ප්‍රවීන රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි ගමන්ගත් කැබ් රථයේ ගැටුන වල් අලියා සෙවිම සදහා කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි වනජීවි සංරක්ෂණ
දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂක කාර්යාලයේ උසස් නිලධාරියෙකු lankadeepa.lk වෙත පවසා ඇත.
තලාව මොරගොඩ හතේ කණුව ආසන්නයේදි පෙරේදා (02) රාත්‍රි 10.30 ට පමණ ජැක්සන් ඇන්තනි ඇතුළු තිදෙනකු ගමන් ගනිමින් සිටි කැබ් රථයේ ගැටිමෙන් මෙම වල් අලියා වාහනයේ බොනට්ටුව මත දෙවරක්ම පතිතවිම නිසා වන අලියාද බරපතල තුවාල ලබන්නට ඇතැයි විශ්වාශ කරයි.
ඒ අනුව මෙම වන අලියා මොරගොඩ ප්‍රදේශයේ උලුක්කුලම, විරවැව ප්‍රදේශයේ සොයා බැලිම සදහා අනුරාධපුර හා තලාව කාර්යාලවල සේවයේ නිරත නිලධාරින් ගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් සෝදිසි මෙහෙයුමක නිරතව සිටිති.
වාහනයේ ගැටුන අලියා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් ලැබි නොමැති බවද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසිය.
අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ එම වන අලියා ජීවිතක්ෂයට පත් වී ඇති බවත් වනජීවි බ්ලොග් අඩවියක් පෙන්වා දී තිබුණේ මෙලෙසින්.
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.