වත්මන් ආණ්ඩුව යටතේ පසුගියදා සිදුවූ මහා ගෑස් වංචාව පිළිබදව ලිට්‍රෝ සමාගමෙන් හෙට

(05) දිනයේ කෝප් කමිටුවේදී විශේෂ ප්‍රශ්න කරනබව සජබ පාර්ලිමේන්තු එස්.එම්. මරික්කාර් පවසයි.


ඔහු එබව කියා සිටියේ අද (04) පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම ගෑස් වංචාව සම්බන්ධයෙන් වහාම ‌ලිට්‍රෝ ආයතනයේ සභාපතිවරයා සහ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවන ලෙස මරික්කාර් මන්ත්‍රීවරයා කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් වෙත ලිපියක්ද යොමු කොට තිබිණ.

මාධ්‍ය හමුවේදී  මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේ පැවසිය.

''මේ දිනවල ආන්දෝලනයට තුඩු දී තිබෙන ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වීමේදී සිදුවන නාස්තිය හෝ වංචාව පිළිබඳ නැවතත් කරුණු පැහැදිලි කිරීමක් කරන්න තමයි මේ මාධ්‍ය හමුව කැඳවූයේ. 

 
විශේෂයෙන්ම ජනතාව කබලෙන් ලිපට වැටිලා, විදුලිය නැතුව , ගෑස් නැතුව ,තෙල් නැතුව, බඩු මිල ඉහළ ගිහිල්ලා, ගමනක් බිමනක් යන්න බැරිව, ළමයින්ට ඉස්කෝලේ යන්න බැරිව, බෙහෙත් නැතුව, රැකියා කරගන්න බැරිව ඉන්න වෙලාවක, මේ සා විශාල අර්බුදයකට රට මුහුණ දීලා තියෙද්දි, ජනතාව පෝලිමේ තියෙන්නේ නැතුව ඉතා ඉක්මනින් ගෑස් ගෙන්වීමේ දී, මහබැංකු බැදුම්කරයටත් වඩා හොරාකෑමක් සිද්ධවෙන්න යනවා කියන එක තමා අපි හෙලිදරව් කලේ.

ඇත්තවශයෙන් ම මෙට්‍රික් ටොන් 280,000ක ටෙන්ඩරයක් ලිට්‍රො ගෑස් සමාගම ඇනවුම්කරලා, අප්‍රේල් 26 ඒක ඉවර කරලා, ඒ අනුව මුදල් අමාත්‍යාංශය මගින් කැබිනට් අනුමැතිය අරන් මැයි මාසේ 4 වැනිදා අඩුම ලංසුලාභි සමාගම වන siam gas trading company  නමට මෙට්‍රික් ටොන් එකකට CP + US$96 ට award කරන්න ඔන්න මෙන්න කියලා තිබුණේ.
 
 ඒ අනුව ජූලි පලමුවන දාට draft agreement  හදලා තියෙද්දි තමයි දෙවෙනි ලංසුලාභියාට, ඒ කියන්නේ CP + US$96  නෙමෙයි CP + US$129 ට මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලබා දෙන්නේ..


''ඩොලර් මිලියන 3.3 ට වැඩි නාස්තියක් හෝ දූෂණයක් හෝ වංචාවක් සිදු වෙනවා.''

ඉතාම පැහැදිලිව ඩොලර් මිලියන 3.3 ට වැඩි නාස්තියක් හෝ දූෂණයක් හෝ වංචාවක් සිදු වෙනවා. මට දැනෙන්නේ මේක හොරකමක් කියලා.

ඒ අනුව කෝප් කමිටු සාමාජිකයෙක් විදියට මම ඉතා පැහැදිලිව කියන්න ඕනෑ කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මැතිතුමාට මේ පිලිබද ලිඛිතව දැනුම් දීමක් කලා. මොකද මේ වගේ වැරදි වැඩක් වුනාට පස්සේ විමර්ශනය කරලා වැඩක් නෑ. වෙන්න කලින් ඒක වහලා ජනතාවට ඒ හරහා සිද්ද වෙන පාඩුව නවත්වා ගැනීම තමා අරමුණ..
 
අපිට ආරංචි විදියට දැනටමත් මේ ගිවිසුම විනිවිදභාවයකින් තොරව අත්සන් කරලා කියලා තමා ආරංචිය.


රටේ ජනතාවට ගෑස් ගෙන්වලා දෙන එක කඩාකප්පල් කරන්න අපිට කිසි උවමනාවක් නෑ. රටේ ජනතාවගේ ගෑස් අවශ්‍යතාවය සපුරාලන ගමන් මේ අර්බුදකාරී අවස්ථාව කලමණාකරනය කරන එක පාවිච්චි කරලා හොරකමක් හෝ නාස්තියක් සිදු කරන එක නවත්වන එක තමයි අපේ අරමුණ .


ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමතියි. හෙට ලිට්‍රො ගෑස් සමාගම සහ එහි නියෝජිතයන් කෝප් කමිටුව හමුවට කැදවන්න ලෑස්ති කරලා තියෙනවා. මේ පිලිබද විමර්ශනය කරලා තීරණයක් ගන්න ලෑස්තියි. දැන් මෙට්‍රික් ටොන් 280,000ක් ගේන්න ටෙන්ඩරයක් දාපු සමාගමකට, එහෙම හැකියාවක් තියෙන සමාගමකට මෙට්‍රික් ටොන් ලක්ෂයක් දෙන්න බැරිකමක් තියෙන්න බෑ.

