මෙරටට මෙතෙක් ඉන්ධන සැපයූ සැපයුම්කරුවන් හත්දෙනාට ගෙවීමට තිබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 655ක හිඟ මුදල ගෙවන ආකාරය පිළිබඳ

සැලසුමක් (Payment plan) ඉදිරිපත් කරන තුරු තම සමාගම් වෙතින් තෙල් සැපයුමක් සිදුනොවනු ඇතැයි එම සැපයුම්කරුවන් රජයට දන්වා තිබේ.

මෙම ඩොලර් මිලියන 655ක මුදලින් ඩොලර් මිලියන 300ක් පමණ ගෙවීමට ඇත්තේ 'පෙට්‍රෝ ඩයිනා' සමාගමටය. ඊට අමතරව තවත් සැපයුම්කරුවන් හයදෙනෙක් ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීමේ නිරතව සිටිති. ඉතිරි හිඟ මුදල් ගෙවීමට ඇත්තේ එම සමාගම් හයටයි.

ණය පියවීමේ සැලසුමත් සමඟ ඉතා කුඩා වාරිකවලින් හෝ එකී හිඟ මුදල් පියවීමට රජය ප්‍රතිඥා දෙන්නේ නම් තෙල් සැපයුම නැවත ආරම්භ කිරීමට මෙම ජාත්‍යන්තර තෙල් සැපයුම්කරුවන් සූදානම් බව ඔවුන් රජයට දැනුම් දී තිබේ.


රජය සමාගම් හයකින් තෙල් ඉල්ලයි


මේ අතර විදේශීය නැව්වලට සහ දේශීය කර්මාන්ත ආයතනවලට ඩීසල් සපයන පෞද්ගලික සමාගම් හයකින් හදිසි අවශ්‍යතා සඳහා තෙල් මිලදී ගැනීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.

රජයේ විශේෂ බලපත්‍ර යටතේ මෙලෙස ඉන්ධන ආනයනය කරන ''බංකරින්'' සමාගම් වන්නේ ජෝන් කීල්ස්, හේලීස්, ඉන්දියන් ඔයිල් සමාගම, මැක්ලරන්ස් සමාගම, සිනොපැක් සමාගම සහ ඩෙල්මේජ් සමාගමය.

මේ වනවිට අදාළ සමාගම් සතු ගබඩාවල ඩීසල් මෙට්‍රික් ටොන් 15,000ක පමණ තොගයක් ගබඩා කර ඇතැයි වාර්තා වෙයි.

මෙම බංකරින් සමාගම් ඉන්ධන අලෙවියේදී ප්‍රමුඛතාව දෙන්නේ වරායට පැමිණෙන නැව් සඳහාය. ඩොලර් ගෙවා ඉන්ධන මිලදී ගත හැකි සෙසු දේශීය සමාගම්වලටද ඉන්ධන සැපයේ.

මෙම තෙල් මිලදී ගැනීමේ ආරම්භය ලෙස ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 7500 ක් ඩොලර් මිලියන 11ක් ගෙවා මිලදී දැනටමත් මිලදීගෙන තිබේ.


(deshaya.lk)

 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්