දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ධුරයෙන් ක්‍රිෂාලි මුතුකුමාරණ වහාම

ක්‍රියාත්මක වන පරිදි ඉවත්කර රාජපක්ෂ පවුලේ ලඟම ඥාතියකු වන අරුණ ගුණරත්න පත්කර ඇතැයි වාර්තාවේ.

ක්‍රිෂාලි මුතුකුමාරණ දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කල අයකු වන අතර අවස්ථා දෙකකදී දික්වැල්ල ප්‍රාදේශීය සභාව ලංකාවේ හොඳම පළාත් පාලන ආයතනය ලෙස වාර්තාගත ජයග්‍රහණයක් අත්කර දුන් ප්‍රාදේශීය වශයෙන් ජනප්‍රිය දේශපාලන චරිතයකි.

පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ නොකළ ක්‍රිෂාලි මුතුකුමාරණ, දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ධුරයට නිර්දේශකර තිබුනේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසිනි. එසේම, ඔහුව එම සභාපති ධුරයට පත්කිරීම සඳහා අමාත්‍ය කාංචන විජේසේකර ද සහය දක්වා තිබිණ.



පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වුවද, තම හිතමිත්‍ර දකුණේ ආණ්ඩුකාර විලි ගමගේ හා ඥාති පුත් නිපුන රණවක මන්ත්‍රීවරයා හරහා මේවනවිටත් මාතර දිස්ත්‍රීක්කයේ දේශපාලනය මෙහෙයවනු ලබන්නේ බැසිල් රාජපක්ෂයි.



15457අප වෙත වාර්තා වන අකාරයට පසුගියදා දකුණේ ආණ්ඩුකාරවරයාට දැනුම්දීමක් කර ඇති බැසිල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම හා කාංචන විජේසේකරගේ නිර්දේශ මත දකුණු පළාත් සභාව තුළ තනතුරුවලට පත්කර ඇති සියලු දෙනා වහාම ඉවත්කරන්නැයි දැනුම්දීමක් කර තිබේ.

දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ධුරයෙන් ඉවත්වන්නැයි ක්‍රිෂාලි මුතුකුමාරණට දැනුම්දී ඇත්තේ ඒ අනුවය.

මෙහි විශේෂ කාරණය වන්නේ ක්‍රිෂාලි මුතුකුමාරණ ඉවත්කර එම සභාපති ධුරයට බැසිල් රාජපක්ෂගේ සමීපතම ඥාතියකු වන අරුණ ගුණරත්න පත්කිරීමට කටයුතු කර තිබීමයි. ඔහු දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි.

ප්‍රාදේශීයවාදී කුල පදනමින් බැසිල් රාජපක්ෂ මෙවැනි තීන්දුවක් ගෙන ඇතැයි මාතර දිස්ත්‍රීක්කයේ රාවයක් පැතිරයමින් තිබුනද දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ, ඩලස් අලහප්පෙරුම පසුගියදා බැසිල් රාජපක්ෂව දේශපාලනිකව විවේචනය කර තිබු නිසා ඊට එකට එක කිරීමක් ලෙස මෙවැනි පියවරක් ගෙන ඇති බවයි.

පසුගිය මහ මැතිවරණයේදී ඩලස් අලහප්පෙරුම හා කාංචන විජේසේකර පරාජය කිරීමේ අරමුණින් බැසිල් රාජපක්ෂ විසින් දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණ.



 

  


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්