ආණ්ඩුව වෙනස් කර, සියලු දෙනා එක්ව නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින්

කරන ලදැයි කියන යෝජනාවක් හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම යෝජනාව වාසුදේව නානයක්කාර මන්ත්‍රීවරයා ඉකුත්දා වෙනම හමුවී දැනුම් දී ඇති අතර, වාසුදේව නානායක්කාර විසින් ඉකුත් අඟහරුවාදා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවැති හවුල් පක්ෂ නවයේ නායකයන්ගේ සාකච්ඡාවේදී නාමල්ගේ යෝජනාව පක්ෂ නායකයන් හමුවේ ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

එහිදී පක්ෂ නායකයින් සියලු දෙනා විසින් එම යෝජනාව දැඩිව ප්‍රතික්ෂේප කරනු ලැබූ බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී හවුල් පක්ෂවල නායකයන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ,මෙම අර්බුදයට රාජපක්ෂලා වගකිවයුතු බැවින් ,ඔවුන් සමග තවදුරටත් ආණ්ඩු කිරීමේ හැකියාවක් නොමැති බවය.

එබැවින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ මේ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොකිරීමට ද හවුල් පක්ෂවල නායකයන් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.



(lankadeepa.lk)

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්