කෝප් ඉතිහාසයේ පළමු වතාවට පාඨලීගේ ඉල්ලීමෙන් ප්‍රගති සමාලෝචනයක්..


විගණනය පමණක් ප්‍රමාණවත් නෑ, සභාපතිලාගේ appraisal එකක් ප්‍රසිද්ධ කරන්න..


රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් විගණනය පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒවායේ ප්‍රගති සමාලෝචනයක් අත්‍යවශ්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ඊයේ (4) පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප් කමිටුව) හමුවේ කරුණු දක්වමින් ඔහු මේ බව අවධාරණය කළේය.

එම ප්‍රගති සමාලෝචනය පදනම් කොටගෙන අදාළ ආයතන සම්බන්ධයෙන් කෝප් කමිටුවේ නිර්දේශය සෘජුව ලබා දිය යුතු බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.


පාඨලී චම්පික රණවක විසින් මුලින්ම මෙවන් ප්‍රගති සමාලෝචන වාර්තාවක් සකස් කළ යුතුය යන්න කෝප් කමිටුව හමුවේ යෝජනා කළේ මින් සති 6 කට පමණ පෙරාතුවය. එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය ආයතන කිහිපයක විගණන කටයුතුවලින් පසු කෝප් කමිටුව හමුවේ ඔවුන්ගේ ප්‍රතිචාරය කෙසේ ද යන්න කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා විසින් ඊයේ හෙළිදරව් කළේ මෙසේය.

#  GSNMB ආයතනය 2021-02-23 වෙනිදා රැස් කරලා තියෙනවා. ඒකේ අපි තීරණ ගණනාවක් අරන් තියෙනවා. ඒ තීරණ වලින් තීරණ කිහිපයක්ම අපිට ලැබිලා නැහැ.

#  හද බිම අධිකාරිය සම්බන්ධව විමර්ශනයේ පොරොන්දු වූ වාර්තා අපිට ලැබිලා නෑ එකම එක වාර්තාවක් ඇර අනිත් සියල්ලම ලැබිලා නෑ.

#  Development Lotteries Board (සංවර්ධන ලොතරැයි මණ්ඩලය) විමර්ශනයේ නිර්දේශ නියෝග එකක්වත් තාම අපිට ලැබිලා නැහැ.

#  Marine Environmental Protection Authority (සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය) සම්බන්ධව ලබා දීපු නිර්දේශ වලත් සමහර වාර්තා ලැබී නැහැ.

#  විගණකාධිපතිවරයාගේ විශේෂ වාර්තාවක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව (Renewable energy sources) සම්බන්ධව ඉදිරිපත් කළා. එහි සමහර වාර්තා තවම ලැබී නැහැ.

# Building Material Corporation Ltd (ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව) සම්බන්ධයෙන් වාර්තා බොහෝ ඒවා ලැබී තියෙනවා.

# State Timber Corporation විසින් ඉදිරිපත් කළ යුතු වාර්තා තාම ලැබී නැහැ.

# Sri Lankan Airlines ආයතනය දෙවෙනි වතාවට අපි රැස් කෙරුවා. 2021-04-25 වෙනිදා. මේ ආයතනය නැවත වතාවක් තුන්වෙනි වතාවට අපි ජූලි මාසේ 25 වෙනිදට නම් කරලා තියෙනවා කැඳවන්න. ඒ ආයතනයෙන් ලබා දිය යුතු වාර්තා තුනක් ලැබී නැහැ.

# 2021-05-04 වෙනිදා මහජන බැංකුව විමර්ශනය සඳහා කැඳෙව්වා. මහජන බැංකුවේ වාර්තාවලත් අඩුවක් තියෙනවා.

# ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනය කැඳෙව්වා. මේ ආයතන දෙකම හෙට නැවත කැඳවන්න නියම කොට තියෙනවා. අලුත් තත්ව ගණනාවක් තියෙන නිසා. නමුත් ඒ අයගෙත් වාර්තාවල ගැටළුවක් තියෙනවා.

# මහ බැංකුව කැඳවා තියෙනවා. අපි මහ බැංකුව සම්බන්ධව විශේෂ තීරණයක් අරන් තියෙනවා.

sdfsdfe

වාර්තා සම්බන්ධව අපි කටයුතු කළ යුතු ආකාරය, කෝප් කමිටුව විසින් මතු කරන සමහර කරුණු ඉතාම වැදගත් නමුත් ඒ ඊළඟ පියවර පිළිබඳව ප්‍රශ්ණයක් තිබෙන බවත්, රටේ යම්කිසි සාකච්ඡාවක් තිබෙන බව කෝප් සභාපතිවරයා මෙහිදී පිළිගත්තේය. නෛතික ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් මේ විමර්ශනවල ප්‍රතිඵල ඵලදායකද යන්න ගැටළුවකි.