තායිලන්තය base කරපු මේ විශාල සමාගම, අප දන්නා තරමට තායිලන්තයේ සිට බංග්ලාදේශයට, ත්‍රිකුණාමල වරාය හරහා, මෙට්‍රික් ටොන් 40,000 ක් පමණ ප්‍රමාණයකුත ඔවුන් ප්‍රවාහනය කරලා තියෙද්දි තමයි මේ සමාගමට මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලබා දීමේ හැකියාවක් නැහැ කියන් ප්‍රෝඩාව, තාක්ෂණික කරුණු පෙන්වමින් ලිට්‍රො සමාගම හරහා මේ වංචාව සිදු වෙන්න යන්නේ .

ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමතියි අර්බුදකාරී අවස්ථාවන් කලමණාකරනය මුවාවෙන් මේ රටේ මහජනතාවගේ ලේ, කදුලු, දහදිය මතින් හොරකම් කරන එක අපායට නෙමෙයි මං දන්නෙ නෑ කොහාට යන පවක් ද කියලා .


ඒ නිසා මේ දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් මේ වගේ මට්ටමකට අපේ රට පත්වෙලා තියෙද්දීත් හොරා කෑම නවත්වන්නේ නැත්නම්, මේවායින් පාඩම් ඉගෙන ගන්නෙ නැත්නම්, තවදුරටත් මේ හරහා හොරා කනවානම්, මේ ජනතාව පාරට බැහැපු එක හරි. ඉදිරියට ත් පාරට බැහැලා කරන ඕනෑම විප්ලවයක් සාධාරණීකරණය කරන්න වෙනවා කියන එකත් හරි .
 


දැන් මේ ඕමානයේ kq කියන සමාගම කාලාන්තරයක් තිස්සේ ලංකාවට ගෑස් supply  කරලා තියෙනවා . හිටපු සභාපතිවරු ඇවිල්ලා මේවායේ සිදු වන වංචා දූෂණ පිලිබද මාධ්‍ය හමු පවත්වා තියෙනවා. දැන් මේ ටෙන්ඩර් එක award කරලා  draft කරලා තියෙද්දි කැබිනට් අනුමැතිය අරන් තියෙද්දී ,අලුත් සභාපතිවරයෙක් අපු සැනින්ම, ඒ ටෙන්ඩර් එක ඩොලර් නෑ කියලා අවලංගු කරල , එම ටෙන්ඩර් පත්‍රිකාවේ ඉන්න ඊලග ලංසුලාභියාට දෙද්දි හොරකමක් සිද්ද වෙන්නේ නෑ කියලා කාටද කියන්න පුළුවන් .? වංචාවක් දූෂණයක් වෙන්නේ නෑ කියලා කාටද කියන්න පුළුවන් ?

ඒ නිසා ඩොලර් මිලියන 3.2 ක් කියන්නේ රුපියල් බිලියන 1.2 ට ආසන්න මුදලක්. ඒ නිසා මේ විදිහට හොරකම් කරන සියලු දෙනාම එලි කරන්න ඕන . මම කෝප් කමිටු සාමාජිකයෙක් විදියට කියන්න කැමතියි හෙට කෝප් කමිටුවේදී අපි දීර්ඝ වශයෙන්, පැහැදිලිව, මේ සියලු ලියකියවිලි මා ගාව තියෙනවා, අපි දිගටම අහනවා . මේක ජනතාවට හෙලි කරනවා.

ඒ වගේම සමහර අය කියනවා කෝප් කමිටුව විමර්ශනය කරනවා විතරයි, එතනින් එහාට මුකුත් වෙන්නේ නෑ කියලා. ඒ නිසා අපි සභාපතිතුමා එක්ක විශේෂ සාකච්ඡාවක් දාලා මේ විමර්ශන, නීතිපතිවරයාට හෝ අපරාධ පරීක්ෂණ අංශයට හෝ විගණකාධිපති හරහා හෝ නීතිමය ක්‍රියාමාර්ග අරගෙන වැරදි කරලා තියෙන රාජ්‍ය නිලධාරීන්ට ඒ වැරදි සම්බන්ධයෙන් ඊටත් එහා පරීක්ෂණ සිදු කරලා දඩුවම් ලබාදීමේ ක්‍රමවේදයක් හදන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරනවා.


ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමතියි මේ අපරාධය කරන්න එපා. අපි අග්‍රාමාත්‍යතුමාට පැහැදිලිව කියන්න කැමතියි මුදල් අමාත්‍යවරයා විදියට ඔබතුමා වගකියන්න ඕනෑ. ලිට්‍රො ආයතනය තියෙන්නේ ඔබතුමා යටතේ, සභාපතිවරයා පත්කරන්නෙ මුදල් අමාත්‍යාංශය, මේ ටෙන්ඩර් එකට අවසානයේදී කැබිනට් අනුමැතිය ගන්න ඉදිරිපත් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ කැබිනට් පත්‍රිකාවකින්. ඒ නිසා මෙහි වගකීම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට.
 


මේකෙ දූෂණයක් සිදු වෙනවානම්, නාස්තියක් සිදු වෙනවානම්, හොරකමක් සිද්ද වෙනවානම් බාරගන්න වෙනවා.

ගියපාර එතුමා අගමැති වෙච්ච ගමන්ම, මහ බැංකු බැඳුම්කර චෝදනා ආවා. මේ පාර අගමැති වෙච්ච ගමන් ඔන්න ගෑස් පිළිබඳ චෝදනාව එනවා.  

ඒ නිසා කරුණා කරලා තාමත් මේක නිවැරදි කරන්න අවස්ථාව තියෙනවා. මේ රටේ ජනතාවගේ මුදල් මේ හොරකම් කරන්නේ. ගෑස් ටෙන්ඩරය හරහා හොරකම් කරන එක නවත්ත ගන්න අවස්ථාව තියෙනවා. ඒක කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.''
 
 
 
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්