කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 


පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පිරිස අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 4 දෙනෙකු සිටින බව ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නිල නිවසින් එළියට පැමිණෙන ලෙස බල කරමින් ජනාධිපති මන්දිරය ඉදිරිපිට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක නිරත විය.

ජනාධිපති මන්දිරයට ප්‍රවේශ වන මාර්ගයේ යොදා ඇති මාර්ග බාධක ඉවත් කරමින් ඇය ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට උත්සහ කිරීමේදී එහි සිටින ආරක්ෂක නිලධාරීන් ජනාධිපති මන්දිරයට ඇතුළු වන ගේට්ටුව වසා දැමීමට කටයුතු කළ අතර පසුව ඇය ඇතුළු පිරිස ගේට්ටුව ඉදිරිපිට ජනාධිපතිවරයා පැමිණෙන තෙක් රැඳී සිටින බවට පවසමින් එම ස්ථානයේ සිට මහ ජනතාවට ද එම ස්ථානයට පැමිණෙන ලෙසට ඉල්ලීමක් කළා ය.



 
 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්