එහිදී අදහස් දැක්වූ රණවක මෙසේද සඳහන් කළේය.

“මෙවැනි ප්‍රගති සමාලෝචන වාර්තාවක් අප විසින් සකස් කළ යුතුයි කියලා මම තමයි යෝජනා කළේ මීට සති 6 කට කලින්. ඒ අනුව ඔබතුමා සහ අපේ කාර්ය මණ්ඩලය මේ වගේ ප්‍රගති සමාලෝචනයක් කිරීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. 

 
මේ ලබා දී තිබෙන වාර්තාවට අනුව කෝප් කමිටුව විසින් විවිධ නියෝග, විවිධ ඉල්ලීම්, ආසන්නයෙන් මේ ආයතන වලින් 157 ක් ඉල්ලා තියෙනවා නමුත් ප්‍රතිඵලදායක ලෙස ප්‍රතිචාර දක්වලා තියෙන්නේ 11 යි. 99කම කිසිම විදියකට ප්‍රතිචාරයක් දක්වා නැහැ ඒ නිශ්චිත කාලය තුළ. සමහර ආයතන කිසිම දෙයක් කරලා නෑ. Building Material Corporation (ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව) විතරයි ධනාත්මකව මේ ආයතනයට හා පාර්ලිමේන්තුවට ගරු කරලා, ප්‍රතිචාර දක්වා තියෙන්නේ.”


විශේෂයෙන්ම මහ බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව, ලංකා විදුලිබල මණ්ඩලය හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලිට්රෝ ගෑස් සම්බන්ධයෙන් කෝප් කමිටුවේ බරපතල කතා බහට ලක්ව තිබේ. නියෝග පිළිනොපැදීමේ ගැටලුව මත තව තව රටේ ප්‍රශ්න උග්‍ර වෙමින් පවතින බව ද රණවක පෙන්වා දුන්නේය.


“සභාපතිතුමාලා මෙතෙන්ට ඇවිල්ලා යම් යම් ආකාරයේ අපට පොරොන්දු දෙනවා. දීලා ගිහිල්ලා වෙන ඒවා වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට මීට ප්‍රථම අවසාන වතාවට මෙතෙන්ට ආව අවස්ථාවේ ලිට්රෝ සභාපතිතුමා කිව්වා ඉන්දියානු ණයවර ගනුදෙනුව යටතේ ගෑස් ගෙන්නන්න කටයුතු කරනවා කියලා. දැන් ඉන්දියානු ණයවර යටතේ ගෙන්වීමක් සිද්ධ වෙලා නැහැ.
 
 ඒ නිසා දැන් ප්‍රශ්ණයක් රටේ ජනනය වෙලා තියෙනවා. ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලනවා, මම හිතන්නේ අපි කමිටුවක් හැටියට, රටේ තියෙන වර්තමාන තත්ත්වයත් සැලකිල්ලට අරගෙන, මේ විදිහට මඟ ඇරලා ඉන්න සභාපතිවරු, ලේකම්වරු සහ අමාත්‍යංශ ලේකම්වරු සම්බන්ධයෙන් යම් ආකාරයක දැඩිව පියවර ගැනීමක් සිද්ධ විය යුතුයි.”

පාර්ලිමේන්තුවට මුල්‍ය බලතල ලබා දී තිබෙන්නේ මේ සම්බන්ධයෙන් පසු විපරමක් කිරීම සඳහා යි.


“පාර්ලිමේන්තුවට දැනුවත් කිරීමක් කරලා හෝ කථානායකතුමා එක්ක කතා කරලා මේ තොරතුරු ලබා නොදෙන සභාපතිවරු සම්බන්ධයෙන් කටයුතු කළේ නැත්නම් අපි මේ සභාව ඔබතුමා ඇතුළු අපේ මේ සභාව නිකන් මේ දූෂණ හෙළි කරලා මේ පොඩි ප්‍රචාරයක් ලබාගන්න කණ්ඩායමක් බවට පත් වෙලා අවසානයේ අපට මහජන විරෝධයක් එල්ල වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා යම් ප්‍රතිඵලයක් ලබා දිය යුතුමයි. ඒ කියන්නේ යම් දෙයක් deliver කරන්නම ඕනෑ අපි. මේ රටට මේ මොහොතේ මේ අවශ්‍යතාවය ඒකයි.


