‘The Voice Teens Sri Lanka 2022’ කිරුළ බණ්ඩාරවෙල ප්‍රනීර්ෂා ත්‍යාගරාජා හිමි කර ගත්තා ය.

The Voice Teens Sri Lanka අවසන් මහා තරගය රත්මලාන, ස්ටයින් මැදිරි සංකීර්ණයේදී ඊයේ (03) පැවැත්විණ.

ක්ෂේත්‍රයේ ජනකාන්ත ප්‍රවීණයින් සිව් දෙනකුගේ පුහුණුවෙන්, නව යොවුන් හඬ පෞර්ෂ‍ 4 ක් ඊයේ රාත්‍රියේ එකම කිරුළක් උදෙසා තරග කළහ. එම තරගකරුවන් වූයේ බණ්ඩාරවෙලින් ආ ප්‍රනිර්ශා ත්‍යාගරාජා, කටුනේරියෙන් ආ සසිඳු රවීන්, මීගමුවෙන් ආ නවෝද්‍ය පෙරේරා සහ දියතලාවෙන් ආ රසාල් තේමින්දයි.


e211dd48 new project 2022 07 04t000728.811
මෙතරම් අසීරු හා අභියෝගාත්මක කාල සීමාවක කෙතරම් බාධක පැමිණිය ද අඛණ්ඩව මෙම වැඩසටහන ඉදිරියට රැගෙන ගියේ තරුණ තරුණියන්ගේ ජවය පෙන්වීමට වේදිකාවක් ලබාදීම සඳහා බව සංවිධායකයින් පවසයි.

ඊයේ තරගය එක් අයෙකු ජයග්‍රහණය කළත් මෙම අවස්ථාව හරහා ගොඩනැගුණ විශාල තරුණ තරුණියන් පිරිසක් හෙට දිනයේ ක්ෂේත්‍රයට පිවිසෙනු ඇතැයි සංවිධායකයින් විශ්වාසය පළකරයි.

  

 

291960084 874698873920924 5813134111729605764 n

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්