වරාය හා ගුවන් සේවා අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිමල් සිරිපාල ද සිල්වාට උපදෙස් දී ඇත.
ගුවන් සේවා අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී නැගු චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන තුරු අමාත්‍යධූරයෙන් තාවකාලිකව ඉවත් වන ලෙස ජනාධිපතිවරයා ඔහුට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මෙම චෝදනාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර ඇති අතර, පරීක්ෂණ කටයුතු නිමවන තෙක් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත් වීමට නිමල් සිරිපාල ද සිල්වා කටයුතු කරනු ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
මේ අතර වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පැවසුයේ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සිය තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වනබව දැනුම්දීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර තිබු බවයි.
අදාල ලිපිය පහත පළවේ.
සබැඳි පුවත් :
බරපතල මුල්‍ය චෝදනාවක් !- සිරිපාලට යන්න වෙයිද ?