසල්වල විදුහල්පතිවරු, ගුරුවරු සහ සිසුන්ගේ පැමිණීමේ ප්‍රගති සමාලෝචනය කිරීමෙන් පසුව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ඉන්ධන බෙදාහැරීම පිළිබඳ දැනුම්දීමද සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.
මෙම සතිය තුළ දී අහිමි වන පාසල් කාලය ඉදිරි පාසල් නිවාඩු වාරයේ දී ආවරණය කිරීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
මෙම සතිය තුළ දී අහිමි වන පාසල් කාලය ඉදිරි පාසල් නිවාඩු වාරයේ දී ආවරණය කිරීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.