මහ බැංකුව සම්බන්ධයෙන් දැන් දැනට වාර්තා තුනයි තියෙන්නේ. වාර්තා තුනම fiscal operation එකට සම්බන්ධ වාර්තා. මහ බැංකුව කියන්නේ monetary operation එක බලන එකක්. එක බලන්නේ භාණ්ඩාගාරයෙන්. ඒ නිසා fiscal operation එක සම්බන්ධයෙන් ඒවා තුනක් අපි ඉල්ලලා තියෙනවා.

නමුත් මොනිටරි ඔපරේෂන් එක සම්බන්ධයෙන් මම ඉල්ලුවා එදා ඔබතුමාටත් මතක ඇති අයි. එම්. එෆ් ආයතනය ණය sustainable නෑ කියලා 2020 මාර්තු මාසේ ලබා දීපු අවවාදය කවදද ලබා දුන්නේ? ඒක ලිඛිතව අපිට ලබා දෙන්න. සහ ඒක නොතකා හැරියේ ඇයි කියන එක සම්බන්ධයෙන් ගන්න ඕනේ.

මොකද අද අපි බංකොලොත් රටක්. ඒ නිසා ඒකෙ වගකීම monetary policy එක මෙහෙයවූ අය ගත යුතුයි. ඊළඟට ඔවුන් කැඳවද්දී ඒ සමස්ථ කාරණා වාර්තා ඇතුව එන්න ඕනේ.


අනිත් එක දැන් මෙතන වෙන දේ දැන් හෙට ලිට්රෝ කැදෙව්වහම අලුත් සභාපතිතුමා කියයි මගේ කාලේ නෙවෙයි මේක වුනේ. මම දන්නේ නැහැ. ඒ ආදී වශයෙන්. ඒ නිසා කැඳවනවා නම් අර කවුද ඒ ඔය කාරණා එක්ක ආපු සියලුම සභාපතිතුමාලට මෙතෙන්ට එන්න කියන්න. පරණ සභාපති දැන් ඊළඟ කලින් සභාපතිත් ගන්න ඕනේ. ඊට කලින් සභාපති තමයි Term tender එක නැවැත්තුවේ.
 


මම යෝජනා කරනවා, සෑම මසකම, අඩු ම ගානේ ඔබතුමා පැයක් මේ කණ්ඩායමත් එක්ක ප්‍රගති සමාලෝචනයට වැය කරලා, ඒ ප්‍රගති සමාලෝචනයෙන් එන ප්‍රතිඵලය ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් අපිට එන්න ඕනේ. ඇත්ත වශයෙන්ම හරි නම් අපි කෝප් එකෙන්, මම යෝජනා කරනවා, මේ සභාපතිලා සම්බන්ධ Appraisal එකක් Score එකක් හදලා ප්‍රසිද්ධ කරන්න ඕනේ. ලෝකයේ පවතින යම් විද්යානුකූල ක්‍රමවේදයක් අනුව ප්‍රසිද්ධ කරන්න ඕනේ.  එතකොට තමයි ඒගොල්ලොත් දැනගන්නේ මේ කවුරුහරි අපි දිහා බලන් ඉන්නවා අපිට තනියෙන් හිතුමතේට වැඩ කරන්න බැහැ කියලා.”

2017-18  කාලයේ විදේශ ආධාරයෙන් ගෙනාවා විගණකාධිපතිවරයා ද එකතු කරගෙන ආයතන Appraise කරන්න ක්‍රමයක් Parameters දොළහක් එක්ක කරා. අපේ අමාත්යංශය තමයි ඒකෙන් අංක එකට ආවේ. ඒ වගේ ක්‍රමවේදයක් ඔබතුමා විසින් යෝජනා කරලා රාජ්‍ය ආයතන 400 ගණනේම Appraisal එක Scoring එක ලබා දෙන්න ඕනේ. සමහර සභාපති සහ ඒ කණ්ඩායම් සම්බන්ධයෙන් අපේ යෝජනාව අපේ නිර්දේශය සෘජුව ලබා දෙන්න ඕනේ. නැත්නම් මේක නිකන් මාධ්‍ය සංදර්ශනයක්.
 
 
 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්